චම්පික සමගි ජන බලවේගයේ බලය අල්ලන්න සූදානම්… අතහිත තිස්සගෙන්..

December 19, 2020 at 11:20 am | lanka C news
චම්පික සමගි ජන බලවේගයේ බලය අල්ලන්න සූදානම්… අතහිත තිස්සගෙන්..

(උපුටාගැනීම රාවය පුවත්පත) පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්‍ෂයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව සජබයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් රාවයට දැනගන්නට ඇත. චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බව ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

බදුල්ලේදී සජබයේ නව ව්‍යවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික මන්තී‍්වරයාගේ සූදානමක් තිබෙන බවද දැනගන්නට තිබේ.

මෙම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සජබය සමග එකතු වූ වෙනත් පක්‍ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවද කියැවේ.මේ පිළිබදව සජබයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් රාවය විමසූ විට පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සජබයට පැමිණීම තුල පක්‍ෂ නායකත්වය පිළිබදව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය. එහෙත් සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද ඔහු කීවේය. (උපුටා ගැනීම අවසන්)

මෙම පුවත පිළිබදව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය දැඩි දෝෂදර්ෂණයට ලක්වී තිබේ. තවද තිස්ස අත්තනායක මහතා විසින් ” නොකියූ කථා ” ග‍්‍රන්ථය පලමු වරට පිරිනමනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටය. ඊට පසු එම ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටය. තම පක්‍ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට නොකියූ කථා ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ ඊට පසුවයි.

සැබවින්ම තිස්ස අත්තනායක මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ලැදිව කටයුතු කරන පක්‍ෂයේ නියෝජිතයකුනම් ඒ මහතා කිසි දිනක එවැනි කි‍්‍රයාවක් නොකරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මහතා පක්‍ෂය තුල සිට පක්‍ෂය දෙකඩ කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉටුකරමින් ඇති බව රාවය පුවතින් සනාථ වන බව වැඩිදුරටත් කියා සිටියේය.

– repoter

38,628 views

17 Comments to “චම්පික සමගි ජන බලවේගයේ බලය අල්ලන්න සූදානම්… අතහිත තිස්සගෙන්..”

  1. Tata says:

    හැම තැනටම පැන පැන මල පෙරේතයා වගෙ බලයට අබුඩෙ ත් ගලවන්න ලෑස්ති මුසල මුස්පේන්තු උන්මත්තකයා ……

    • Nawum Mawatha says:

      Champika is much more capable than Sajith Premadasa and Ranil Wickramasinghe. He’s a great man who can lead UNP and its, affiliated parties to power as patriots in Sri Lanka trust him. Sajith is a wadabari Dasa he s only good in talking but not good in doing. Navin, Daya Gamage, and all the other contenders eyeing UNP voter base cannot perform like Patali. We Sinhalese Buddhists are with PATALI. ALL THE WAY TO PRESIDENCY PATALI. JAYA WEWA

  2. බන්ඩා says:

    සජිත්ට ෆ්ලූක් එකකින් මිසක් රටේ නායකයා වෙන්න බැරි බව තිස්ස දන්නවා. පඬිපතිට නායකයා වෙන්න බැරි බවත් තිස්ස දන්නවා.

  3. Jaye says:

    Ithin ban u thissa attanayakane. U wena mona karannada. U danne inna thena vinasa karannane

  4. ක්‍රිමිනල් says:

    අපිට වඩා තිස්ස අත්තනායක කියන්නේ කවුද කියලා , මෑන්ව රෙද්ද අස්සේ දාගත්ත උදවිය දන්නවා ඇති , තිස්සලා වගේ ට්‍රොජන් අස්සයොන්ව තමන්ගේ ප්‍රයොජනයට අරගෙන , පස්සේ එලොලා දාන එක වෙනම කාරනාවක් , තිස්ස ඉන්න පැත්ත සදා අනාථයි !

