චීනයට මාදුරුඔය රක්ෂිත වනය විකුණා දමයි.. ජනතාව නඩු යයි..
April 18, 2017 at 10:00 am | lanka C news
චීනයට මාදුරුඔය වන උද්‍යානයෙන් අක්කර 54,250ක් ලබා දී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ඉන් අක්කර 43250ක ප්‍රමාණක් කාර්මාන්ත ඇතිකිරීමටත්, ඉතිරි කොටස උක් වගාව හා ගව පාලනයට වෙන් කර ඇති බවත් සදහන්ය.
ජනතාව පෙන්වා දෙන්නේ මාදුරුඔය රක්ෂිතය තුල තම ගවයින්ට තණකොළ කැවිමටවත් ඉඩ නොදෙන වනජිවි නිලධාරීන් මෙම ඉඩම් චීනයට ලබා දීම ගැන මුණිවත රකිමින් ඇත්තේ සෘජුව රජය මැදිවත්වන නිසා බවයි.
ජනතාව විසින් මීට එරෙහිව ගොනු කරන ලද නඩුවක් එන 27 වැනිදා අධිකරණයේ දී විභාගයට ගැනේ.