චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි..

December 26, 2019 at 1:20 pm | lanka C news
චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වු සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව ගරු කථානායකතුමන් විසින් සිය මතය ප්‍රකාශ කිරිමත් , එම මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත්, පිළිබඳව ඇතැම් පාර්ශවයන් විසින් පළ කර ඇති අදහස් අපගේ අවධානයට ලක්ව ඇත.

මෙම සිද්ධියේදී ගරු කථානායකතුමන් විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු විවාදයක් නොමැතිමුත් එහිදී නිසි ක්‍රිමවේදය අනුගමනය කළ යුතු බවයි.

මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් විමේදී ගරු කථානායකතුමන් එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට රහසක් නොවනු ඇත.

නමුත් පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරය වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වු බැවිනි. ( මින් පෙර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන්ද උදාහරණ ලෙස දැක්විය හැකි අතර දැනටද අත්අඩංගුවේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුද මේ වනවිට දින 50කට අධික කාලයක් බන්ධනාගාරයේ පසුවන නමුත් ඔවුන්ගේ සුවදුක් විමසීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් බන්ධනාගාරය වෙත ගොස් නොමැත.)

සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් ගරු කථානායකතුමන් සුරැකීමට උත්සාහ දරණුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බව අවධාරණය කරමු.

වර්තමානයේ මෙන්ම අනාගතයේද සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරැකීමේ සිය වගකීම ඉටුකිරිම එමඟින් සිදුවනු ඇත. කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තවදුරටත් කැපවීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් පසුබට නොවනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය

205 views

29 Comments to “චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි..”

  1. Sakeer Mohommed Fakeer Baawaa says:

    යකෝ එහෙනම් තිබුනෙ එම අසාධාරණ අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියට පැමිණිලි කොට උසාවි යන්නනෙ. චම්පිකයා අසාධාරණ ටලස අත්අඩංගුවට ගත්තා කියල ඌව බලන්න ගියාමද උෟට සාධාරණේ වෙන්නේ ? ගොන් තඩියගෙ බූරැ කතා.

  2. NAK says:

    Karu-maya kata arapugaman pachawenwa!!

  3. Sumith says:

    නිර්පාක්ෂික සීයා පොලිස් රගර් ටීම් එකත් එක්ක පහුගිය දවසක පාර්ලිමේන්තුවේ හඬින් චන්දෙ ගත්තා කාට කාටත් තාම අමතක නෑනේ. බෝලේ නැති නිසා පුටුවක්නෙ ගන්න වුනේ රගර් ගහන්න.

  4. Angoda Buva says:

    හොඳ සිංහල බෞද්ධයෙක් විදිහට මූ කාලයක් තිස්සෙ ගොඩ නගාගෙන ආපු චරිතය මූ පහුගිය අවුරුදු 4-5 දි සම්පූර්ණයෙන්ම කෙලස ගත්ත.

    සොරි තමයි බල්ලොත් එක්ක ලැග්ගහම බලු මැක්කොත් එක්ක නැගටින්න වෙනව කියන එකට මෑතකදි ගන්න තියෙන හොඳම උදාහරණය තමයි මුගෙ මේ වෙච්ච වෙනස.

  5. siri says:

    seeye umba dan marennakituine dan ithin boru nokiya silganinban.

  6. චම්පිකගේ ඝන්ටාරෙත් වැන්දාද ? දුකට says:

    චම්පිකගේ ඝන්ටාරෙත් වැන්දාද ? දු….. කට

Main News