චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..

December 18, 2019 at 6:48 pm | lanka C news
චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..

පාඨලි – රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුව මෙන් ඒ සදහා නීතිය නැමීමට වත්මන් ආණ්ඩුව සුදානම් නැති බවත් පවතින නීතිය යටතේ මේ සම්බන්ධව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට නීති අංශ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරබ බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

අද (18) උඩුගම්පල දි මාධ්‍ය අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

පාඨලි චම්පික ඇමතිවරයා විකෘති මානසික තත්ත්වයෙන් පෙලෙන්නෙකු බව පැවසු රණතුංග මහතා ඔහුට සමීප කාන්තාවකගේ උවමනාවට තමුන්ට එරෙහිව ද නඩුවක් පැවරු බව හෙළි කළේය.

තමන් පදංචිව සිටින නිවස රජයට අයත් බව පවසා පසුගිය වසරේදි නඩුවක් පැවරු බවත් එම නඩුව නාගරික සංවර්ධන අධිකාරය හරහා පැවරුණු බවත් රණතුංග මහතා කීවේය. එම නඩුව පැවරීම පිටුපස සිටියේ පාඨලි චම්පික ඇමතිවරයා බව පෙන්වා දුන් රණතුංග මහතා පාඨලි ඇමතිවරයාට අවශ්‍ය වුයේ තමන්ගෙන් පළිගැනීමට බව ද කීවේය.

යහපාලන ආණ්ඩුව යහපාලන වචනයට මුවා වී ගෙන ගියේ ජඩ දේශපාලනයක් බවත් පාඨලි – රාජිත යන ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප ඊට හොදම උදාහරණ බවත් රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

රටක නීතියක් පවතින බව පෙන්වා දුන් රණතුංග මහතා පසුගිය ආණ්ඩුව සමයේ නීතිය වල් වැදි තිබු බවත් පාඨලි චම්පිකලාට රාජිත සේනාරත්නලාට අවශ්‍ය පරිදි නීතිය නැමුණු බවත් කීවේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රට තුළ විනය හා නීතිය යළි ස්ථාපිත වෙමින් පවතින බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

126 views

12 Comments to “චම්පික මානසික විකෘතියකින් පෙලෙන්නෙක්… කාන්තාවකගේ උවමනාවට දැමු නඩුවක් ගැන හෙලි කරයි.. රාජිතට-චම්පිකට ගැලවීමක් නෑ..”

  1. විශ්නුගුප්ත says:

    පාටලී මෙතරම් ධනයක් උපයාගත්තේ කෙසේදැයි සොයා බලන්න, පැනමා ගිණුම් තිබීත් අසු වුනා නේද? මෙගා පොලිස් හරහා කොතරම් බිලියන් ගණනක් හොරකම් කලේද? දැන් හොයන්න මිනිහා ගෙදර නැති වෙලේ.

Main News