අක්කර 15,000ක් චීනයට දෙන්න ඉඩම් පනතත් වෙනස් කරයි.. හමබන්තොට, රත්නපුර, මොණරාගල වගා ඉඩම්, වනාන්තර අනතුරේ..

December 9, 2016 at 8:02 am | lanka C news
අක්කර 15,000ක් චීනයට දෙන්න ඉඩම් පනතත් වෙනස් කරයි.. හමබන්තොට, රත්නපුර, මොණරාගල වගා ඉඩම්, වනාන්තර අනතුරේ..

අක්කර 15,000කට වැඩි ඉඩම් ප‍්‍රමාණයක් චීන සමාගම්වලට ලබාදීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ඉඩමේ අයිතිය සදහා වූ ජනතා සන්ධානය පවසයි.

එම සංවිධානයේ සම්බන්ධීකාරක චින්තක රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ අදාල පනත සංශෝධනය කළහොත් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අයිතියද අහෝසි වී මහා පරිමාණ සමාගම් වෙත ඉඩම් අයිතිය හිමිවනු ඇති බවයි.

චීනයට හම්බන්තොට, මොනරාගල, රත්නපුර දිස්ත‍්‍රික්කවලින් ඉඩම් අක්කර 15,000 ක් ඡීනයට ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් පැවසූ ඔහු මෙම ඉඩම්වලින් විශාල ප‍්‍රමාණයක් ජනතාව වගා කටයුතු සිදුකරන ඉඩම් බවත් තවත් ප‍්‍රමාණයක් වනාන්තර බවද ඔහු පැවසීය.

20 views
Main News