චීනයට හම්බන්තොට වරාය විකිණීමෙන් ණය බර වැඩිවෙයි.. අන්තිමේ වරායත් නෑ..
January 7, 2017 at 4:40 pm | lanka C news
පිවිතුරු හෙළ උරුමය මුල්ස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
මේ ආණ්ඩුව පුන පුනා කියන්නේ ණය බර නිසා තමයි හම්බන්තොට වරාය චීනයට දෙන්න වුණේ කියලා. නමුත් මේ ගිවිසුම අත්සන් කොලොත් ණය බර අඩුවෙනවා වෙනුවට වැඩි වෙනවා.
කොහොමද ඒක වෙන්නේ? මේ ගිවිසුම අනුව ඩොලර් බිලියනයක් මුලින් ගෙවනවා ආණ්ඩුවට 80% සදහා ඒ නිසා ණය මුදලින් සත පහක්වත් අඩු වෙන්නේ නෑ. ආණ්ඩුව ඒ මුදල් ණය කපා හැරීම සඳහා නෙවෙයි ආණ්ඩුවේ වෙනත් ප්‍රශ්න වලට වියදම් කරනවා.
ගිවිසුම අනුව ලංකා ආණ්ඩුවට චීන සමාගමෙන් ලංකා ආණ්ඩුවට ඉදිරි වසර 15 සඳහා සතයක්වත් ලැබෙන්නේ නෑ. දැන් හම්බන්තොට වරායෙන් යම් ප්‍රතිශතයක් ණය ගෙවීම සඳහා අපිට හම්බවෙනවා. ඒ නිසා ණය බරේ පීඩනය අඩුවෙනවා.
නමුත් ලබන වසරේ සිට වරායෙන් සතයක්වත් ණය අපහු ගෙවන්න දායක වෙන්නේ නෑ වසර 15ක් යනතුරු. ඒ නිසා වරායෙන් ලැබුනු ආදායමත් වෙන බද්දකින් හරි වැට් බද්දෙන් හරි තමයි ආණ්ඩුවට ඒ මුදල චිනයේ ණය ආපසු ගෙවන්න වෙන්නේ.
මේ ගිවිසුම නිසා ණය බර අඩු වෙනවා වෙනුවට ණය බර විශාල වශයෙන් වැඩි වෙනවා අන්තිමට විකුණන්න වරායක් වත් නැතිවෙනවා. මාගම්පුර වරායේ ණය ගෙවීම දැනට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් ඇතිවෙන්නේ මේ ගිවිසුම අත්සන්කර වසර 15කට වරායෙන් ලැබෙන ආදායම අහිමි කර ගත්තොත්.
– අරවින්ද අතුකෝරල
This Yamapalanaya is like an Eda Wela Touring Company.