චම්පික-වජිරගේ වැය ශිර්ෂ පරාදකලේ ආණ්ඩුවෙන්ම බව රාජිත කියයි..
April 3, 2019 at 1:20 pm | lanka C news
අයවැය කාරක සභා විවාදයේ දී අමාත්‍යාංශ 02 ක වැය ශිර්ෂ පරාදවීමේ වගකීම ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාම බාරගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“අයවැය අප්‍රේල් මස 31 දින දක්වා බල පැවැත්වෙනවා. එම නිසා අප්‍රේල් මස 31 දාට ප්‍රථම එම අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ සම්මත කර ගැනීමෙන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. වැය ශිර්ෂ දෙක පරාදවීමේ වගකීම රජයේ සියලු දෙනාම බාරගත යුතුයි. අයවැය ඡන්දයකට සුදානම්ව සිටිය යුතුයි. හැබැයි පාර්ලිමේන්තු සම්ප්රදාය නම් ඡන්දයක් අවශ්‍ය නම් එදින පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමේ දී ඉල්ලීම ඉදිරිපත් කළ යුතුයි. එය සාමාන්‍ය සම්ප්‍රධායයි. නමුත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අවස්ථාවක දී ඡන්දයක් ඉල්ලුවහොත් එයත් ලබාදිය යුතුයි.
මෙම අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ පරාදවීම සැළසුම් සහගත ක්‍රියාවක් නොවෙයි. ඇතැම් අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාද වල දී අමාත්‍යවරුන් නොසිටි බවට ද චෝදනා එල්ල වෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදය අවසන් වන තුරු මම සභා ගැබේ රැදී සිටියා. ඒ ගැන විපක්ෂය පවා ස්තූතිය පුද කළා.”
– ප්‍රසන්න අධිකාරී
ඕක අර කුණු කිරි ඇල්ලටත් කිව්වොත් නේද හොඳ?
April 31??? Do I see this right?
yes in his fake life,fake calendar has April 31 and also Feb 30th LOL
දත් ඇඳි දෙකේම ඇත්තේ දත් තිස් දෙකකි.අප්‍රේල් අවසන් වන්නේ දින (30)තිහකිනි.අප්‍රේල් 31 යමෙක් උපන්නොත් ඔහු සිය පියා බොරු කියනවා මෙන් දෙතුන් ගුණයක් බොරු කියා දත් තිස් දෙක වෙනුවට හකු ඇටයත් ගලවා දමන්නට උත්සහ කරන්නෙකු විය යුතුය. පියා මොහු නම් අප්‍රේල් 31 උපන් බොරුවේ පියා කව්දැයි නොදන්නා කෙනෙකු මේ මිහිපිට නැත්තේය.
“සල්ලි පොරිවගේ”
ගානකෝන්ගෙන් ඉල්ලගනිං සල්ලි අරං බෙහෙත් ගත්තා කියපං.