චීනයෙන් පිටතදී පළමු කොරෝනා මරණය වාර්තා වේ..

February 2, 2020 at 12:40 pm | lanka C news
චීනයෙන් පිටතදී පළමු කොරෝනා මරණය වාර්තා වේ..

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටතදී පුද්ගලයෙකු මුල්වරට මරණයට පත්වී තිබේ.

පිලිපීනයේ දී මෙසේ මරණයට පත්ව ඇත්තේ චීන ජාතිකයෙකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ මෙසේ මියගිය පුද්ගලයා චීනය වූහාව් නගරයේ සිට පැමිණි පුද්ගලයෙකු බවයි.

මේ වන විට වෛරසය හේතුවෙන් චීනය තුල මිය ගිය ගණන් 304 දක්වා ඉහල ගොස් ඇති අතර ආසාදිත වූවන් ප‍්‍රමාණය 14300ක් වෙයි.

161 views
Main News