චීනයට කොන්ද පණ නෑ.. මහින්දට දඬුවම් කල යුතුයි..- අජිත් පෙරේරා

July 6, 2018 at 10:40 am | lanka C news
චීනයට කොන්ද පණ නෑ.. මහින්දට දඬුවම් කල යුතුයි..- අජිත් පෙරේරා

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ඩොලර් මිලියන 7.6ක් දී ඇතැයි එල්ල වන චෝදනාව සම්න්ධයෙන් චීනය විසින් කර ඇති කරුණු පැහැදිලි කිරීම් කිසිවක එවන් මුදලක් නොදුන් බව සදහන් වන්නේ නැතැයි නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

එවන් මුදලක් දුන් බව හෝ නොදුන් බවක් කෙලින් කියන්නට තරම් චීනයට කොන්ද පන නැති බවද නියෝජ්‍ය ඇමතිවරයා කියයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණ පවත්වා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට දඬුවම් දිය යුතුව ඇති බවද ඔහු සදහන් කරයි.

හිරු රූපවාහිනියේ ඊයේ පැවති ‘බලය’ දේශපාලන විවාදයේදී නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කලේය.

වසර 150ක පමණ කීර්තිමත් ඉතිහාසයක් ඇති නිවුයෝක් ටයිම්ස් පුවත්පත වගකීමකින් තොරව පුවත් පල කරනු ඇතැයි තමන් කිසිසේතම නොසිතන බවද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

211 views
Main News