චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..

February 24, 2018 at 4:40 pm | lanka C news
චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරක් බාර ගන්නා ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාට ආරාධනා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමා ජාලාවන්හි වාර්තාවන් පලවෙයි.

ජාතික හෙල උරුමයේ ප‍්‍රකාශකයෙකු උපුටමින් එම වාර්තාවන්හි දක්වා ඇත්තේ මෙම ආරාධනාව කර ඇත්තේ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් හා එජාප සභාපති ඇමති මලික් සමරවික්‍රම විසින් බවයි.

මැතිවණ පරාජයෙන් පසු එජාපය පූර්ණ ප්‍රතිසංවිධානය සිදු කිරීමට නියමිත අතර එහිදී නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ඇති කිරීමටද යෝජනා වී ඇත.

139 views

38 Comments to “චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..”

  1. වර්ණසිංහ says:

    හැබැයි ඉතින් ආලාපාලු රනවකට UNP එකේ නියෝජ්‍ය නායකත්වය දෙනවයි කියන්නෙ රනිල් ඉල්ලගෙන කනව වගේ වැඩක්. මොකද, එතකොට මිනිහට හැකියාව
    ලැබෙනව රනිල්ගෙ ඔලුවට කරන්ට් අල්ලවල මිනිහව
    පිස්සෙක් කියල ඔප්පු කරල, UNP එකේ නායකත්වය
    ඩැහැගන්ඩ.

  2. මාන්නප්පෙරුම-කුරුණෑගල. says:

    අවංක, නිහතමානි, උගත්, තීක්ෂණ විචාර බුද්ධියක් ඇති සුජාත ලංකා පුත්‍රයෙක්. තමන්ට විරුද්ධව එකිනෙකා නගන බොරු අවලාද හා චෝදනා උපේක්ෂාවෙන් ඉවසන කෙනෙක්.

    (මාන්නප්පෙරුම-කුරුණෑගල.)

Main News