චම්පික තවත් අමාරුවේ.. ඔහුට විරුද්දව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සාක්‍ෂි දෙයි..

July 1, 2020 at 10:00 am | lanka C news
චම්පික තවත් අමාරුවේ.. ඔහුට විරුද්දව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සාක්‍ෂි දෙයි..

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී තමන් අසලට පැමිණි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ‘ඇවන්ගාඩ්’ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තියෙනවා නම් ඔහුව අත්අඩංගුවට ගන්නැයි පැවැසූ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (30දා) ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ විභාග වූ නඩු සමාලෝචනය කිරීමට අදාළ සාකච්ඡාවේදී ඇවන්ගාඩ් නඩුවට අදාළව නිශ්ශංක සේනාධිපති හට පිටරට යෑමට එක්තරා නිලධාරියකු අවසර දී ඇති බවත් ඒ නිලධාරියාගේ සේවය අත්හිටුවිය යුතු බවත් සාකච්ඡා මේසයට අතින් ගසමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවැසූ බවද සුහද ගම්ලත් මහතා සාක්කි දෙමින් සඳහන් කළේය.

හිටපු සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ඇවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂක සේවාවන් පසුගිය රජය සමයේදී බලහත්කාරයෙන් නාවික හමුදාවට අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා එම කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුර සාක්කි විමසූ අවස්ථාවේදීය.

මෙහිදී සුහද ගම්ලත් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසිනි.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ මෙම හරස් ප්‍රශ්න ඇසීම සිදුකෙරිණි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් සාක්ෂිකරුගෙන් විමසා සිටියේ කැබිනට් ඇමැතිවරයකුට මෙවැනි ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමට බලයක් තිබේද යන්නයි.

ඒ සම්පූර්ණ ක්‍රියාදාමයම වැරැදියි. ඒ ක්‍රියාදාමය කාගේ මඟපෙන්වීම යටතේ වුණාද කියලා දන්නේ නෑ. යුක්තිය පසිඳලීමේ කාර්ය දේශපාලනීකරණය කිරීම සඳහා එමඟින් යම්කිසි මඟපෑදීමක් සිද්ධ වුණා යැයි ඊට පිළිතුරු දෙමින් සුහද ගම්ලත් මහතා කොමිසම හමුවේ කීය.

සභාපති විනිසුරුවරයා _ ඒ ක්‍රියාදාමය ලෙස හැඳින්නුවේ කුමක්ද?

සාක්ෂිකරු – දේශපාලනඥයන් පිරිසක් වටකරගෙන රාජ්‍ය නිලධාරීන් ගෙන්වලා නඩුවල තත්ත්වය විමසන එක.

සභාපති විනිසුරුවරයා _ ඔබට මතක විධියට කවුද පැමිණි දේශපාලනඥයන්

සාක්ෂිකරු – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වුණේ. අර්ජුන මහෙන්ද්‍රනුත් මගේ ඉස්සරහ වාඩි වෙලා හිටියා.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ හරස් ප්‍රශ්න ඇසීම් හමුවේ හිටපු සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සාක්කි දෙමින් මෙසේ කීය.

අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡා තුන හතරකට මට ආරාධනා ලැබුණා. මේ නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව කැඳවීමේ ප්‍රවණතාවක් තිබුණා. මීට කලින් එහෙම වුණේ නෑ. මීට පස්සේ වෙන්න ඕනෑත් නෑ. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලනඥයන් ඉන්න තැන්වලට කැඳවන්න ඕනෑ නැහැ නඩු ගැන වෙන්නේ මොනාද අහන්න.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලනඥයන් රැසක් මැදි කරගෙන නිලධාරීන් ගෙනැල්ලා නඩුවල තත්ත්වය මොකද්ද කියලා ප්‍රශ්න අහනවා. කොහෙන් හොයාගත්ත ක්‍රියාපටිපාටියක්ද කියලා මම දන්නේ නෑ. ඒවා වැරැදි වැඩ.

එක්තරා සාකච්ඡාවකදී එක් ඇමැතිවරයකු නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාරගෙන් විමසුවා මේ ඇවන්ගාඩ් නඩුව ගැන ඔබේ මතය මොකක්ද කියලා. මේ වගේ සාපරාධී අපරාධයක් කරලා මෙවැනි මිනිසුන් නිදැල්ලේ ඉන්න හැරිය නඩුවක් මා ජීවිතේට දැකලා නැති බව ඔහු එවෙලේ පැවැසුවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න පුළුවන් කියා කිව්වා.

එවිට මා කිව්වා මා ඊට එකඟ වන්නේ නැහැ කියා. මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ප්‍රතිපාදන අනුව බලන්න. ගිනි අවි ආඥා පනත යටතේ නඩුවක් පවත්වාගෙන යන්න කරුණු නැති බව මා පැවැසුවා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අවසාන මතය විමසුවා. එවකට නීතිපති යුවන්ජන් විජයතිලක මහතා මේකට නඩුවක් ගෙනියන්න බැරි බව දැනුම් දුන්නා.

