චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

June 8, 2021 at 10:02 pm | lanka C news
චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින කිහිපයකට පෙර පොලිස්පති වරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු මෙසේ කැඳවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසියට පැමිණිලි කිරීමට රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගේ නීතිඥයා කටයුතු කර තිබේ.

තම සේවාදායකයන්ට ඇප ලබා දීමෙන් පසු අධිකරණයට අපහාස කරමින් චමුදිත සමරවික‍්‍රම මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් කළ බව ඔහුගේ නීතිඥයන් මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ ගැනි අධිකරණයටද පැමිණිලි කරන බව ඔහු පැවසීය.

චමුදිත සමරවික්‍රම මහතා සමග ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියටත් කොටුව පොලිස් ස්ථානයටත් පැමිණිලි කර ඇතැයි ඔහු කියා සිටියේය.

එමෙන්ම නිරෝධායන නීති කඩකරමින් යූටියුබ් මාධ්‍ය ඔස්සේ වැඩසටහන පෙනී සිටි බව පවසමින් රහස් පොලිසියට සහ කොටුව පොලිස් ස්ථානයට තවත් පැමිණිල්ලක් ඔවුන් සිදු කර තිබේ.

හරීන්ද්‍ර ජයලාල් මහතා විසින් පවත්වන ලද සාකච්ඡාවකට චමුදිත සමරවික්‍රම මහතා සහභාගී වූයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බව පැමිණිලිකරුවන් කියා සිටී.

ඒ අනුව නිරෝධායන රෙගුලාසි අනුව චමුදිත සමරවික‍්‍රම සම්බන්දයෙන්ද කටයුතු කරන්නැයි පැමිණිලිකරුවන් ඉල්ලා ඇත.

103,450 views

45 Comments to “චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…”

  1. වහල් ජෙප්පා says:

    රනිල් ආපු ගමන් අපි ඔබතුමාගෙන් ඔය වගේ ප්‍රකාශ බලාපොරොත්තු වුණා. ජයවේ උතුමාණෙනි.

  2. Dengu Nona says:

    Saagarayaage adahasa “kaalayak athulata daagannayi”! Ahalaa balanna!!

  3. sana says:

    waradi karapu un warada pennuwa unta nadu dalalu….apoi saaantha..

  4. චන්ද දායක says:

    කවුරු කවුරුත් තමුන්ගෙ සීමාව දැනගත යුතුය .සීමාවල් පැන්නම කන්න වෙනවා පරිප්පු.

  5. nugath says:

    ගල්නාමල්නුගත් මෝඩයන්ට සල්ලි ගලා එනවිට වෙන දේ,
    මේවා රට කාපු මූසල මහින්දගෙ කොන්ත්රාත්. ලබන පාර සජියා ජනපති කරලා අකාර්යක්ෂම ගල්නාමල් විපක්ෂනායක කරන්න

  6. urta says:

    වැඩ කරන විරුවෙක් ලෙස කරේ තියාගෙන ගියේ ‘හිස් මෝටාර් එකක්’ බව දැන් තේරුම් ගිහිල්ලා යැයි කීවේ අප නොව එකල අඳනයත් නැතිව ගෝඨාභයට කඩේ ගිය මාගල්කන්දේ සුදන්ත නම් සිවුරුකාරයා ය.

Leave a Comment

Main News