චම්පික අසනීපව රෝහලේ.. රාජගරියේ ඇක්සිඩන්ට් නඩුවට එන්න බැරිවෙයි..

January 11, 2022 at 6:20 pm | lanka C news
චම්පික අසනීපව රෝහලේ.. රාජගරියේ ඇක්සිඩන්ට් නඩුවට එන්න බැරිවෙයි..

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා;

“අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා එදින රාත්‍රියේම. එතුමාව අධීක්ෂණය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන මහතා. ඔහු විසින් ඉතාම පැහැදිලිව වෛද්‍ය වාර්තාවක් ලබා දීමක් සිදු කළා එතුමාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඒ වගේම අපිට කියන්න ඕනේ මුල ඉදන්ම කිසිම අවස්ථාවක පාඨලී චම්පික රණවක ඇමතිතුමා නඩු සම්බන්ධයෙන් හෝ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ මග හැරීමක් කිසිදු අවස්ථාවක කළේ නෑ. පසුගිය වසරේ සිදු කළ අත්අඩංගුවට ගැනීම ඔබ දන්නවා; පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට හෝ කථානායකතුමාට දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ මධ්‍යම රාත්‍රියේ කඩා වැදිලා ගෙදරට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් කරන්නෙ. පැහැදිලිව එතුමාගේ වටේ හිටිය රියදුරන්ට සහ සියලුම තත්ත්වයේ පුද්ගලයන්ට පොලිසිය විසින් ඒ අවස්ථාවේදී යම් යම් බලපෑමෙන් කරමින් සිටියේ. ඒ නිසා අපි දන්නවා මේක දේශපාලන වශයෙන් වූ කරන්නා වූ චෝදනාවක්. ඒ වගේම ඒ තත්ත්වයන් මත අපි කියා සිටින්නේ අපිට ජනතාවට මේ සම්බන්ධයෙන් වූ කරුණු දැක්වීමක් කරන්න තිබෙනවා.”

මේ නඩුව අසන සෑම අවස්ථාවකදීම සමහර රාජපක්ෂවාදී, හෝ තම හාම්පුතාගේ බසට කටයුතු කරන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කීපයක් විසින් නඩුව සම්බන්ධ කරුණු තමන්ට අවශ්‍ය ආකාරයට වැරදි අදහසක් ලබාදෙන ආකාරයට ප්‍රකාශයට පත් කරන බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

“ඊයේ දින අභියාචනාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් මව්බිම ආයතනය අද දින වාර්තා කරලා තියෙන වාර්තාකරණය ඉතාම පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවිකයි. යම් කෙනෙක් වාර්තා කිරීමක් කරනවා නම්, එය සමස්තයක් විදියට සියලුම කාරණා වාර්තාගත කරන්න ඕනේ. තෝරා ගැනීම හෝ ඒ අදහස ලබා ගැනීම ග්‍රාහකයා සතු වගකීමක්. ඒ නිසා මාධ්‍ය තමන්ගේ අරමුණ සඳහා වූ ඒ කරන ක්‍රියාවලිය පිළිබඳ අපි මහජනතාවගෙන් අයැද සිටිනවා. ඔබ පැහැදිලිව මේ සම්බන්ධයෙන් වූ දෑස් දල්වගෙන බලන් ඉන්න මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.

තමන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි ලෙස විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අපේ ස්ථාවරය වන්නේ මේ මුල් අවස්ථාවේ අසා නිම කළ නඩුවක්. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා නැවත අසා නිම කරන්න. මොකද නීතියේ සිද්ධාන්තයන් තිබෙනවා එක් අවස්ථාවකදී දඬුවම් කරන නඩුවකට පුද්ගලයෙක්ට නැවත දඬුවම් කරන්න බෑ කියලා. ඒ නිසා තමයි අපි අභියාචනාධිකරණයට ගියේ. අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමක් කරන්නෙ නෑ. දෙපාර්ශවයේම කරුණු ඇහුම්කන් දීමකින් පසුව තමයි අභියාචනාධිකරණය තීන්දු කරන්නේ. ඒ නිසා අපේ කරුණු දැක්වීම අපි සිදු කරා. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මැතිතුමා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ කරුණු දැක්වීම ඉදිරියට කිරීමට අපේක්ෂා කරන බවත්, ඔවුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවත් දක්වා සිටියා.

