චීනයෙන් ශ‍්‍රී ලංකාවට දැඩි විරෝධය… තමනට ගෙවිය යුතු ණය ඉල්ලයි..

May 21, 2022 at 12:01 am | lanka C news
චීනයෙන් ශ‍්‍රී ලංකාවට දැඩි විරෝධය… තමනට ගෙවිය යුතු ණය ඉල්ලයි..

‘දැනටමත් චීනය තමන්ගේ තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා. අපි ඒ අයගේ ද්විපාර්ශවීය ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන්. මේ අවුරුද්දේ විතරක් තියෙනවා ඩොලර් මිලියන 920 ක් ගෙවන්න චීනයට. දැන් ඒක ගෙවන්නේ නැති වීම ගැන තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා’ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජය විසින් අත්‍යාවශ්‍යයෙන් සිදු කළ යුතු ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් ඊට තම සහාය ලබාදීමට සූදානම් බවය.

“අපට නැවත තව දශකයකටවත් අන්තර්ජාතික වෙළඳපොලෙන් ණය ලබාගන්න අපහසුයි.  මුළු රටේ සෑම ක්ෂේත්‍රයක්ම අද එක්තරා ආකාරයකට සම්පූර්ණයෙන්ම බංකොලොත් කරලා දාලා ඉවරයි පසුගිය කාලයේ සිදු කරපු මූල්‍ය කළමනාකරණයේ වරද නිසා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා කෙරෙහි යම් බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා සමාජයේ. එතුමා මෙවැනි තත්ත්වයක් යටතේ 2001 දී මේ විදිහේ තත්ත්වයක් යටතේ විදුලිය නැවත ලබා දුන්නා කරු ජයසූරිය මහත්තයත් එක්ක. ඒ වගේම විදේශ රටවල සහ ඒ විශේෂයෙන් බටහිර ලෝකයේ රටවල සහය එතුමාට ලැබෙයි. ජපානයේ සහය ලැබෙයි. ආදී වශයෙන් යම් බලාපොරොත්තුවක් සමාජයේ ඇතිවෙලා තියෙනවා. නමුත් අපි යථාර්ථවාදීව බැලුවොත් එතුමාට ඒ විදිහට බටහිර ලෝකයෙන් හෝ ජපානයෙන් හෝ වෙනත් තැනකින් දේශපාලන කොන්දේසිවලින් තොරව එතුමාගේ පුද්ගලික සබඳතා කරලා යම් ණයක් ගන්න පුළුවන් නම් මේ වෙලාවේ රටට ඒක ඉතාම වටිනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ගැටලුව අපි ද්වීපාර්ශවීය වශයෙන් තිබෙන සියලුම ණය මේ වෙනකොට අප්‍රේල් 12 වෙනිදායින් පස්සේ අපි ගෙවන්නේ නැහැ කියලා තියෙනවා. මේ රටවල් වලට අපි ඒගොල්ලන්ගේ ගත්ත ණයත් ගෙවන්නේ නැතුව අලුත් ණයක් ලබා ගැනීම ඉතාම අපහසුයි. දැනටමත් චීනය තමන්ගේ තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා. අපි ඒ අයගේ ද්විපාර්ශවීය ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන්. මේ අවුරුද්දේ විතරක් තියෙනවා ඩොලර් මිලියන 920 ක් ගෙවන්න චීනයට. දැන් ඒක ගෙවන්නේ නැති වීම ගැන තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා. ජපානය හෝ ඉන්දියාවෙන් සමහරවිට තව පොඩ්ඩක් ලැබෙයි. ඉන්දියාවෙන් යම් යම් සහන ලැබෙමින් තියෙනවා. නමුත් ඒවා එක්ක දේශපාලන කොන්දේසිත් තියෙනවා අපිට පේනවා. යම් ආර්ථික කොන්දේසි තියෙනවා අපිට පේනවා. ඒ නිසා අපි හිතන තරම් ඉක්මනට දැවැන්ත ධනයක් ඇවිල්ලා ඩොලර් බිලියන 3-4 ක් ඇවිල්ලා තෙල් පෝලිං, ගෑස් පෝලිං, ආහාර පෝලිං, ඖෂධ හිඟය, නතර වෙන පාටක් නම් නැහැ.

