චම්පික කතා කරන්නේ හැප්පෙන වෙලාවෙ ඒ වාහනේ හිටියා වගේමයි.. හරි පුදුමයි..

December 17, 2019 at 6:26 am | lanka C news
චම්පික කතා කරන්නේ හැප්පෙන වෙලාවෙ ඒ වාහනේ හිටියා වගේමයි.. හරි පුදුමයි..

‘ජනතාව ඉල්ලා සිටි රට’ නිර්මාණය කිරීමේ දැවැන්ත කර්තව්‍යයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උර දී සිටින බවත් එමගින් මසක් වැනි කෙටි කලක් තුළ රට තුළ දැවැන්ත පෙරළියක් සිදු වෙමින් තිබියදී රටට හතුරු දේශපාලන කඳවුර ‘ස්විස් නරි නාටකයක්’ රඟ දක්වමින් සිටින බවත් ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි නිශාන්ත කන්දප්පා ද සිල්වා ස්විස් තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන රටින් පැන යාම හුදකලා සිදුවීමක් නොවන බවත් එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මඟ පෙන්වීම මත සිදු වූවක් බවත් මොහොමඞ් මුසම්මිල් මහතා සඳහන් කළේය. එසේම ගෙවී ගිය වසර කිහිපය පුරාම මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ‘රණවිරුවන් මර්දනය කිරීමේ සහ ඔවුන්ට යුද අපරාධ චෝදනා ගොනු කිරීමේ උපකරණයක්’ ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් පවත්වාගෙන ගිය ආකාරය ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. තව ද මෙම ක්‍රියාදාමය පිටුපස දෙමළ ඩයස්පෝරාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන් සිටින බවට ද ජානිපෙ මාධ්‍ය ප්‍රකාශකවරයා චෝදනා කළේය.

මෙරට රාජ්‍ය සේවකයකු වූ නිශාන්ත කන්දප්පාට හොර රහසේම වීසා ලබා දී ස්විට්ස්ර්ලන්තය වෙත යැවීම, ස්විට්ස්ර්ලන්ත තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රිකභාවය දැඩිව ප්‍රශ්න කරන කටයුත්ත වූ නිසා එය යට ගැසීමට ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් හෙවත් ශ්‍රියාලතා පෙරේරා නැමැති ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව යොදවා ‘පැහැර ගැනීමේ නාටකයක්’ රඟ දැක්වූ බවට ද මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් චෝදනා කළේය. මෙම නාටකයට රාජිත සේනාරත්න වැනි පරාජිත දේශපාලනඥයන් මෙන්ම විපක්ෂ නායක ධුරය ලබාගෙන සති 02ක් තිස්සේ සැඟව සිටින, තනතුරු නැතත් ජනතාව වෙනුවෙන් පැය 24ම සේවය කරන බවට පුරසාරම් දෙඩූ සජිත් ප්‍රේමදාස උල්පන්දම් දුන් බව ද ඒ මහතා සිහිපත් කළේය.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරදින බව සමීක්ෂණ තුනකින් දැනගත් පසු ඔහුට එජාපයේ අපේක්ෂකත්වය ලබා දුන් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි සඳහන් කළ මොහොමඞ් මුසම්මිල් මහතා දැන් අගමැති අපේක්ෂකත්වය ද සජිත්ට ලබාදීමට සැරසෙන්නේ මහ මැතිවරණයෙන් ද එජාපයට නියත පරාජයක් ලැබෙන නිසා යැයි පෙන්වා දුන්නේය.

