චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්න..- කතානායක පොලීසියට කියයි..

February 12, 2019 at 8:40 am | lanka C news
චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්න..- කතානායක පොලීසියට කියයි..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවෙ ගැනීම සදහා කතානායක කරු ජයසූරිය මහතා අනුමැතිය ලබා දී ඇත.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව දැන්වූ පසු කතානායකවරයා ඊට අනුමැතිය දුන් බව පොලීසිය සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පොලිස් නිලධාරියෙකුට පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ රියදුරු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

239 views
Main News