මෙහිදී වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසුවේ මෙම කොමිෂන් සභාව පත් කළ අධිකාරි පත්‍රය ප්‍රකාරව රාජ්‍ය නිලධාරියකු නොවන අයකුගේ පැමිණිල්ලක් භාරගෙන විමර්ශන කිරීමට කොමිෂන් සභාවට බලයක් නැති බව ප්‍රකාශ කළේය.

තම සේවාදායකයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අදාළ තීරණය තමන් හට තවම ලැබී නැති බව පැවැසූ ජනාධිපති නීතිඥවරයා කොමිෂන් සභාවේ කාර්යභාරය/ ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීමකින් තොරව විමර්ශන තවදුරටත් ඉදිරියට කරගෙන යා නොහැකි යැයිද කොමිසමට දැනුම් දුන්නේය.

එමෙන්ම ජූලි 02 දින කොමිසමේ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන්නැයි ලේකම්වරයා විසින් තම සේවාදායකයාට දැනුම්දීමක් කර තිබෙන අතර මෙහි අධිකාරි පත්‍රය ප්‍රකාරව එවැනි ප්‍රකාශ සටහන් කිරීමට ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳ නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කළේය.

ඊට පිළිතුරු දුන් සභාපති විනිසුරුවරයා පැවැසුවේ පෙර තීරණ එපරිදිම ක්‍රියාත්මක වනු ඇති බවය.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා සහ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් කරන ලද ඉල්ලීම සලකා බලා හරස් ප්‍රශ්න විමසීම සඳහා කාලයක් ලබාදීමට කොමිසම එකඟ විය.

16 වැනි වගන්තිය යටතේ කොමිසමට කැඳවූ එහෙත් ඊයේ (30දා) දින පෙනී සිටීමක් නොකළ ශානි අබේසේකර, අලුත්ගේ සෙනරත්, වසන්ත නවරත්න බණ්ඩාර, ජනක බණ්ඩාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන අය වෙනුවෙන් හරස් ප්‍රශ්න නොමැති බවට කොමිසම තීරණය කරන බව සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු ජූලි මස 16 දින තෙක් කල් තැබිණි.

– mawbima

67,187 Viewers

17 Comments to “චම්පික තවත් අමාරුවේ.. ඔහුට විරුද්දව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සාක්‍ෂි දෙයි..”

  1. Dikman Aiyya says:

    …..beautiPUL YAHAPAALANAYA,…..apee Ponna Sinahla eunuth meekata ekathuwela aurudu 4 RATA KAWAAAAA

    • බන්ඩා says:

      🐘🐅🐪🛎 යහපාලනය ක්‍රියාත්මක කරලා තියෙන්නෙ නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ ප්‍රතිපත්තියය්.

      • ජනතාව says:

        යහපාලනය සෙට් එක නීතියට බලපෑම් කිරීම වැනි දරුනු චෝදනා වලට නඩු පැවරිය යුතුය්.

  2. Helaya says:

    JAYUA WEWA…

    SEND THIS BLOODY BASTED TO PRISON FOR EVER…. BEING A ANGLICAN PASTOR AND WHO SOLD BUDDHISM..

    SEX MANIAC , BIG HEADED , ONLY TALK NO WORK BLOODY ASSHOLE PACHAYA…

  3. RATHANA SADUU says:

    This is one of worst cancer in this country….Patalee is a Anglican pastor who sold soma thero and came to power. now sleeping with Sajith…

    Should wipe out from politics and sri lanka….

    This is low cast born son of bitch who are angry with normal society…

  4. ක්‍රිමිනල් says:

    පට්ටයි ස ! සෙනාධිපතිලා අහිමි කලේ රාජ්‍ය ධනය ,ඌ දැන් අපේ රටට හිමිවිය යුතු මුදල් මංකොල්ලා කාලා මේ පාණ්ඩුවේ ගොජුබිල්ලු එක්ක ඔකව ලොකප් කරපු උදවියට පොර ටෝක් දෙනවා මාධ්‍ය ඉස්සරහ ,ලංකා ඉතිහාසයේ වැඩිම අධිචොදනා තියෙන්නේ සෙනාධිපතියට හැමදාම රට්ටු අන්දන්න බැහැ ,කාට බොරු කලත් ස්වභාවධර්මය ඉදිරියේ තොපි වගේ පට්ට කම්බ හොරු මකබැවිලා යන්නේ කුණු පනුවො ගහලා , නටපං කකුළුවො හැලිය රත්වෙනකං.

    • Sadu says:

      THO DEKKADA ??

      PATALEEGE AMUDE KAPAN…..

