චම්පික තනතුරකට සූදානම්.. ඒ බව දැනුම් දෙයි…
May 24, 2022 at 10:00 am | lanka C news
මේ වන විට රටේ සමස්ත ජන ජීවිතයම මහා අනතුරකට ඇද දමා තිබෙන ආර්ථික අර්බුදයේ හා දේශපාලන අර්බුදයේ ගැඹුර මනාව වටහා ගනිමින්ද එය හමුවේ සමාජයේ සියලු පාර්ශ්ව වගකීමකින් කටයුතු කිරීමේ වැදගත් කම අවධාරණය කරමින්ද පොදු අවම වැඩ පිළිවෙලක් බලගැන්වීම වෙනුවෙන් 43 සේනාංකය පහත සඳහන් යෝජනා සහ අදහස් ඉදිරපත් කර සිටියි.
කවර හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් ඔස්සේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා රටේ මතු වී තිබෙන දේශපාලන අර්බුදය යම් පමණකට හෝ විසඳා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය.
එහෙයින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මූලික වී ක්‍රියා කළ යුතුය.
දැන් පිහිටුවා තිබෙන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවේ. දැනට පිහිටුවා තිබෙන ආණ්ඩුව තාවකාලික ආණ්ඩුවක් ලෙස ප්‍රකාශ කොට වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා මූලික වී ක්‍රියා කළ යුතුව ඇත.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් එම සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගී විය යුතුය.
එසේම එම ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් මෙහෙයවීම සඳහා සර්ව පාක්ෂික නායකයන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ දේශපාලනික වශයෙන් ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සහතික වන පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටවිය යුතුය.
තවද පාර්මේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ වගකීම ආරෝපණය වන පරිදි විධායක කාරක සභා පිහිටුවා ආණ්ඩුවේ කටයුතු විෂයයන් වශයෙන් වෙන් කර ඒවාට අදාල ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ කටයුතු නීර්ණය කිරීම එම කාරක සභා වලට පැවරිය යුතුය. කාරක සභාවේ සභාපති වරයාට අදාල විෂය ක්ෂේත්රයට වගකියන අමාත්‍ය වරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ හැකිය.
කාරක සභාවට අයත් විෂයයන්ට අදාල රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සඳහා කෙරෙන පත්කිරීම්
කාරක සභාවේ අනුමැතියට යටත් විය යුතුය.
ජනාධිපති බලතල සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වළැක්වීම ආදී අංග සහිත යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත ඉදිරිපත් කර මාසයක කාලයක් ඇතුළත සම්මත විය යුතුය.
එසේම යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ක්‍රියකාරකම් හා ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දින ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව විසුරුවා ඊ ළඟ මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන කාලයද සඳහන් කරමින් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පළිබඳ පැහැදිලි මාර්ග සිතියමක් ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කළ යුතුය. අප මේ යෝජනා කරන කරුණු බහුතරයක් දැන් පවතින දේශපාලන වාතාවරණය යටතේ සාධනය කර කිරීම කිසිසේත් දුෂ්කර කටයුත්තක් නොවේ. ඒවා දුෂ්කර කොන්දේසි නොව මේ දුෂ්කර අවස්ථාවේදී ස්ථාවරභාවයක් ළඟා කර ගැනීම සඳහා අත්‍යවශයෙන් සපුරාගත යුතු සහ සපුරා ගත හැකි අවශ්‍යතාවකි.
මේවා ඉහත දැක්වූ පරිදි සිදුවන්නේ නම් එවැනි වාතාවරණයක් තුළ 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බලශක්ති විෂය පිළිබඳ කාරක සභාවේ හෝ වෙනත් ඕනෑම කාරක සභාවක වගකීම දැරීමට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට සිටිමු.
– Media unit
He is welcome at my place any time. The key is in the letter box!
මු හදන්නෙ අනිත් උනුත් එකතු කරගෙන වලට දාල, මු ඇමත්කමක් ගන්න.
Ane mehemath horek. E vunata meya hari sexy.
Menna mage yathura.
සූදූ පෙරව ගත්ත තක්කඩි හොරෙක්..ලංකා ව්දූලිබල මණ්ඩළයට හිමි..lanka transformers සමාගමේ කොටස්.ud jayawardana හා චෞර නඩයට මංකොල්ල කන්න දූන්න එකෙක් තමයි මූ..
ඒ මදිවට ඒ හොරෙක් සභාපති කරා විදූළිබල මණ්ඩලයේ..
මූවත් එලවන්න ඕනා…
මූ බොරුවට මේ කොන්දේසි දාන්නේ , මං දන්නේ නැද්ද මූ . මට අවුරුදු 3 ක් සීනියර් කැම්පස් එකේ . කැම්පස් එකේ පලවෙනි දවසේ මුගේ දේශනයක් තමයි ඉස්සෙල්ලම ඇහුවේ , මාසෙකින් රට අල්ලනවා කියල එදා කිව්වේ ජෙප්පෙක් විදියට , ඒක අහල අපේ කැම්පස් එකේ 28 දෙනෙක් ජිවිතේ නැතිකරගත්තා . මූ තව දවස් කිහිපයකින් ගෝටගේ ඔඩොක්කුවේ . රනිල් එක්ක ගේමක් ගහල සජිත් කුජිත කරන්න හිටියේ 2024 කිට්ටු කරල ඒක වේගවත් උනා රනිලය හදිසියේම අගමැති උන හින්ද . මූ ගැන මුට වැඩිය මම දන්නවා
අප රටේ අර්බුදයට විසඳුම කුමක්ද? https://bit.ly/3sOWfll