චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]

June 1, 2020 at 10:02 pm | lanka C news
චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා තමන් ඝාතනය කිරීමට සූදානම් වූ බව ඇවන්ගාඩ සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා චෝදනා කරයි.

තමන් ඒ සම්බන්ධයෙන් නුගේගොඩ පොලිසියට ද පැමිණිලි කර ඇති බව ද ඔහු පැවසීය.

ඇවන්ගාඩ් සමාගමෙන් කප්පම් මුදල් තමන්ගෙන් ඉල්ලූ බවත් ඔහු පැවසුවේ ජනාධිපති කොමිසමේ සාක්ෂි දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තමන් ඝාතනය ගෙදර කිරීමට නිවසට එවු ඝාතකයන්ගේ වීඩියෝ පට සහ හඬ පට තමන් සතුව ඇති බවත් ඒවා කොමිසම හමුවට භාරදුන් බවත් ඔහු සඳහන් කළේය.

හිටපු අමාත්‍ය චම්පික රණවක විසින් ඝාතනයක් සිදුකළ ආකාරය තමන් සතුව සාක්ෂි ඇති බව ද නුදුරේදීම ඒවා සාක්ෂි සහිතව හෙළිදරව් කරමුද ඔහු කියා සිටියේය.

187 views

29 Comments to “චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]”

  1. Fernando says:

    rana viruwata atha nothabanu

  2. කසුන් says:

    අපේ රටේ තරම් නාට්‍ය දර්ශන පෙන්වමින් අසරණ දුප්පත් ජනතාව රවටමින් වසර 5න් පහට මේ රගන්නෙ බලයේ සිටිමින් උන්ට උපරිමයෙන්ම සැප ආතල් ගන්න කියලා 2020දී වත් තාමත් තේරුම් ගන්න තරමට බුද්දිමත් බවක් නෑ. මෙවන් රටක් ලොවෙත් නෑ. මේකත් තවත් නාටකයක් තමයි මේ හැමෝම දගලන්නෙ උන්ගේ ඒ හම්බකරගෙන යන වියාපාර එලෙසින්ම රැකගෙන දිගටම ගේම් එක ප්ලේ කරන්නම තමයි.චන්ද්‍රිකා ගෙන් පස්සෙ මහින්ද..ආපහු රනිල්/සිරිසේන..දැන ආපහු රාජපක්ෂ එකමුතුව…. රටම රවට්ටන බව මොලේ තියෙන උන්ට තේරුමකුත් නෑ හැමදාමත් මුන්ගේ නාටක බලමින් පීඩිත ජනතාව සැමදාම දුකේ ඉතිං.