චමුදිතගේ ජීවිතාරක්‍ෂාව තහවුරු කරන්නැයි ඉල්ලයි.. මරණ තර්ජන ගැන පරීක්‍ෂණ ඉල්ලයි.. පොලිස්පතිට දන්වයි…

June 7, 2021 at 10:26 pm | lanka C news
චමුදිතගේ ජීවිතාරක්‍ෂාව තහවුරු කරන්නැයි ඉල්ලයි.. මරණ තර්ජන ගැන පරීක්‍ෂණ ඉල්ලයි.. පොලිස්පතිට දන්වයි…

07.06.2021.
පොලිස්පතිතුමා,
පොලිස් මූලිස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීම. 

හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියකු හා  යූටියුබ් නාලිකාවක ප්‍රධානියා ලෙස සේවය කරන, ප්‍රකට මාධ්‍ය‌වේදියෙකු  වන චමුදිත සමරවික්‍රම මහතා තමන්ට එල්ල වී ඇති බරපතල ජීවිත තර්ජනයක් පිළිබඳ කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට හේතු වී තිබේ.

‘හරීන්ද්‍ර ජයලාල්‘ යූ ටියුබ් නාලිකාව සමඟ ජුනි 05වැනිදා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරන්නේ තමන් මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තර්ජනය කර ඇති බවයි. තර්ජනය පිළිබඳ සියලු තොරතුරු ලිපියක ලියා තබා, එක් අයකුට පමණක් එය තිබෙන තැන හෙළි කරන බවත්, තම ජීවිතයට හානියක් සිදු වුවහොත් එම ලිපියේ සඳහන් පාර්ශ්ව ඊට වගකිවයුතු බවත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටී. එමෙන්ම, ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති ප්‍රකාශ කළ ද, ජූනි 6 වැනි දින ඊමේල් මඟින් ඔබතුමා වෙත පැමිණිලිලක් ද කර ඇත.

ඉකුත් වසර 25ක පමණ කාලයක් රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලනඥයින් හා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කර ඇති, එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති වෘත්තීය මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රම මහතා කළ මෙම ප්‍රකාශය බැරෑරුම් ලෙස සැලකිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

මාධ්‍යවේදියකුට ජීවිත තර්ජනයක් එල්ල වූ අවස්ථාවක රාජ්‍යයේ රැකවරණ ලැබීම ගැන විශ්වාසයක් නොමැති වාතාවරණයක් උද්ගත වී ඇත්නම් එය අතිශය බිහිසුණු තත්ත්වයකි. මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදු කර සත්‍යය හෙළිදරව් කරන ලෙසත්, චමුදිත සමරවික්‍රම මහතාට ජීවිත තර්ජනයකින් තොරව සිය වෘත්තියේ නිරත වීමට ඇති අයිතිය සහතික කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔබතුමාගෙන් දැඩි ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටී.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

54,727 views

25 Comments to “චමුදිතගේ ජීවිතාරක්‍ෂාව තහවුරු කරන්නැයි ඉල්ලයි.. මරණ තර්ජන ගැන පරීක්‍ෂණ ඉල්ලයි.. පොලිස්පතිට දන්වයි…”

  1. Duminda says:

    මාව මැරුවත් කමක් නෑ මම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා දැන් කෙඳිරි ගාන්නෙ මොකද? සිංහයෝ බලු වෙනවා කියන්නේ ඕක තමයි.
    මේක එක්තරා විදියක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් රංජන් රාමනායකත් එහෙමයි හිරගෙවල් දාහක ගියත් කතා කරනවා කියලා දැන් කෙඳිරි ගානවා මේ දෙන්නම එක වගේ මෝඩයො

  2. Ajith says:

    මොන හිකනලෙක්ද මූ. මූව මරනවා නම් මීට කලින් මැරුම් කන එවුන් ඕනි තරම් ඉන්නව.

  3. LalithM says:

    කිසිම වටිනාකමක් නැති සෙවලයෙක්. මහා වීරයා වගේ පාට් දැම්මේ නියෝජ්‍ය පොලිස්පතිට.

  4. දේශීයත්වයට මුල්තැන දී නිර්මාණශීලීව ක්‍රියාවට නංවන්න..! says:

    චමුදිත මාද්‍යසොයුර..
    ඔබට කිසිලෙසකින් මාත්‍රෘභමියතුළ කිසිම කරදරයක් උපද්‍රවයක් සිදුනොවනබව අපගේ තියුනු සොයාබැලිම් හමුවේ නිරාවරනය කරගැනීමට හැකිවූබව දැනුම්දීමට කැමැත්තෙමු..!
    ”සතුරන්ගේ”, ”ඡාතිද්‍රෝහින්ගේ” කුඨ උගුල් උපක්‍රමවලට හසු නොවී..
    ඹබගේ මාද්‍ය ව්‍රෘතිය, සහ භුමිකාව මාත්‍රෘභමිය උදෙසා !”නිදහස් මණසින් යුතුව”! ප්‍රහාරාත්මක සවභාවයෙන් වුවද දේශීයත්වයට මුල්තැන දී
    නිර්මාණශීලීව ක්‍රියාවට නංවන්න..!

Main News