චිත්‍රපට ප්‍රදර්ශනය පුද්ගලික අංශයට පමණක් පැවරීමට බලය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්..
March 25, 2019 at 5:30 pm | lanka C news
දේශය සිනමා ශිල්පීන්ගේ සංධානයේ නියෝජිතයින් හා ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුව විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් විනි.
1972 වර්ෂය වන විට චිත්‍රපට ශාලා 362 පමණ තිබු බවත් එය මේ වන විට 118කට පමණ සීමා වී ඇති බවත්, මහා භාණ්ඩාගාරයට පවා මුදල් දුන් මෙම කර්මාන්තය මේවන විට මහා භාණ්ඩාගාරයේ මුදල්වලින් යැපෙන තත්වයට පත්ව නැති බවත් ඔවුන් මෙයින් පෙන්වා දෙන ලදී.
මෙහිදි අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රේක්ෂක අවශ්‍යතා අනුව ගුණාත්මක චිත්‍රපට නිෂ්පාදනය විය යුතු බවත්, චිත්‍රපට ශාලා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යායුතු බවත් මෙහිදී පෙන්වා දෙන ලදී. ක්ෂේත්රයේ ඉන්න අය එක්වී සාකච්ඡා කර සිනමා ක්ෂේත්රයේ ඉදිරියට යා හැකි ප්‍රතිපත්තිමය රාමුවක් සෑදීමට කටයුතු කරන ලෙසද මෙමගින් ඔවුන්ට විපක්ෂ නායකතුමා විසින් දැන්වු අතර එම වාර්තාව ගැන අවධානය යොමු කර ඉදිරි රජයක ප්‍රතිපත්ති සැකසීමේදී කටයුතු කළ හැකි බව ඔවුන්ට පෙන්වා දෙන ලදී. රන්මිණි තැන්න වැනි සිනමා ගම්මාන ඇති කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය විසින් සිනමා ක්ෂෙත්රයට කළ සේවය දේශිය සිනමා ශිල්පීන් එහි ඇගයිමට ලක් විය.
මෙම අවස්ථාව පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මාහාචාර්ය ජී.එල් පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද එක් විය.
චිත්‍රපට නිෂ්පාදනය සහ සිනමා උපකරණ ආනයනය කිරීමේදී ලබා දී තිබු බදු සහන මෙම රජය විසින් ඉවත් කිරීම නිසා සිනමා කර්මාන්තය කඩා වැටුනු බව දේශිය සිනමා ශිල්පීන්ගේ සංවිධානයේ ලේකම් එරංග සේනාරත්න මහතා මෙහිදී පැවසීය. එයට පිළිතුරු දෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ නව රජය යටතේ එම බදු සහන නැවත ලබා දෙන බවය.
මෙම අවස්ථාවට දේශිය සිනමා ශිල්පීන්ගේ සංවිධානයේ සභාපති රොහාන් වැලිවිට, ලේකම් එරංග සේනාරත්න, උප සභාපති පද්මසිරි කොඩිකාර, උපලේකම් ජගත් ආනන්ද, චිත්‍රපට අධ්යක්ෂවරුන් වන සුගත් සමරකෝන්, සුනිල් ප්‍රේමරත්න, ලලිත් පන්නිපිටිය, යන මහත්වරු ඇතුලු සිනමා ක්ෂෙත්රයේ වෘත්තිකයින් 25ක් පමණ සහභාගී විය.
දැනට පවතින මණ්ඩල ක්‍රමවේදය වර්තමාන රජය විසින් විවෘත කිරීමට ගන්නා උත්සහය තුලින් වර්තමානයේ දේශිය සිනමා කර්මාන්තයට සිදු වී තිබෙන තත්ත්වය තවත් පහලට කඩා වැටීමට ලක් වන බව සිනමා කර්මාන්තයේ වෘත්තිකයින් විසින් විපක්ෂ නායකතුමාට පෙන්වා දෙන ලදී. ඔවුන් එසේ ප්‍රකාශ කරන ලද්දේ වර්තමාන සංස්කෘතික කටයුතු ඇමතිවරයා විසින් චිත්‍රපට ප්‍රදර්ශනය පෞද්ගලික අංශයට පමණක් පැවරීමට බලය ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට විරෝධය පලකරමිනි.
– MR midea
සුද්දා අපේ රට විනාස කෙරුවට වඩා අපේ කලු සුද්දෝ රට විනාස කරගන යනවා නිදාගන සිටියා ඇති දැන්වත් නැගිටපල්ලා
දේශීය සිනමාව විනාශ කලාම විදේශීය චිත්‍රපට ආනයනය කරන්න පුළුවන්ලු.
ඒවගෙන් කොමිස් ලෙස ලැබෙන මුදලින් බ්‍රේස්ලට් අරගන්න පුළුවන් කියලා හන්දියෙ ජෝන් අයිය කිවුවා.
පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල- (Nili mas )meya nam kemathi ne