චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..

December 18, 2019 at 6:48 pm | lanka C news
චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..

පාඨලි – රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුව මෙන් ඒ සදහා නීතිය නැමීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැති බවත් පවතින නීතිය යටතේ මේ සම්බන්ධව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට නීති අංශ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරබ බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

අද (18) උඩුගම්පල දි මාධ්‍ය අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

පාඨලි චම්පික ඇමතිවරයා විකෘති මානසික තත්ත්වයෙන් පෙලෙන්නෙකු බව පැවසු රණතුංග මහතා ඔහුට සමීප කාන්තාවකගේ උවමනාවට තමුන්ට එරෙහිව ද නඩුවක් පැවරු බව හෙළි කළේය.

තමන් පදංචිව සිටින නිවස රජයට අයත් බව පවසා පසුගිය වසරේදි නඩුවක් පැවරු බවත් එම නඩුව නාගරික සංවර්ධන අධිකාරය හරහා පැවරුණු බවත් රණතුංග මහතා කීවේය. එම නඩුව පැවරීම පිටුපස සිටියේ පාඨලි චම්පික ඇමතිවරයා බව පෙන්වා දුන් රණතුංග මහතා පාඨලි ඇමතිවරයාට අවශ්‍ය වුයේ තමන්ගෙන් පළිගැනීමට බව ද කීවේය.

යහපාලන ආණ්ඩුව යහපාලන වචනයට මුවා වී ගෙන ගියේ ජඩ දේශපාලනයක් බවත් පාඨලි – රාජිත යන ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප ඊට හොදම උදාහරණ බවත් රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

රටක නීතියක් පවතින බව පෙන්වා දුන් රණතුංග මහතා පසුගිය ආණ්ඩුව සමයේ නීතිය වල් වැදි තිබු බවත් පාඨලි චම්පිකලාට රාජිත සේනාරත්නලාට අවශ්‍ය පරිදි නීතිය නැමුණු බවත් කීවේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රට තුළ විනය හා නීතිය යළි ස්ථාපිත වෙමින් පවතින බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

126 views

12 Comments to “චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..”

  1. SURESH says:

    අනුන් ගැන කතා කරන්නේ නැතිව රට ගොඩදාන ක්‍රමයක් ගැන කතාකරලා ගෝටට පොඩි සහයක් දෙනවද.මේ දවස් ටිකේම කතාකලේ කිසි කමකට නැති දේවල්

  2. john the baptice says:

    මහබැංකු මහා හොරා තවමත් නිදැල්ලේ අත්අඩංගුවට ගන්න කාලය දැන් ඇවිත්

    • hila says:

      ගලා ගලා යයි. ටිකක් වෙලා යයි. පොඩ්ඩක් ඉවසල ඉන්නකො මෙයා, හදිස්සි නැතුව.

  3. Don says:

    Good work

  4. sunil says:

    පොහොට්ටුව පොහොට්ටුව කිය කියා ජයග්‍රහණය ආපස්සට හරවන unp යටි උගුල් කාරයෙක් .

  5. චන්දන says:

    අනුන් ගැන කතා කර කර ඉන්නේ, ඔහේගේ පවුල ගැන බලනවකො. ඒක අරජුන අදිනවා කියන එක මුළු ගම්පහම දන්නවනි.

  6. Laksman says:

    Don’t be stupid Suresh.
    Someone has to raise the voice and that what he does. Presanna does not have anything to hide as he did not steal anything.

  7. Sri lankan says:

    Hello, thamuse maha horek. Nikan Gotabayage pahanin eliya balanawa… Tamusege magul api nodannawaye

  8. හෙලයා says:

    යහපාලනය කියල බලයෙන් මත්වෙලා දේසපාලන විරැද්ද වාදීන්ට මඩ ගහල පලි ගන්න කුමන්ත්‍රණ කල සහ නීතිය නවපු රාජිත චම්පුක වගේ පරය් ඔක්කොම කූරැ ගනින්න යනවා නියතය්.

  9. assanga says:

    The way the previous Government act Shiranthym Mahindam Gota Basil, Jonston etc, etc did not receive their due punishment as Ranil and Maithree were sleeping. If thye have taken action Gota and all Rajapaksa family should have been in the jail.now.

  10. Yackandandah says:

    තමුසේ බෙරිහන් දෙන්නේ නැතිව
    කමකට ඇති වැඩක් කරනවාකෝ

Main News