චම්පික අසනීපව රෝහලේ.. රාජගරියේ ඇක්සිඩන්ට් නඩුවට එන්න බැරිවෙයි..

January 11, 2022 at 6:20 pm | lanka C news
චම්පික අසනීපව රෝහලේ.. රාජගරියේ ඇක්සිඩන්ට් නඩුවට එන්න බැරිවෙයි..

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා;

“අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා එදින රාත්‍රියේම. එතුමාව අධීක්ෂණය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන මහතා. ඔහු විසින් ඉතාම පැහැදිලිව වෛද්‍ය වාර්තාවක් ලබා දීමක් සිදු කළා එතුමාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඒ වගේම අපිට කියන්න ඕනේ මුල ඉදන්ම කිසිම අවස්ථාවක පාඨලී චම්පික රණවක ඇමතිතුමා නඩු සම්බන්ධයෙන් හෝ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ මග හැරීමක් කිසිදු අවස්ථාවක කළේ නෑ. පසුගිය වසරේ සිදු කළ අත්අඩංගුවට ගැනීම ඔබ දන්නවා; පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට හෝ කථානායකතුමාට දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ මධ්‍යම රාත්‍රියේ කඩා වැදිලා ගෙදරට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් කරන්නෙ. පැහැදිලිව එතුමාගේ වටේ හිටිය රියදුරන්ට සහ සියලුම තත්ත්වයේ පුද්ගලයන්ට පොලිසිය විසින් ඒ අවස්ථාවේදී යම් යම් බලපෑමෙන් කරමින් සිටියේ. ඒ නිසා අපි දන්නවා මේක දේශපාලන වශයෙන් වූ කරන්නා වූ චෝදනාවක්. ඒ වගේම ඒ තත්ත්වයන් මත අපි කියා සිටින්නේ අපිට ජනතාවට මේ සම්බන්ධයෙන් වූ කරුණු දැක්වීමක් කරන්න තිබෙනවා.”

මේ නඩුව අසන සෑම අවස්ථාවකදීම සමහර රාජපක්ෂවාදී, හෝ තම හාම්පුතාගේ බසට කටයුතු කරන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කීපයක් විසින් නඩුව සම්බන්ධ කරුණු තමන්ට අවශ්‍ය ආකාරයට වැරදි අදහසක් ලබාදෙන ආකාරයට ප්‍රකාශයට පත් කරන බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

“ඊයේ දින අභියාචනාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් මව්බිම ආයතනය අද දින වාර්තා කරලා තියෙන වාර්තාකරණය ඉතාම පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශවිකයි. යම් කෙනෙක් වාර්තා කිරීමක් කරනවා නම්, එය සමස්තයක් විදියට සියලුම කාරණා වාර්තාගත කරන්න ඕනේ. තෝරා ගැනීම හෝ ඒ අදහස ලබා ගැනීම ග්‍රාහකයා සතු වගකීමක්. ඒ නිසා මාධ්‍ය තමන්ගේ අරමුණ සඳහා වූ ඒ කරන ක්‍රියාවලිය පිළිබඳ අපි මහජනතාවගෙන් අයැද සිටිනවා. ඔබ පැහැදිලිව මේ සම්බන්ධයෙන් වූ දෑස් දල්වගෙන බලන් ඉන්න මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.

තමන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි ලෙස විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අපේ ස්ථාවරය වන්නේ මේ මුල් අවස්ථාවේ අසා නිම කළ නඩුවක්. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා නැවත අසා නිම කරන්න. මොකද නීතියේ සිද්ධාන්තයන් තිබෙනවා එක් අවස්ථාවකදී දඬුවම් කරන නඩුවකට පුද්ගලයෙක්ට නැවත දඬුවම් කරන්න බෑ කියලා. ඒ නිසා තමයි අපි අභියාචනාධිකරණයට ගියේ. අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කිරීමක් කරන්නෙ නෑ. දෙපාර්ශවයේම කරුණු ඇහුම්කන් දීමකින් පසුව තමයි අභියාචනාධිකරණය තීන්දු කරන්නේ. ඒ නිසා අපේ කරුණු දැක්වීම අපි සිදු කරා. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මැතිතුමා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ කරුණු දැක්වීම ඉදිරියට කිරීමට අපේක්ෂා කරන බවත්, ඔවුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවත් දක්වා සිටියා.

