චමුදිතගේ නිවසට පහර දී පලාගිය වාහන සරණංකර පාරෙන් මතුවේ…
February 17, 2022 at 10:00 am | lanka C news
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර පලා ගිය සැකකරුවන් ගමන් ගත් මාර්ගයේ සීසීටීවී කැමරා සීයකට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කොට ගත් කර තිබේ.
මාර්ගයේ ගමන් ගන්නා වෙනත් වාහන වල විදුලි ආලෝක ධාරාවන් හේතුවෙන් එකී මැර පිරිස් පලා යන වාහන වල අංක හරියාකාරව හඳුනා ගැනීමට අපහසු වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම දර්ශන තව දුරටත් විශ්ලේෂණය කර ගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට යොමු කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කළේය.
පහරදීමට පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය කොහුවල දක්වා ධාවනය කරන අයුරු නිරීක්ෂණය වී ඇති බවද පොලිසිය පවසයි.
එමෙන්ම සමරවික්‍රම මහතාගේ නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ගමන් ගත් වාහනය දෙහිවල සරණංකර පාර දෙසින් පැමිණි බවට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු අනාවරණය වී ඇත.
මාර්ග කිහිපයක සහ ගොඩනැඟිලිවල සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගෙන මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
The incident happened about 2 am .police say they couldn’t trace the number viewing more than 100 cameras. Due to lights from other vehicles. At 2 am how much traffic would you get.these are kindergarten excuses. What’s happening to our country.??
බොරුවට විමර්ශන කරනව වගේ පෙන්නනවා. ගහපු උන්ව හොයගත්තොත් මං මෙකෙ කමෙන්ට් කරන එක නවත්තනවා අම්මපා
You don’t have the any idea about light rays and also reflected lights on camara first get some idea about lights
Just go men. Reflected lights! My foot!! This police will never catch these guys. They just pretend. Were u in this country??
මේ මහත්මයා ලංකාවේ කෙනෙක් නෙවෙයි වගේ
මේ මහත්තයා cctv එකක් ගෙදර නොමෙති කෙනෙක් බව පහදිලියි .රාත්‍රියට නොම්මර තහඩු කියවන්න හෙකියාව තිබෙන්නෙ විශෙශිත cctv කමරා වලට පමනයි .එවෙනි කමරා මිලෙන් අදික නිසා එවා බොහෝ අය සවිකරන්නෙ නේ .
අශුචි ගැහුවා කියලා නඩු දාන්න බැහැ
Yes it can. If thrown Kakka at someone or something, it can be considered as a weapon. LOL
“” සුක්කරානු සුනකයා “” වගේද
Mega drama
චමුදිතගේ ගෙදරට ගහපු එකා හොයාගන් බැරි උන්…
පාස්කු ප්‍රහාරය කල උන් හොයාගනීද?
චමුදිතව බයකරන්න බැහැ ඕව කරල. මේක මේ නිවටයෙකුගෙ වැඩක්. ලැජ්ජ නැද්ද තව කෙනෙකුගෙ ගෙදරකට ගහන්න. නියම එදිරිවාදියෙක්නම් හරියන්න හරි වරදින්න හරි චමුදිතට විරුද්දව තියන කාරනේ ප්‍රසිද්දියෙ කතා කරන්න තිබුන අඩුම ගානෙ යූ ටියුබ් හරහා හරි වීඩියෝවක් දාන්න තිබුන. අර පියුමි හොදයි ඊට වඩා තමන්ට වෙච්ච දේට හරි හෝ වැරදි වේවා කෙලින් කතා කලා. මේක කල හාදයො පියුමිගෙන්වත් ඉගෙනගෙන නැහැ කටින් ගහන ඒකාට කටින් ගහන්න ඕන නැත්නම් ඉවසන් ඉන්න ඕන කියල. කිසිම මිනිහෙක්ට මෙහෙම කරන එක චන්ඩි කමක් නෙමේ තනිකරම නිවට කමක්. ගෙදරට ගහල හැංගිල ඉන්නව අනේ මෙහෙමත් චන්ඩි.
අනේබන් ඔය වුර්තීය මිනී මරුවෝ බලපන් ගොම පෙකෙට් අරගෙන හරියට ඩිලිවරි කොම්පෙනියක ඩිලිවරි කාරයො පාර්සලයක් අරගෙන යන්නා වගෙ යන අපූරුව කිසිම බයක් චකිතයක් නේ.චමුදිතයා නිකන් පොර වෙන්න හදුවට මේක ඌට දීල තියන වෝනින් එකක් බව තමයි පේන්නේ.
මිරිහාන පැත්තට හැරුවා ද දන්නේ නැහැ නේ ?
අනික් ඔක්කොම නොම්මර තහඩු cctv කැමරා වලින් හොයාගත්තනම් මේක හොයා ගන්න බැරිවුනේ මොකද? ඒ කියන්නේ ආන්ඩුවේ වැඩක්ද?