එසේම තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව පෙනෙද්දී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා යළිත් ‘දේශප්‍රේමී සළුපිළි’ ඇඟ ලා ගෙන ඇති බවත් ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස අද මාධ්‍යවේදීන්ට කරන තර්ජනවලින් පෙනී යන්නේ, ‘ඇමැති බලතල තිබියදී මාධ්‍ය ආයතන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඔහු කෙබඳු බලපෑමක් සිදු කරන්නට ඇත්ද?’ යන්න බවත් ජානිපෙ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

77,891 Viewers

10 Comments to “චම්පික කතා කරන්නේ හැප්පෙන වෙලාවෙ ඒ වාහනේ හිටියා වගේමයි.. හරි පුදුමයි..”

  1. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    ඉතාමත්ම හොඳ ප්‍රවණතාවක්. වර්තමාන රජය පසුගිය රජයේ වැරදිකරුවන්ට දඬුවම් දීම ආරම්භ කර තිබෙනවා. මීලඟට අපි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ මහ බැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන ආකාරයයි…

    • Wijebahu says:

      එතකොට තොපෙ එවුන් නිදොස් කොට නිදහස්?

      • ඇයි යහපාලනේ ආවෙ ඔය කියන ඊනියා හොරු අල්ලන්න නේද? උඹලගෙ කට්ටිය අවුරුදු 4.5 ක් පොල් ගෑවද?

        ආ.. අමතක උනා.. කොච්චර දත කෑවද අල්ලන්න.. ඒත් ඉතිං බොරු චෝදනා ඔප්පු කරන්න ලේසි නෑනෙ නේද? අන්තිමට ගෙනාව සාක්කි කාරයො දෙන්නත් පට්ට මිනීමරු ගෙවල් බිදින්නො දෙන්නෙක්නෙ.. සිරියලතා අහරෙන් වාත වෙනව.. මෙහෙන් සජිය ගෙට වෙලා.. පව් උඹලා..

    • ගිගිරි says:

      ඒ වගේම ස්විස් නාටකය රඟ දැක්වුවෙ අපේ ජනාධිපති තුමාට සුදු වෑන් චෝදනාවක් දාලා අර නිශාන්ත කන්දප්පාව රට පටවලා කල තක්කඩි කම වසන් කරන්නයි . ඒ නිසා වහාම ඔහු මෙරටට ගෙන්වා ගැනීම වැදගත්.

  2. Sun says:

    You are correct. That is the way they are interfering in the local matters through the agents and stealing information from the country. They use their power to induce community problems through so called human rights organisations. That is the way they jump into the countries unofficially using their money power.

  3. මනෝ අබේතිස්ස says:

    චම්පික සහ රාජිත යන හොරු දෙදෙනාව වහාම අත් අඩංගුවට ගන්න. බරපතල වැරදි සිදු කර තිබෙනවා.

  4. MD says:

    Paw paw champika kiyanne sarala nihatamani kenek.eya accident ekak wunath aniyam sambankandayak wunath sarala kramayak tamai pawichchi karanne.eya hari ahinsakai.

  5. ජුඩාස් මාරපන says:

    චම්පිකව අත් අඩංගුවට ගත යුත්තේ බරපතල රිය අනතුරක් කිරීමට වඩා අනතුර තිබුණු ස්ථානයෙන් පැනලා යාම ගැනයි. මේ ගැන ඇසින් දුටු සාක්ෂි තියෙනවනේ. අනික පොලිසියට, උසාවියට බොරු සාක්කි දුන්නා තමන් නෙව් වෙන කෙනෙක්ය එලෙව්වේ කියා. ඇමති කෙනෙක් වශයෙන් ඔහුට වැඩි වගකීමක් තියෙනවා අධිකරණය නොමග නොහැරීමට.

  6. Siri Jayawickrama says:

    Hey guys

    This is a vehicle accident whether Champika or his driver commited. These things are very common on the road. Only thing is to support victim

    • Chinthana says:

      Really Accident are common on the road. But the miner People (Miners-It’s extended to Sick & disable) Attend to do such thing or its happened by Miners are considered in simple way. But If responsible Person (All the other People excluding Miners) does such a things should considered as Serious case. But the Law should impose to everyone as same manner Subject to the Plaintiff Request .Do we have to consider MP Pathali Champiks is a Miner Person…..?? If so this kind of MP’s & Candidates should be dishonored by the public immediately. Isn’t It …??

Main News