අපට ඇත්තේ එක් පුංචි අවස්ථාවක් පමණය. ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන්  අපේ රටට ලබාදී තිබෙන ව්‍යාපෘතිවල සඳහා ඩොලර් මිලියන 1900 ක් බැංකුවල ඉතිරිව පවතී. එම මුදල් යොදවා ඇත්තේ සංවර්ධන කටයුතු සඳහා වන අතර ඒ වෙනුවට තෙල්, ගෑස්, ඖෂධ, සහ ආහාර මිල දී ගැනීම සඳහා එම මුදල් යොදවා ගත හැකි නම් දුෂ්කරතා මධ්‍යයේ වුවද මේ වසර ගෙවා ගත හැකි බව රණවක මහතා පෙන්වා දෙයි.

“දැනට ලෝක බැංකුව පමණක් අපට ඩොලර් මිලියන 400 ක් විතර ඒ විදියට කරන්නම් කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒකෙන් කොටසක්  බෙහෙත් ගන්න. කොටසක් අපිට පුළුවන් වෙයි ආහාර වලට යොදාගන්න. ළදරු කිරිපිටි වලට යොදාගන්න. තෙල් හා ගෑස් වලට එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ නැවත මේ තාවකාලිකව මේ දේවල් වෙනස් කරත් මේවා අනිවාර්යයෙන්ම ලබන ජූනි මැදදි මහා අර්බුධයන් හැටියට කරළියට එනවා. ඉතින් අද වෙනකොට මේ ප්‍රශ්නයෙන් මුළු රටම වෙලිලා ගිහිල්ලා ඉවරයි. රටේ සෑම ක්ෂේත්‍රයක්ම අනුක්‍රමයෙන් අකර්මණ්‍ය වෙමින් යන තත්වයක් තමයි අපිට පේන්නේ. තැන් තැන් වලින් ඩොලර් මිලියන 10-15 එකතු කරගෙන තෙල් නැවක් ගෙන්න ගැනීමෙන් හෝ රටකින් ඩොලර් මිලියන 100-200 අරගෙන මාසෙකින් අර්බුදය කල් දමා ගැනීමෙන් හෝ මේකට විසඳුමක් නැහැ දැන්.

දැන් අපි මේකට ස්ථාවර විසඳුමක් ඇති කර ගන්නවා නම් හොඳ ස්ථාවරත්වයක් මුලින් ඇති කරගත යුතුයි. ඒකට සර්වපාක්ෂික නියෝජනයක් අවශ්‍යයි. දැන් අපිට පේනවා ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන අපි බලාපොරොත්තු තැබුවත් තාමත් මේ ආණ්ඩුව විශාල කුට්ටිය පාර්ලිමේන්තුවේ හසුරුවන්නේ රාජපක්ෂලා නිසා. අපි හිතුවා මැයි 9 වෙනිදා සිදුවීම් වලින් ඒගොල්ලෝ පාඩම් ඉගෙනගෙන ඇතියි කියලා. එහෙම නැහැ. තාමත් ඒ පිටිපස්සේ හිටිය ජාවාරම් කල්ලිත්, ඒ අයත් තාමත් මේක මෙහෙයවන්න උත්සාහ කරනවා. ඇමති මණ්ඩලය මෙහෙයවන්න උත්සාහ කරන බව අපට පේනවා. ඉතින් ඒ තත්ත්වය තුළ අග්‍රාමාත්‍යවරයා ගේ පොරොන්දු බොහෝ දුරට එතුමාට ඉටු කරගන්න බැරි තත්වයක් අපි දැක්කා නියෝජ් ය කතානායක තරඟයේදීත්.