    • 77 UNP says:

      මොනරටේද හමුදාවක් බිස්නස් කළේ, යහපාලනේ යටතේ ශ්‍රී ලංකාවේ ඇර. ඔය යහපාලන ඔස්තාර්ලා විකාර තර්ක දම දමා ඉන්නේ නැතිව සේනාධිපති එක්ක රුපවාහිණී විවාදෙකට ගිහිල්ලා ඇත්ත රටට එලි නොකරන්නේ ඇයි. ලපයා, පාච තුමා ආදී කණ්ඩායම දේශපාලන වේදිකාවේ පට්ට තර්ක දමනවා අපි දැකලා තියනවා. නමුත් සේනාධිපති අභියෝග කරණකොට විකාර තර්ක දම දමා ඇඳන් යට රිංගනවා, ගෝලයෝ එලියට ඇවිත් ලොක්කගේම විකාර තර්ක දම දමා රට හිනස්සනවා.

    • criminal says:

      මචං තව ටිකක් කියපං මං උඹට දෙන්නම් ගල් අඟුරු සල්ලි හොඳේ,,,

  5. Janaka from Matara says:

    ..චම්පක රනවක මොරටුව විස්ව විද්‍යාලයේ ජේ වී පී / අන්තරේ ලොක්කා කාලේ ඔහුගේ නායකත්ව ශයිලිය අතිශමය කෲර වූත්, කුහක වූත් එකක්වැ තිබූ බව ගැන දන්නෝ, දනිති. මෙවන් ආත්මාර්තකාමී ලෝකෙට ලොක්කෙක් ගැන පොත පතේද කියැවිය හැක්කේ කලාතුරකිනි.

  6. siri says:

    no two words this time Pachaya will not come to parliament.

  7. kawinda says:

    Last Days of PACHAYA. No 2nd word. Pachaya should not be sent to parliament.

  8. Aurora says:

    “අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසුවේ මෙම කොමිෂන් සභාව පත් කළ අධිකාරි පත්‍රය ප්‍රකාරව රාජ්‍ය නිලධාරියකු නොවන අයකුගේ පැමිණිල්ලක් භාරගෙන විමර්ශන කිරීමට කොමිෂන් සභාවට බලයක් නැති බව” කියන එකෙන් මොවුන් අදහස් කරන්නේ රජයේ නිලධාරීන් නොවන සාමාන්‍ය පුරවැසියන්ට පැමිණිල්ලක් කරන්න බැරි බවයි. මුන්ගේ ඕනෑම මාෆියා ක්‍රියාවලියක් ඉදිරියේ බල්ලෝ පූසෝ වගේ ඉන්න ඕන කියන එකද මුන් අදහස් කරන්නේ. මගේ අදහසනම් රාජ්‍ය නිලධාරීන්ට සාමාන්‍යයෙන් කරන්න බැරි පැමිණිලි කිරීමට විශේෂ අවසරයක් ලැබී ඇති බවත්, අනෙකුත් සියලුම පුරවැසියන්ට කොහොමත් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න අයිතිය තියන බවත්ය.

    • සිංහල බන්ඩා says:

      අසවු! අසවු!! අසවු!!! විප්ලවීය සමාජවාදී නායක රතු සහෝදර අනුර කුමාර දිසාණායක මහතා වෙනුවෙන් එජාපයේ ප්‍රධාන ණීතීඥ්ඤයකුවන සාලිය පීරිස් මහතා පෙනී සිටින වගයි.

    • ලක්වැසියා says:

      කිලී මහ(ජරා)රාජට ඕනෙ උනා ඇවන්ට්ගාර්ඩ් බිස්නස් එකත් උගේ අතට ගන්න. ඌ කලේ ඊනියා සමාජවාදී ජෙප්පන්ගෙ නායක කියා ගන්නා ලප කුමාරව සල්ලි වලට අරන් අවන්ට්ගාර්ඩ් එකට ගහන්න දැම්ම එක. අලකුමාරටයි තව ගොඩක් දේශපාලුවන්ටයි ඕනෙ උනේ අවන්ට්ගාර්ඩ් එකෙන් උපරිමයෙන් කප්පන් ගන්න සහ හම්බකරගන්න.

  9. Saradiel says:

    මේ වසර 5 ඇතුලත රටේ ඉන්න සියලුම සොරුටික අල්ලාගන්න ජනාදිපතිතුමට අත දෙමු

    චම්පිකගේ ගල් අගුරු මංකොල්ලය ගැනත් සොයා බැලිය යුතුය

  10. ලොලිපොප් මොංගල් says:

    88/89 කාලයේ ඉබ්බාගමුව පැත්තේ සෙමනේරියක ලෝගුව දාගෙන හැංගිලා හිටියේ කවුද කියලා පුළුවන් කෙනෙක් හොයල කියන්න.

Leave a Comment

Main News