චීනයෙන් ඉන්ධන නැවු එකහමාරකට මුදල් ආධාර..

May 4, 2022 at 8:02 am | lanka C news
චීනයෙන් ඉන්ධන නැවු එකහමාරකට මුදල් ආධාර..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා අතර පසුගිය අප්‍රේල් 22වැනිදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් චීන යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීන රජය තීරණය කර තිබේ.

මීට පෙර පැවති දුරකථන සංවාදයේදී අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බවත් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අප උපරිමයෙන් කටයුතු කරන බවත්ය.

මෙම ප්‍රදානය පිළිබඳව දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දුෂ්කර අවස්ථාවේ චීන රජය මෙසේ ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය අගයකරමින් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතාට සහ චීන රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රණාමය පුද කර සිටියේය.

මෙම නවතම ප්‍රදානය සමඟ චීනය මෙම අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති ආධාරවල මුළු වටිනාකම චීන යුවාන් මිලියන 500ක් පමණ වන අතර එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76ක් වනු ඇත.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

24,961 views

10 Comments to “චීනයෙන් ඉන්ධන නැවු එකහමාරකට මුදල් ආධාර..”

  1. Lalla says:

    අපේ රට ලෝකය ඉදිරියේ දණගැස්වූ ඔය පුද්ගලයා සහ පවුල පස්සේ කටුකන්න යන වුන්ට ලජ්ජාව කියල දෙයක් ඇත්තේම නැද්ද. මේක ලොකු ප්‍රශ්නයක්. ලාංකික සමාජය මේ තරමට නිවට වුනේ ඇයි.

  2. Rishan says:

    If there was a credible leader in the country we don’t need to get handouts like this kind; we could have get proper financial support from reputed financial institutions with dignity.

    • Hora Gudda says:

      That’s right! we can’t go on begging from the world forever. China is a shrewd country, China never gives anything free or out of sympathy. China’s long-term objective is to make SL their obedient Colony to put fear into India. Mahinda is an agent of China, and China is famous for bribing poor struggling small country leaders like SL.

      The main issue for sL is there is no any patriotic, Honest, sufficiently Educated, Forward-Looking, leader to take over the reins of the country’s government and lead the country out of the massive economic downfall created mainly due to Thefts, Corruption, Nepotism or favoring family members and relatives, friends and Terrible economic mismanagement which ruined the country’s economy beyond repair for a long time to come.

  3. දේශවීමුක්ති says:

    http://www.colombotoday.com/nalin-de-silva-3454456/සියලු සිංහල බෞද්දයන් විසින් කියවාගත යුතු මේ උද්ඝෝෂනයේ යටි අරමුණු විග්‍රහ කරන ලිපියක්

  4. Partisan says:

    ගෝල් ෆේස් GotaGoගම යනු ගෝටා විරෝධය මුවාවෙන් චීන පෝර්ට් සිටී ව්‍යාපෘතියට ඇති පිවිසුම අවහිර කිරීමක් හා ව්‍යාපෘතියේ කටයුතු කඩාකප්පල් කරන බටහිර AUKUS උපක්‍රමයක්ද යන සැකය මතු වෙමින් තියනවා.
    බටහිර තානාපති කාර්යාල විසින් පෝර්ට් සිටියට බාධා පමුණුවමින් විරෝධතාවයේ සූක්ෂමව යොදවා ඇති කණ්ඩායම් වහා ඉවත් වී වෙන තැනකට යා යුතුය.

    • කපුටාස් says:

      බැසිල් අළුගුත්තේරු මොළ හතා දෙපැත්ත කන ඩබල් ගේම් මේවා.
      ගෝටාගෝගම රාජපක්‍ෂලාගේම නිර්මාණයක් කියලා රාවයක් පවතිනව.

  5. දේශවීමුක්තී says:

    චීනය ලංකාවේ හතුරෙක් අපේ අරාබියේ යුරෝපයේ හතුරෙක් දැන් මෙහෙම ණය ,ආධාර දුන්නම මේ ප්‍රශ්නෙ ගොඩ යනවනෙ එතකොට අපි මේ සිංහල බෞද්ධ නායකයෝ එලවන්න කොහොමද ?අපේ කෙනෙක් දාගෙන මුන්ගේ බලය කඩන්නේ කොහොමද?

  6. SL #gOhOME says:

    කොච්චර කල් හිඟා කන්නද. පාර්ලිමේන්තුවේ ඉන්න ගල් ඉබ්බෝ 220+1 ට මිනිස්සුන්ගේ ඉල්ලීමක් කරන්නවත් සිහියක් නැහැ.
    හැම ප්ම්කයාම රජ වෙන්න දඟලනවා මිසක්
    අර පිරිමස්මෙන් ඉන්ධන භාවිතා කරන්න සහ රකියාවට යන්න එන්න පොදු ප්‍රවාහනය භාවිතා කර ඉන්ධන පිරිමසන්න කියල ඉල්ලීමක් කරන්නවත් මුන්ට හිතෙන්නේ නැහැ.

    පාරේ දැක්කොත් කාර් කීයක් යනවද තනි මිනිහෙක් අරගෙන. ඇමතිලා කීදෙනෙක් V8 වල යනවද, සජිය උද්ගෝෂණ කරන අතර තුර කොච්චර ඉන්දන ප්‍රමාණයක් විනාශ කලාද

    මේ බල්ලෝ ජනාධිපති ඔටුන්න දාගනේ හීන දකිනවා

  7. Partisan says:

    ගෝල් ෆේස් GotaGoගම යනු ගෝටා විරෝධය මුවාවෙන් චීන පෝර්ට් සිටී ව්‍යාපෘතියට ඇති පිවිසුම අවහිර කිරීමක් හා ව්‍යාපෘතියේ කටයුතු කඩාකප්පල් කරන බටහිර AUKUS උපක්‍රමයක්ද යන සැකය මතු වෙමින් තියනවා. බටහිර තානාපති කාර්යාල විසින් පෝර්ට් සිටියට බාධා පමුණුවමින් විරෝධතාවයේ සූක්ෂමව යොදවා ඇති කණ්ඩායම් ගැන අවධානයෙන් සිටිය යුතුය.

  8. අමරබංදු says:

    තෙල් නැවු 100 ක් ගන්න පුලුවන් සල්ලි පන්සල්වල ලොකුහාමුදුරුවරු ළඟ තියෙනවා

Main News