19 වෙනි සංශෝධනයට සමාන සංශෝධනයක් ඉදිරිපත් කොට අනුමත කරගැනීමට දැවැන්ත බාධාවක් රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත් වීම නිසා එය සම්මත කර ගැනීම ද දැන් ගැටළුවක් වෙමින් පවතී. ඒ හේතුවෙන් චමල් රාජපක්ෂ කියන විදියට අත්හරින්න පුරුද්දක් නැත්නම්,  අත්හැරලා යන්නේ නැත්නම්, ඒ අය අකර්මණ්‍ය කිරීමට කටයුතු කළ යුත්තේ  රජයයි. එය නොකෙරෙන තාක් රට ඉදිරියට යන්නේ නැත.

“ඒ අය ආවත් එකයි. ඒ අයගේ නියෝජිතයන් ආවත් එකයි. ඉතින් ඒක නිසා අපි අවධාරණය කරනවා මේ දේශපාලන ස්ථාවරත්වය හා සාමූහික පාලනයකින් තොරව  පුද්ගලයෙක් දෙන්නෙක්ට ගිහිල්ලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි අමාත්‍ය ධුර භාර ගැනීමේ අදහසක් නෑ. නමුත් අත්‍යවශ්‍ය අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුළ රජය විසින් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සුබවාදී නම් ඒවට අපේ විවෘත සහයෝගය ලැබෙනවා. ආර්ථිකමය ප්‍රතිසංස්කරණ කිරීමට අපේ සහයෝගය ලැබෙනවා. අර්බුදයෙන් ගැලවීමට නම් මිත්‍ර රාජ්‍යයන් කියන ඒවා අපට උදව් කරන්නේ නැත්නම් ආධාර සමුළු වලින් අපිට ආධාර ගලා එන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් අතමාරුව අපිට තවදුරටත් ලැබෙන්නේ නැත්නම්, අපට කරන්න තියෙන එකම දෙයයි.

අපි වර්ධනය අමතක කරලා ආර්ථිකය හැකිතාක් දුරට සංකෝචනය කරගෙන, මගේ යෝජනාව 25% කින්  අපේ ආර්ථික පරිභෝජන අවශ්‍යතා සංකෝචනය කරගෙන මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරන්න. ඒ සඳහා විවෘතව ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේ රටේ ගෑස් පරිභෝජනය ගත් කල, වාර්තා වෙන විදිහට රටේ ගෘහස්ථ පරිභෝගිකයන්ගෙන් 30%  අතර ප්‍රමාණයක් තනිකරම ගෑස් මත තමයි යැපෙන්නේ. ඒ කොළඹ හා මේ අවට ප්‍රදේශ හා රට පුරා නාගරික ප්‍රදේශවල ඉන්නේ.

ගෑස් ලබාදීමේ යම් ක්‍රියාවලියක් අනුගමනය කරන්න ඕන දැන්. නැත්නම් මිනිස්සු පෝලිම් වල දවස් ගණන් පෝලිම් ගස්සවා ගැනීමේ තේරුමක් නැහැ. ලිට් රෝ සමාගමට සම්පූර්ණ සැපයුම දෙන්න විදිහක් නැහැ. ගෑස් ටැංකි හතළිස් ලක්ෂයක්, හතළිස් ලක්ෂයක් හිස් ටැංකි අද ලංකාව පුරා තියෙනවා. ඉතින් දවසකට පනස්දාහක් පාරට දාලා කිසිම වැඩක් නැහැ. මොකද හතළිස් ලක්ෂයක් බලාගෙන ඉන්නවා ගෑස් පුරවන්න. ඒවා නිකම්ම වාෂ්ප වෙලා යනවා. ඒක නිසා අපි ගෑස් දෙන්න පුළුවන් මෙන්න මේගොල්ලන්ට විතරයි. මෙන්න මේ දවසේ තමයි ඒක දෙන්නේ. මෙන්න මේ වෙලාවට අසුවල් තැනට යන්න කියලවත් වැඩපිළිවෙලක් අඩුගානේ දැන් හදාගන්න ඕනේ මිනිස්සු පාරවල් වල රස්තියාදු කරන්නේ නැතුව.

