චීනයට හම්බන්තොට වරාය දෙනවාට ඇමරිකාව, ඉන්දියාව, ජපානය ලක් රජයට විරෝධය දක්වයි..
April 15, 2017 at 6:48 pm | lanka C news
චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීම සම්බන්දයෙන් ඇමරිකාව, ඉන්දියාව හා ජපානය සිය විරෝධය ශ්රී ලංකා රජයට දන්වා ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්රී ලංකා නාවුක හමුදාව විසින් හම්බන්තොට වරායේ පූර්ණ පාලනය, ආරක්ෂාව, ඇතුළුවීම, පිටවීම පාලනය කළ යුතු බවද එම රටවල් දන්වා තිබේ.
ශ්රී ලංකා රජය විසන් මීට විසදුම් ලෙස යොජනා කර ඇත්තේ ත්රිකුණාමල වරායේ ආයෝජන සදහා ඉන්දියාවට හා ජපානයට ආරාධනා කරන බවයි.
ඉන්දියාවට ත්රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයද ආයෝජන අවස්ථා ලබා දීමට යෝජනා කර ඇත.