මහජනතාවට අපි ප්‍රකාශ කරන්නේ ඒකපාර්ශිකව මේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න. මහජනතාවගේ සේවකයෙක් විදිහට අවුරුදු 12 ක කාලයක් අපගේ සේවාදායකයා කැබිනට් ඇමතිකම් කරලා තියෙනවා, විශාල බලතල සහිත අමාත්‍යාංශ කරලා තියෙනවා, සත පහක් වංචා කළා හෝ දුෂණයක් කළා කියලා චෝදනාවක් නැහැ, මහ ජනතාවගේ වරම පාවලා දිලා මහජනතාවට වෙනත් විදිහට කටයුතු කරන දේශපාලඥයෙක් නෙමෙයි චම්පික රණවක මැතිතුමා.

නීතියේ ආධිපත්‍යය ගරු කරන පුරවැසියෙක් ලෙස චම්පික රණවක මහතා මේ වන විට ලංකා රෝහලේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුව ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු අනෙක් සියළු වෛද්‍ය වාර්තා නිකුත් කෙරෙනු ඇත.

“අධිකරණය විසින් අද යම් යම් ආයතනයන් වලට සහ විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරයාට නියමයක් කළා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බලලා වාර්තාවක් අධිකරණයට.  සති 2 කින් ලබා දෙන්න කියලා. අපි ඉතාම සතුටට පත්වෙනවා. මොකද අපිටත් ඕනේ අපි කිව්ව කාරණාව සත්‍ය බව දන්වා සිටින්න.”

අධිකරණය ඉදිරියේ අවශ්‍ය අවස්ථාවල දී පෙනී සිටි වගකිවයුතු පුරවැසියෙක් ලෙස කටයුතු කර ඇති රණවක මහතාට ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙසේ අධිකරණයට පැමිණිය නොහැකි වූවා මිස ඔහුගේ දේශපාලන කටයුත්තට හෝ ඔහුගේ අනාගත අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙහි කිසිදු බලපෑමක් නොවන බවත්; තමන් සෘජුවම අධිකරණය ඉදිරියේ පෙනී සිට තම සේවාදායකයාගේ නිර්දොෂීභාවය ඔප්පු කරන බවත් නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කළේය.

– media unit

38,025 views

36 Comments to “චම්පික අසනීපව රෝහලේ.. රාජගරියේ ඇක්සිඩන්ට් නඩුවට එන්න බැරිවෙයි..”

  1. බයිසන් says:

    කොල්ලා ඌට කොන්ට්‍රෝල් කරගන්න බැරි තඩි බයික් එකකින් පැයට කිලෝමීටර් 120 විතර ඇවිත් ජීප් එකේ පිටිපස්සේ වම් පැත්තට ඇනලා තුවාල කරගත්තාට චම්පික මොනවා කරන්නද?.

    • බන්ඩා says:

      ට්‍රැෆික් නඩු⁣ව නෙමෙය් සෙල්ලම ඇක්සිඩන්ට් එක ගැන බොරැ වාර්තා කරන්න පොලීසියට බලපෑම් කලාටය් නඩුව. අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් සහිතව හිරේ තමය්.

    • Ranjith says:

      එහෙනම් මොකටද පැනල ගිහින් ඩ්‍රයිවර් වාහනය අරන් ගියා ඒත් එක්කම මගේ ෆෝන් ඒකත් අරන් ගියා කියලා පොලිසියේ අය එක්ක බොරු වාර්තා දාලා පුජිත ලව්වා පාර දිගේ cctv මකලා දැම්මේ. ඊට පස්සේ පුජිතට පොලිස් පති කම දුන්නේ කවුද?. එයා බබානේ

      • බයිසන් says:

        චම්පිකට නඩු වැටෙන එකෙන් බේරෙන්න තමයි පොලිසියෙන් ඔය සේරම වෙනස්කම් කරල තියෙන්නෙ. තමන් වාහනය පැදෙව්වා කියල ඉදිරිපත් වුණා නම් ඔය නඩුව මෙච්චර දුරදිග යන්නෙ නැහැ. උසාවියට බොරු කීව නිසා දඬුවමක් ලැබෙයි.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      දැන් මූ දැකල තියෙනවනෙ මුලු ඇක්සිඩන්ට් එක සම්පූර්ණයෙන්ම.ඇයි මූව අරන් ගිහිල්ල ප්‍රශ්ණ කරන්නෙ නැත්තෙ.මූ පචයගෙ හොර ෂොට් එකක් නිසාද​?

    • MD says:

      ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔයා ලැජ්ජ වෙන්න ඕනේ ඔහොම තකතීරු තක්කඩි දේශපාලුවන්ට වචනයකින් හරි උදව් කිරීම ගැන.බොහොම කනගාටුයි.

    • NAK says:

      උෟට බිත්තර කටුවක් හොයල දීපිය හැංගෙන්න !

  2. චන්ද දායක says:

    ලොකු ලොකු ඇත්තො, ලොකු වැරදි ,ලොකු ලොකු ලෝයර් ලා එක්ක පොඩි විදියට විසඳා ගනීවි.අපි බලාන ඉමු .

  3. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටු ආණ්ඩුව වට්ටන්න බරි බව දැනගෙන මූ මර බියේ වෙව්ලනව.

  4. මෝ says:

    මෙයා හොර ගමනක් ගිහින් ආත බූත,කඩාගෙන මහපාරට දාල,තමයි මෝටසයිකලේ හප්පලා තියෙන්නෙදැන් බොරු ලෙඩක් ගන්න ඇති මොකද හිරේ දාන්න තීන්දු වෙලා ඇති.ඒ වගේම බොරු ඩ්‍රයිවර්ල දාලා සීසීටීවී මකල කරපු බොරුවට බඩුම තමයි.

  5. R. Karu says:

    ඇත්ත අසනීපයක් බි.ඩී.එස්.එම් ඔය වයසට ඔරොත්තු දෙන්නේ නැහැ. එකයි වකුගඩු අමාරුව. හුස්ම ගන්න බැරි බයට හිරේ දායි කියල. නැතුව දවල් හොදට හිටිය එකා රෑට හමකුත් ඇදලා රෝහල් ගත උනේ මහා රැ එකයි. අපරාදේ සල්ලි හිගන්නෙකුට බත් වේලක් දුන්න නම් කොරෝනා හැදිලා අපායට යන්න ඉස්සෙල්ල පිනක් වත් ලැබෙනවා. ඔන්න අනාගත ජනාධිපති වෙන්න හීන දකින උන්ගේ වැඩ.

  6. vis8 says:

    අනේ මේ පච ඔලුවේ මවවාගන්න පොන්නයට අමුඩේ ____ යනවා වගේ … 🙂

  7. මූට තියෙන ලෙඩේ හොයා ගත්තොත් වෛද්‍ය විද්‍යාවට අදාල නොබෙල් තෑග්ග දිනන්න පුලුවන්.

  8. MD says:

    කෝ අර හැම දේටම කට අතයි උල් කරගන්න ජෙප්පෝ ප්ලැකනිල් කල්ලිය මේවා ඇහෙන්නේ නැද්ද?ඔක්කොම හොරු

  9. REAL MAN says:

    වීරයා මැරිලා….
    අවජාතක පක්කිලි පාදඩයෙක් …..
    මූසල පූසිගෙ වෙතා…..
    පෝස්ටර් පෝතකයා …..මූට පාචනය වෙන්ඩෑ….

  10. ලප කුමාර says:

    මේ වගේ කාලකන්නි බල්ලන් රටටම බරක්. මුන්ට දෙන්න තියෙන බරපතළම දඬුවම දෙන්න ඕනෑ. වනචර කමේ ගිහින් එනකොට තරුණ ජීවිතයක් නැති කරන්න ගිහින් බොරු සාක්ෂි දුන්නාට දැන් විඳවාපන්.

Main News