තෙල් ප්‍රශ්නෙ ගත්තත් එහෙමයි. පෙට්‍රල් නැවක් ආවයි කියලා, එහෙම නැත්නම් ඩීසල් නැවක් ආවයි කියලා, මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ගල් අඟුරුත්, මේ ජූනි මාසෙන් පස්සේ ඉවරයි. මොකද, වාරකන් කාලය ඇවිල්ලා මේ ගෑස් නැවට පොම්පේ හයි කරගන්න බැරි නම්, ගල් අඟුරු කොහොමවත් ගොඩබාන්න බැහැ. ගල් අඟුරු නැහැ කියන්නේ දැනටමත් මෙගාවොට් 300 ක් ගහලා ගිහිල්ලා තියෙනවා. ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ගල් අඟුරු නැතිවෙච්ච හැටියේ. ජූනි වලින් පස්සේ අපිට. ඒ නිසා මේ විදුලිය ලබාදීම ඒ වගේම තෙල් ලබාදීමේදී ප්‍රමුඛතාවය දෙන්න ඕන පොදු ප්‍රවාහනයට. දුම්රියට. දුම්රියට යන්නේ 1% යි. තෙල් වලින්. හැබැයි මගීන්ගෙන් 5% ක් ප්‍රවාහනය කරනවා.  අපේ බස් ඇණියට යන්නේ තෙල් 10% යි. මුළු තෙල් වලින්. හැබැයි මගීන්ගෙන් 48% ක් ප්‍රවාහනය කරනවා. කරනවා.  දුම්රියට, බස් එකට, ලොරි පද්ධතියට, ඒ වගේම කෘෂිකාර්මික උපකරණ වලට මේවා ලබාදෙන්න ඕනේ.

ඒ වගේම අපට තියෙන සීමිත ඩොලර් වලින් දරුවන්ගේ ඖෂධ, ඒ වගේම මියයන්න නියමිත රෝගීන්ගේ ඖෂධ, ගෙනල්ලා ඒ රෝගීන් ගලවා ගැනීමට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. රටේ මිනිස්සුන්ට අපි අවස්ථාවක් දෙන්න ඕනේ තමන්ගේම ආහාර ටික හදා ගැනීම සඳහා ගෙවතු ලක්ෂ 20 ක්වත් රට තුළ ඇති කිරීමේ වැඩපිළිවෙළක් දැන් අපි යන්න ඕනේ. නැත්නම් සාගතය විසින් තමයි ඊළඟ කැරැල්ල එන්නේ. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල තිබුණ කැරැල්ල ඊළඟට එන්නේ රෝහල්වල බේත් නැතුව. ඒ වගේම කන්න නැතුව තමයි ඊළඟ කැරැල්ල එන්නේ. ඒක දේශපාලකයින්ගේ ගෙවල් විතරක් කොල්ල කාලා නතර වෙන්නේ නැහැ. ඒක ඇති හැකියි කියලා හැඟෙන සෑම කෙනාටම එරෙහිව යන මහා කැරැල්ලක් බවට මේ රටේ පත් වෙනවා.  මැයි නම වෙනිදා වෙච්ච සිදුවීම එක දවසයි සිද්ධ වුණේ නැත්නම් දවස් දෙකයි. ඒක අපේ ඊළඟ අවුරුදු 10 ම මේ රටේ අපි ඉදිරියේ මැවෙන දර්ශනය බවට පත්වෙයි. රටේ සාමාන්‍ය බවට පත්වෙයි. ආරක්ෂක අංශවලට එවැනි අරාජික තත්වයක් පාලනය කරන්න කොහෙත්ම හැකියාවක් නැති බව මැයි 9-10 පෙන්වලා දුන්නා.