මහජනතාවට අපි ප්‍රකාශ කරන්නේ ඒකපාර්ශිකව මේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න. මහජනතාවගේ සේවකයෙක් විදිහට අවුරුදු 12 ක කාලයක් අපගේ සේවාදායකයා කැබිනට් ඇමතිකම් කරලා තියෙනවා, විශාල බලතල සහිත අමාත්‍යාංශ කරලා තියෙනවා, සත පහක් වංචා කළා හෝ දුෂණයක් කළා කියලා චෝදනාවක් නැහැ, මහ ජනතාවගේ වරම පාවලා දිලා මහජනතාවට වෙනත් විදිහට කටයුතු කරන දේශපාලඥයෙක් නෙමෙයි චම්පික රණවක මැතිතුමා.

නීතියේ ආධිපත්‍යය ගරු කරන පුරවැසියෙක් ලෙස චම්පික රණවක මහතා මේ වන විට ලංකා රෝහලේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුව ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු අනෙක් සියළු වෛද්‍ය වාර්තා නිකුත් කෙරෙනු ඇත.

“අධිකරණය විසින් අද යම් යම් ආයතනයන් වලට සහ විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරයාට නියමයක් කළා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බලලා වාර්තාවක් අධිකරණයට.  සති 2 කින් ලබා දෙන්න කියලා. අපි ඉතාම සතුටට පත්වෙනවා. මොකද අපිටත් ඕනේ අපි කිව්ව කාරණාව සත්‍ය බව දන්වා සිටින්න.”

අධිකරණය ඉදිරියේ අවශ්‍ය අවස්ථාවල දී පෙනී සිටි වගකිවයුතු පුරවැසියෙක් ලෙස කටයුතු කර ඇති රණවක මහතාට ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙසේ අධිකරණයට පැමිණිය නොහැකි වූවා මිස ඔහුගේ දේශපාලන කටයුත්තට හෝ ඔහුගේ අනාගත අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙහි කිසිදු බලපෑමක් නොවන බවත්; තමන් සෘජුවම අධිකරණය ඉදිරියේ පෙනී සිට තම සේවාදායකයාගේ නිර්දොෂීභාවය ඔප්පු කරන බවත් නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කළේය.

– media unit

38,366 views

36 Comments to “චම්පික අසනීපව රෝහලේ.. රාජගරියේ ඇක්සිඩන්ට් නඩුවට එන්න බැරිවෙයි..”

  1. දාස says:

    නීතියට පිටින් යන්න බැරි බව මූ දන්නවා. මූ අනිවාර්යෙන්ම හිරේ යනවා.

    • Haramanis says:

      MAN TA HIRA BIYA DANILA. PORA TALK COURT WALADI BAHANE.

    • Anuradha says:

      හා,හා අසංඉඅ වුණේ එකයි සංදීපගේ නඩුව මග හරින්න.කොහොමද ගඩුවගේ තරම.

    • චන්දේ දුන්නු එකා says:

      වාහනේ පිටිපස්සෙන් ඇවිත් හැප්පුවම හිරේ දාන්න ඕනේ වාහනේ පදවපු එකාද පිටිපස්සෙන් හප්පපු එකාද

      • බන්ඩා says:

        ට්‍රැෆික් නඩු⁣ව නෙමෙය් සෙල්ලම තමන් නිදහස් වෙන්න බොරැ ඩ්‍ර්ය්වර් දමලා ඇක්සිඩන්ට් එක ගැන බොරැ වාර්තා හදන්න පොලීසියට බලපෑම් කල එකය් නියම නඩුව. අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් සහිතව හිරේ තමය්.

