චම්පික රිමාන්ඩ් කිරීම රනිල්ට එජාපය රැකදීමට ආණ්ඩුවේ ඩීල් එකක්..

December 23, 2019 at 12:02 am | lanka C news
චම්පික රිමාන්ඩ් කිරීම රනිල්ට එජාපය රැකදීමට ආණ්ඩුවේ ඩීල් එකක්..

රථ වාහන අනතුරක් සම්බන්ධයෙන් පාඨලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනිම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කිරිමට රජයෙ මගින් සිදු කරන නාටකයක් බවට සැකයක් පවතින බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා එ බැව් පැවසුවේ හැටන් හිල් සයිඩ් ඉන් හෝටලේ පැවති මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබදව මේ වන විට කථිකාවක් ගොඩ නැගි ඇති බවයි.

එම කතිකාව වෙනතකට යොමු කිරිම සදහා මෙවැනි නාටකයක් රජය විසින් නිර්මාණය කරනවාද යන්න පිලිබදව එක්සත් ජාතික පාක්ෂිකයන් තුල සැකයක් පවතින බව චමිර පෙරේරා මහතා කියා සිටියේය.

ජිවන වියදම අහස උසට නැග තිබියදි එ පිලිබදව සාකච්ඡා නොකර එලවළු සහල් ඉල්ලපු ජනතාවට ගල් වැලි ගොඩ දාන්න අවසරය රජය විසින් ලබා දි ඇති බවත්,  ජනාධිපතිවරණයේදි එම්.සි.සි ගිවිසුම රට දෙකඩ කරන අධිරාජ්‍යයවාදින්ට පවාදෙන ගිවිසුමක් බව පෙන්වා දුන් වත්මන් රජයට මේ වන විට එම්.සි.සි ගිවිසුම 70% හොද වි ඇති බව චමිර පෙරේරා මහතා කියා සිටියි.

යුක්තිය ඉටු විය යුතු කාලයක රජය රථ වාහන නඩුවක් මුල් කර ගනිමින් කටයුතු කරන බවත්, රජය බලයට පත්විමට මතුර මතුර කියු බැදුම්කර වංචාව ගැන මේ වන විට ගැලවෙන පිලිතුර වත්මන් රජයේ අමාත්‍යයවරුන් විසින් ලබා දෙන බව චමිර පෙරේරා මහතා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

159 views

16 Comments to “චම්පික රිමාන්ඩ් කිරීම රනිල්ට එජාපය රැකදීමට ආණ්ඩුවේ ඩීල් එකක්..”

  1. David Milli-banda says:

    චම්පික රිමාන්ඩ් කිරීම රනිල්ට එජාපය රැකදීමට ආණ්ඩුවේ ඩීල් එකක්..” Correct.
    There is another deal to remand Rajitha also……….

Main News