අපේ තියෙන සීමිත අපනයන ආදායම්, ඒ වගේම ප්‍රේෂණ ආදායම ඒ වගේම සේවා ආදායම් සහ අපේ ආනයන අත්‍යවශ්‍ය දේවල් වලට සීමා කරලා රට අමාරුවෙන් මේ අවුරුදු එකහමාර ඉදිරියට ගෙනිහිල්ලා අපිට ණය ගෙවා ගන්න පුළුවන් තත්වයක් රට තුල ඇති කරගෙන අන්තර්ජාතික විශ්වාසය නැවත දිනාගෙන යන්න ඕනේ. මේ සියල්ලටම අපිට අවශ්‍යයි ස්ථාවර දේශපාලන තත්වයක්. ඒ දේශපාලන තත්වය ඇති කරගන්න අවශ්‍යයි. දේශපාලන ප්‍රතිසංස්කරණයක්. එළියේ අරගලයක් වෙනවා. ඒ අරගලයට කන් දීමක් වෙන්න අවශ්‍යයි. ඒ අය මේ පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීමක් අවශ්‍යයි. එවැනි ක් රියාදාමයකින් පස්සේ මං හිතන්නේ මැතිවරණ වලට යෑම අපට හැකියාව ලැබෙයි.

මෙය කර ගැනීමට නම්, අපේ දේශපාලන සංස්කෘතියේ පූර්ණ වෙනසක්, ඒ වගේම දේශපාලන ස්ථාවරත්වයක්, සියලු පක්ෂ නියෝජනය වන සර්වපාක්ෂික ක්‍රියාවලියක් අවශ්‍යයි.” රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්වූ 43 සේනාංකය සභාපති. හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා අවධාරණය කළේ 21 සංශෝධනයෙන් රට වනසන ද්විත්ව පුරවැසි රාජපක්ෂට පාර්ලිමේන්තුව තහනම් කිරීම සඳහා කටයුතු කළ යුතු බවය.

“මේ මාසේ ඇතුළත, මේ මැයි මාසේ, ජූනි මාසේ වෙනකොට වහාම ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා, ස්වාධීන මැතිවරණ කොමිසම, අධිකරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්ය සේවා කොමිසම, විගණන කොමිසම යනාදී ස්වාධීන කොමිසම් යළි දහනමයේ තිබුණු ආකාරයට බලාත්මක කරන්ටත් ජනාධිපතිගේ බලතල කප්පාදු කරන්නටත්. විශේෂම කාරණය ද්විත්ව පුරවැසියන්ට මේ රටේ පාර්ලිමේන්තුවට පැමිණීමේ මහජන නියෝජිතත්වය දැරීමේ හැකියාව ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන දවසේ සිට අහෝසි කරන නීතිය ගේන්න කියලා. එතකොට නියෝජ්‍ය කථානායක තෝරන දවසේ දාපු සෙල්ලම් දාන්න හම්බවෙන්නේ නැහැ. අද ඒ ද්වි පුරවැසියෝ සහිත රාජපක්ෂලා ඇමරිකා එක්සත් ජනපදය ආරක්ෂා කරගන්න යුද්ධ කරලා උනත් ආයුධ අත දරලා සටන් කරලා හෝ ඇමරිකා එක්සත් ජනපදය ආරක්ෂා කරන්න දිවුරලා ඒ රටේ පුරවැසිභාවය ගත්ත අය. ඒගොල්ලන්ට මේ රට ගොදුරු බිමක් විතරයි. ගෙදර එහෙ. එම නිසා ඒ අයට වැට බඳින්න සූදානම් වෙන්න ඕනේ. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණයට  මුල් තැන දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ආර්ථිකයේ මේ යන මාවත, ණයට ඩොලර් ගත්තත්, ආපහු ඒවා ගෙවන්න වෙනවා. ඊට වැඩිය වෙනස් විකල්ප දැන් අපට අපි හමුවේ ඉදිරිපත් වෙලා තිබෙනවා.”

රට කොල්ල කෑ නිලධාරි රංචුවට නැවත වගකීම් ලබා නොදිය යුතු බව මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංකය මුදල් ලේකම්. ඉංජිනේරු සුමේද රත්නායක මහතා පෙන්වා දුන්නේය.

