චම්පික ගස්.. 10 වැනිදා කිසිම ලෙඩක් තිබුනේ නෑ.. වෛද්‍ය වාර්තාව අධිකරණයේ…
January 21, 2022 at 10:40 am | lanka C news
පසුගිය 10 වැනිදා අධිකරණයට නොපැමිණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව අනාවරණය වී ඇත.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අද අධිකරණයට දැනුම් දී ඇත්තේ මන්ත්‍රීවරයාට වෛද්‍ය පරීක්ෂණ 10ක් සිදු කර ඇති බවත් ඉන් විශේෂ රෝගී තත්ත්වයක් තිබූ බවත් හෙළි නොවන බවත්ය.
රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාලව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදී.
මෙම නඩුව ලබන මස 18 වැනි දින යලි කැදවීමට නියෝග කර ඇත.
චම්පික ගල් මූසලය අපේ ආන්ඩුවට බැන බැන ජනපති වෙන්න සිහින මැව්ව. දැන් පලයන් මහ උළු ගෙදර.මිනිස්කම නැති අමනයො.
මේ පුද්ගලයා වංචනිකයෙක්.දිගින් දිගටම අධිකරනය නොමග යවනවා.