      • ජුණ්ඩා says:

        ඒක නං අහන්නෙ රං ගොංජගෙනුයි, හිරුණි නඟාගෙනුයි ම තමයි…

      • ජුණ්ඩා says:

        අපි රංජා සහ හිරුණි නඟාගෙන් අහලා බලමු.
        ඒ ඇත්තො ඔව්ව ගැන විශේෂඥයො නෙව ආයිබොවං…

    • JOHN says:

      හොර ලෙඩ ද ? මෙහෙමත් කපටියෙක්

    • aniwa says:

      නීතිය ?? ශ්‍රී ලංකාවේ ?
      මම මේ පුද්ගලයා ගේ සමහර දේවල් අනුමත කරන්නේ නෑ …
      නමුත් සාමාන්‍ය දැනීමක් තියන කෙනෙකුට වැටහෙන දෙයක් තමයි බයිසිකලය වාහනයේ ගැටුනේ පිටිබස බඳට බව..
      ලෝක නීතිය පොදුයි මේ වගේ අනතුරකදී.
      නමුත් කොල්ලා ගැන කනගාටුයි.

    • LION says:

      වහල් දාස නීතියට පිටින් යන්නම බැරිද කාටවත්? 😀

  2. Wewegadara Appuhamy says:

    Chamipake Ranawake is political incorrigible man of that so-called the gang of “Democracy” led by SJB .We wanted him to respects and accepted Law of Land . Do not skip that face to charges in Court of Law by CP Ranakawa.

  3. Yakada minisa(HaHa) says:

    What a man with “low integrity”…He needs to learn a lot from acts of people of “High integrity” like Sl test captain Damith Karunarathna who paid the bills and brought a new Three wheeler to the victim in a road accident committed by him ..what a jerk this man is…Disgrace to the learned engineering fraternity of SL..

  4. On The Spot says:

    එතුමට හදිසි අසනීප තත්වයක්.ඒ ගැන පැහැදිලිවම වෛද්‍ය වාරථාවක් දී තිබෙනව​.වෛද්‍ය වාරථා සම්පූර්ණ ඇත්ත​.අපි ඒවා පිලිගත යුතුයි.හෙට එතුමාට ගෙදර යන්න පුලුවන්.ඊළඟ නඩු දිනයේදීත් මේ අසනීපය පූර්ව දැනුම් දීමකින් තොරව ඇතිවිය හැකියි.

  5. S. Vitharana says:

    We need a very healthy presidential candidate for the future elections. Not sick persond please.

  6. රටේ නිතිය කාටත් සමාන වෙන්න ඕනේ මේයා එදා ඉදිරිපත් වෙලා උසාවි ගිහින් දඩ මුදලක් ගෙවා ගියා නම් එතනින් ඉවරයි

    • බන්ඩා says:

      ඇත්ත දැන්කොල්ලා හප්පපු ට්‍රැෆික් නඩු⁣ව නෙමෙය් සෙල්ලම. තමන් ගැලවෙන්න බොරැ ඩ්‍ර්ය්වර් දමලා ඇක්සිඩන්ට් එක ගැන බොරැ වාර්තා හදන්න පොලීසියට බලපෑම් කල එකය් නියම නඩුව. පච රණවක කට්ටි පැන්නට වැඩක් නැහැ. දැඩි දඬුවම් සහිතව අනිවාර්යයෙන්ම හිරේ තමය්.

  7. Gamunu says:

    After Yesterdays court decision lot of us knew this would happen. It is a common symptom that affects all MPs. Also there are so called doctors who will provide false medical certificates either through fear of repercussions or due to their own corrupted behaviours. This is endemic and is a serious issue needs addressing. But who would be brave enough?
    This chap not only caused the accident, he then shamefully tried to falsely accused someone else was responsible. This is contempt in any language. He must receive the appropriate judgement

  8. Adonis says:

    May be he got stucked with a bottle 😉

  9. Varuna Vinya Dassanayake says:

    Yahapalana Time, this evil man conspired to send many politicians to prison and remove their civic rights. He should have known the boomerang effect. This man must be swept out of politics.

  10. මැරිලා ගියානම් හරිනේ. කොන්ද පණ නැති පරගැති බල්ලෝ

Main News