“අන්තර් පාරවාර රජයක් ඉදිරියට පවත්වාගෙන යනවා නම් රජයේ අමාත්‍යාංශ ලේකම්වරුන්, ඒ වගේම අනෙකුත් තනතුරු සඳහාත් ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දෙන, ජනතාවට සහන සලසා දෙන පුද්ගලයින් ඒ තනතුරු වලටත් පත්විය යුතුයි. එසේ නොමැති වුවහොත්, අපි හිතන්නේ නැහැ, ඔය බලාපොරොත්තු වෙන අන්තර්වාර රජය කරගෙන යන්නට පුළුවන් වෙයි කියලා. උදාහරණයකට කියනවා නම් දැන් මේ මහා මාර්ග අමාත් යාංශයේ ලේකම්වරයා, අපි දැක්කා පාර්ලිමේන්තුවේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කියනවා, ඔහු අරලියගහ මන්දිරයේ එදා රැස්වීමේ හිටියා. ඒ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ආපු පුද්ගලයින්, මැරවරයින් ගෝල්ෆ ඒ තරුණයින්ට පහර දුන්නා කියලා. මේ ලේකම්වරයා අමාත්‍යාංශයට මුදල් නැති බව ඉතා හොඳින්ම දැන දැන කොන්ත්‍රාත්කරුවන්  ලවා වැඩ කරවාගෙන මේ වෙනකොට රුපියල් බිලියන 100 ක පමණ බිල්පත් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉන්න සභාපතිවරයා, ඔහුව තමයි යුග දනවි ගිවිසුම අත්සන් කරන්නට කටයුතු කළේ. අර සුළං විදුලිබල ව්‍යාපෘතිය අදානි ට දෙන්නට කටයුතු කළේ  මේ වෙනකොටත් විදුලිබල මණ්ඩලයේ  2030 වෙනකම් කරන්නට ඕන ව්‍යාපෘති ක්ෂණිකව, ඉතා කෙටි කාලයක් තුළ කිරීම සඳහා ටෙන්ඩර් කැඳවමින් තිබෙනවා කියලා අපිට ඒ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරු කියනවා. ඒක මේ මොහොතේ ප්‍රමුඛතාවය නෙමෙයි. අපි මේ ළඟදී කරපු සාකච්ඡාවකදී, අපිට ඒ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරුන් කිව්වා, තව මෙගාවොට් 800 ක් , මේ රටේ විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන්න පුළුවන්, මේ රටේ කිසිම ගැටළුවක් මේ පද්ධතියට සම්බන්ධ කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ දේවල් තමයි මේ මොහොතේ අවශ්‍යතාවය.

ඊයේ නාගරික සංවර්ධන අධිකාරියේ වීර මාවත ව්‍යාපෘතියේ අපි ඉන්න කාලේ වියත්පුර කියලා නම් කරලා මේ රටේ වෘත්තිකයින්ට ලබාදීම සඳහා තමයි මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස සම්පූර්ණ ගොඩනැගිල්ලක් වෙන් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා ඊයේ. යතුරුත් භාර දීලා ඉවරයි කියලා. 47 කට  වගේ ප්‍රමාණයකට නම් හානි වෙලා තියෙන්නේ. මේ එක ගෙයක්  රුපියල් මිලියන 17 ක් වෙනවා. රුපියල් මිලියන 17 ක ගෙවල් 101 ක් කියන්නේ රුපියල් මිලියන 1717 ක් . මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් මුළුමනින්ම වියදම් කරලා තියෙනවා. මේ මෙවැනි මුදල් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට මම හිතන්නේ නැහැ රජයට ලබා දෙන්න පුළුවන් කියලා මේ මොහොතේදී. එවැනි දෙයක් සිද්ධ කරහම නාගරික සංවර්ධන අධිකාරියත්, දුෂ්කරතාවයට පත්වෙලා බංකොලොත් වෙන්න පුළුවන්.

අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතලා කියනවා ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම තමන්ගේ වැඩ කොටස නියමිත ආකාරයට ඉෂ්ට කළේ නෑ කියලා ඔවුන්ව අද කෝප් කමිටුවට ගෙනල්ලා තියෙනවා අපි දන්නේ නෑ එතන මොකක්ද සිද්ධ වුණේ කියලා. ඔවුන් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා ද කියලා. අපි දන්නවා හැබැයි මේ ලිට්රෝ සමාගමේ සභාපතිවරයා විදිහට ඉන්නේ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා. පොදුජන ඉංජිනේරු පෙරමුණ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානම ආයතනයක්. ”

43 සේනාංකය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා මෙහිදී සඳහන් කළේ අරගලය තවමත් අවසන් නොමැති බවය. දැනට පවතින අරගලය ඉදිරියට බහුජන සටනක් බවට පත්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

“ආර්ථික ප්රශ්න හින්දා විතරක් නෙමෙයි මේ අර්බුදය උඩු දිව්වේ. ඇත්ත වශයෙන්ම ආර්ථික ප්රශ්නය ඇති වුනෙත් අපේ ආණ්ඩුකරණය, විශේෂයෙන් රාජපක්ෂ පාලනය, ආණ්ඩුකරණයේ තිබිච්ච දුර්වලතාවය නිසා. ඒ නිසා, රටේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහා බලවත් හැඟීමක්, බලවත් ඉල්ලීමක් ඇති වුණා. ඒ ඉල්ලීම තමයි ජනතා අරගලයේ ප් රකාශය. ඒක හුදෙක් පිටියට පමණක් සීමා වෙච්ච අරගලයක් නෙමෙයි. අපි දන්නවා පහුගිය කාලේ පුරාම ලංකාවේ සෑම නගරෙකම මේ ජනතා අරගලය විමධ් යගතව, විවිධ ස්ථානවල පැන නැග්ගා. ඊට අමතරව වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ, බහුජන සංවිධාන, වෘත්තීය නීතිඥ සංවිධාන, ආගමික සංවිධාන, සර්ව ආගමික සංවිධාන මේ දේශපාලන ප්‍රතිසංස්කරණය රටට ඇති කිරීම සඳහා විවිධ යෝජනා, විවිධ අදහස් හුවමාරු කරමින් මේ අරගලයට විවිධාකාරයෙන් බද්ධ වුණා. ඊයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විශේෂයෙන් මේකට වගකිවයුතු ජනාධිපතිවරයා ගෙදර යන්න, ජනාධිපතිවරයා එළවා දමන්න, බලයෙන් පහ කරන්න, අරගලයේ නිරත වෙලා ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අන්තර් පාලනේ මේ රටේ ආර්ථික ප්‍රශ්න විසදීමට පමණක් නෙමෙයි. මේ රටට අවශ්‍ය කරන දේශපාලන ප් රතිසංස්කරණ ඉතාම ඉක්මනින් ගෙන ඒම සඳහා අවශ්‍ය කරනවා කියලා. ඒක තමයි පාර්ලිමේන්තුවෙන් පිට තියෙන ජනතා අරගලයේ හඬ.

දැන් හෙට සර්ව ආගමික නායකයන්ගේ, වෘත්තීය සමිති වල, වෘත්තීය සංවිධානවල ප්‍රධානත්වයෙන්  මහජන සභාවක් කොළඹ දී පැවැත්වෙනවා. අපි 43 සේනාංකය හැටියටත් එවැනි ජනතා බලමුළු වලට ඒ ජනතා සංවිධාන වලට, එවැනි සම්මන්ත්රණ වලට අපි සම්බන්ධ වෙලා, මේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සඳහා, රට පුරා ඉන්න, බහුජන සංවිධාන, එකමුතුවක් විදිහට අපි වැඩ කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම වෘත්තීය සමිති හැටියට,  අද මේ අන්තර්කාලීන ආණ්ඩුව තුළ රටට අවශ්‍ය කරන මේ දේශපාලන ප්‍රතිසංස්කරණය එනම් ආණ්ඩුවේ විනිවිදභාවය ඇති කිරීම සඳහා, දූෂණය වංචාව නැති කිරීම සඳහා, විධායක බලතල සීමා කිරීම සඳහා, ගෙන එමින් පවතින ප්‍රතිසංස්කරණය  ඉදිරියට ගෙන යෑමට, විශාල ජනතා බලයක්, විශාල ජනතා හඬක් ඇතිවෙලා තියෙනවා.”