  5. අසංක says:

    මුන් දැනටම බයවෙලා. තව අවු 4 නෙ.

    • මාමා says:

      බය නෙවෙයි මූ චම්පුක ගැන තියෙන්නෙ හිරිකිතයක්….තුක් මූසලයා…කෙලෙහි ගුන නැති ගුනමකුවා….

  6. සිරිසේන 2 says:

    තොංගල කපා ගත්තත් චම්පකට සජිත් යට කොරගෙන මුස්ලිම් සහාය ගන්න බැහැ. බෝන් අගේන් සහාය ගන්න කොහොමත් බැහැ. චම්පකට ප්‍රතිපත්ති නැති බව අති බහුතර හාමුදුරුවරු දන්නවා. ⁣එනිසා කුමන්ත්‍රණ වලින් සජබ නායකයා වෙන්න චම්පකගෙ පැනමා පේපස් වල සඳහන් ගල් අඟුරු සල්ලි මදි.

    • ක්‍රිමිනල් says:

      ඔව් අවංකවම බෑ ! මේ පාණ්ඩුව බෝර්න් එගේන්ලා , ක්‍රිස්තියාණුවන් , මුසලිමාණුවන් ,හින්දූන් ,බෞද්ධයන් හැන්ඩ්ල් කරන විදියට කාටවත් බෑ..

  7. Nawum Mawatha says:

    Exactly Criminal. You and me and thousands of patriots know how educated and talented Champika is. Sajith is just a novice compared to Patali ‘s political experience concern even people like Ravi karunanayaka with his thuggery couldn’t handle Patali. Even Mahinda and Gotabaya scared of Champika.we Sri Lankans need capable leadership and it’s Patali Champika who can fill that void
    .

    • abc says:

      I think Chmapka’s victory is unavoidable and inevitable, it’s just a matter of when. Poottu supporters are already nervous.

  8. Nimal says:

    ඔකේමොනවද බං අල්ලන්ට තියෙන්නේ අර ඩයනා නෝනට කිවනමි බුරැ පැටවි ටික ඔක්කොම ඵළවලා දාවි සුටුස් ගාල

  9. Bata says:

    වරෙක ඔහු JVP කාඩරයෙකි……තවත් විටෙක පුා සාමාජිකයෙකි….විටෙක හෙල උරැමෙ ය….විටෙක සිංහල උරැමෙ ⁣ය…..විටෙක ගිහි මහනෙකි…තවත් විටෙක බැප්ටිස් වු කතෝලිකයකිි…..විටෙක ගෝනි බිල්ලෙකි…තව විටෙක සුදනෙකි….තවත් විටෙක පැනමා පේපර් වල හොරෙකි….අසාධාරණයක් දුටු විට අවස්ථාවාදියෙකි…..තවත් විටෙක සාක්කි වසන්කල පාදඩයෙකිි…..විටෙක ඉංජිනේරු වරයෙකි …විටෙක ලිංගික උන්මත්තකයෙකි…..ඔහු වෙන කවරෙක්ද පාටලී චම්පුක වන්නේය….උගතුන් ගේ වීරයාය….ජය වේවා ……තෑැ නෙද්දකිං ………මල මූසලයා

    • ජනජය says:

      පචය ගැන මීට වඩා හොඳ විග්‍රහයක් කරන්න බෑ…

    • පොඩි එකා says:

      Bata උබ චන්දෙ ඉල්ලාං, මං දෙනව. සිරා කතාව උබෙ.

    • Walimuni Abeysekers says:

      Agree with you 100%.
      Nobody knows where this unethical PARAYA heading on.

  10. Mtmmanvar says:

    Tissa Attanayaka kohomath Mahinda Rajapaksa ge oththu Karayeki. Ohu giya peththa paraday. Oka innakam Ranil wickramasingha paraday. 2015 Mahinda Rajapaksa Langata giya Ohu paraday. 2019 Sajith langata giya. Sajith paraday..

Main News