චීනයට එරෙහිව ශ‍්‍රි ලංකා ගුවන් සීමාව ආසන්නයට ඉන්දීය හමුදා යානා..

June 22, 2021 at 11:20 am | lanka C news
චීනයට එරෙහිව ශ‍්‍රි ලංකා ගුවන් සීමාව ආසන්නයට ඉන්දීය හමුදා යානා..

කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ‌‌​ෙප්‍රඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි. මෙම ඩ්‍රෝන යානා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට මෙන්ම එරට නාවික හමුදාවට උපකාර වනු ඇති බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.

ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් පවසා ඇත්තේ විශේෂයෙන්ම සාගර කලාපයේ සැරිසරන යාත්‍රා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මෙම ඩ්‍රෝන යානා උපකාර කරනු ඇති බවයි.

වැඩිදුරටත් ප්‍රකාශ කරන ආකාරයට අසල්වැසි චීනය සහ පාකිස්තානය සමග පවතින සමීප තත්ත්වයන් ඉහළ යෑම හේතුවෙන් සිය ගොඩබිම් හා මුහුදු ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදයෙන් ​ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එක්සත් ජනපදයේ සැන්ඩියාගෝ (san dieago) පරමාණුක ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන MQ-9B ​ෙප්‍රඩේටර් ඩ්‍රෝන යානයකට පැය 48ක පමණ කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි අතර කිලෝග්‍රෑම් 1700ක බරක් රැගෙන යා හැකිය.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඊයේ (21වැනිදා) පස්වරුවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන වෙත හදිසි දුරකථන ඇමැතුමක් ලබාදී ඇත. පැය භාගයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී දෙරටේ අතිශය වැදගත් කාරණා කීපයක් සාකච්ඡා කළ බව දෙරටේ විදේශ අමාත්‍යාංශ නිල වාර්තා සඳහන් කරයි.

– aruna

81,921 views

19 Comments to “චීනයට එරෙහිව ශ‍්‍රි ලංකා ගුවන් සීමාව ආසන්නයට ඉන්දීය හමුදා යානා..”

  1. SL says:

    ඉන්දියාව ලංකාවට කවදාවත් ගොඩ යමක් නැහැ , 80 ගණන් වල ඇමෙරිකාවට ලංවුනා කියල කොටි ට්‍රේනින් කරලා 87 යුද්දේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී පරිප්පු දාල කුපාඩි වැඩක් කරා

    මේ පාර මේ විදියට.මම කියන්නේ අපි කොයි හරි රටකට හේත්තු වෙලා නොබැඳි ජාතීන්ගේ කතන්දරේ අමතක කරලා දාන්න ඕනේ .ත්‍රිකුණා මලේ ,යාපනේ හැම තැනම විදේශ හමුදා කඳවුරක් දාන්න ඕනේ .

  2. Jackson Michal says:

    We trust that Indian govt. is very good friend of President and Primer of Lankan. Govt of Indian will not harm to our country and people. why is so that Buddhism came from India .

  3. Jackson Michal says:

    We trust that Indian govt. is very good friend of President and Primer of Lanka.
    The Govt of Indian will not harm to our country and people, why is that so Buddhism came from India . We Lankan followed by thought of Gandhiji.

  4. චීන්නු රීල ඉවරයි. ගඳ ගහන හින්දා ඉන්දියානුවෝ වතුර දානවා හෝද ගන්න.

  5. දර පාන් says:

    නෑ නෑ.. මුන් ඔක්කොම හදන්නේ ලංකාවට කෙලවන්ට.. ඒකවත් උඹලට තේරෙන්නේ නැති හැටියක්..

  6. Subscribe says:

    චීන විදෙස් ඇමති කතා කරලා තියෙන්නේ හරි බඩුවක් එක්ක.

  7. Mangala says:

    වෙඩි තියන්න ඕනේ මෙහෙ සිමාව පැන්නුව ම

  8. Herath Banda Karaliyada says:

    New invade of USA will be come to Indian Ocean countries by Republic of Indian regime in power of Modi form of govt. Our countries have to face Indian colonialism by support of USA hegemonies….by Drone planes of US new technology . It is preparing occupy new intervention of sovereignty nation of Indian Ocean countries by IPKF of Indian army.

  9. අල්ලා says:

    තමන්ගෙ අසල්වැසි බලවත් චීනය අමනාප කරගෙන මිසදුටු බටහිර බහිරවයන්ට ගැති වීමෙන් ඉම්දියාවට විනාශයක් මිස සෙතක් වෙන්නෑ….