ගෝඨාගෝගම අරගලයේ නිරත වූ  තරුණ අරගලකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාර සහ එම තරුණයන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ප්‍රමාණවත් හඬක් නොනැගෙන බව 43 සේනාංකය තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

“මේ අරගලයෙන් තමයි, මේ රටේ තුනෙන් දෙකේ බලයක් ගත්ත ආණ්ඩුව හෙල්ලුවේ. අපේ පොදු නීතිය, ව්‍යවස්ථාව වෙනස් කරලා, මේ රටේ මුදල් ඇමතිකම ගත්ත බැසිල් රාජපක්ෂ අද එළියට දාලා තියෙන්නේ. ඒ ඇමතිකමෙන් විසිවෙලා තියෙන්නේ, මේ අරගලය හින්දා. මේ අරගලය පාර්ලිමේන්තුව ඇතුල් වුන අරගලයක් නෙමෙයි. මේ අරගලය, භූමියේ තරුණයෝ, තරුණයෝ එකතු වෙලා, මහජනතාවගේ පීඩනය පිට කරපු අවස්ථාවක් තමයි මේ අරගලය කියන්නේ. අද අරගලය දින 42 ක් වෙනවා. මේ අරගලය විතරක් නෙමෙයි, අරගලය ලංකාව පුරාම තියෙනවා. අරගලය තරුණයන්ගේ හිතේ තියෙනවා. මේ අරගලය වෙනුවෙන් මේ රටේ තරුණයන් ඉදිරියටත් පෙළ ගැහෙනවා.

හැබැයි කණගාටුදායක සිදුවීමක් තියෙනවා. අපි මේ අරගලයෙන් සමාජයේ ඇති කරපු වෙනස පිළිඅරගෙන පාර්ලිමේන්තුවේ දේශපාලන පිළිතුරක්, උත්තරයක්, විසඳුමක් දෙන්න පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ප්‍රමුඛ විපක්ෂයටත් අද අවස්ථාවක් ලැබිලා නෑ. අන්න ඒ කලකිරීම අපිට තරුණයෝ විදිහට අද තියෙනවා. අද පාර්ලිමේන්තුවේ කතා අහද්දි අපිට අහන්න පුළුවන් 9 වෙනිදා, ප්‍රහාරයෙන් පස්සේ ඇතිවූ ප්‍රතිප්‍රහාර වලින් විනාශ වුණු, ගෙවල් හදන්න, මුදල් වෙන් කරන්න ඕනේ. දැන් දීලත් තියෙනවා කියලා කිව්වා. මේ වගේ කතා අහන්න පුළුවන්. හැබැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් යකඩ පොලු පාරක් කාලා කොළඹ ජාතික රෝහලේ ස්නායු ඒකකයේ තවමත් ඉන්න අනුරංග සහෝදරයා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එයා කාටවත් අමතක වෙලා තියෙනවා. ඔහුගේ වම් පැත්ත අදටත් පණ නැහැ. මේක ඉතා දුක්ඛදායි තත්වයක්. ඒ වගේම ඒ දවසේ  යකඩ පොලු වලින් ගුටිකාපු කොල්ලෝ, කෙල්ලෝ කීදෙනෙක් ඔලු පලාගෙන අදටත් සටන කරගෙන යනවද? මේ ගැන කවුරුත් අද කතා කරන්නෑ. පාර්ලිමේන්තුව ඇතුළේ වගකීමක් ගන්න පුළුවන් සමහර දේශපාලඥයොත් මේ අරගලයේ තරුණයා වෙනුවෙන් පෙනී සිටීමක් කරන්නේ නෑ. දැඩි කලකිරීමක් තරුණ ප්‍රජාව අතරේ පාර්ලිමේන්තුව කෙරෙහි මේ හේතුවෙන් බිහිවෙලා තියෙනවා.”

– Media unit

126,914 views

25 Comments to “චීනයෙන් ශ‍්‍රී ලංකාවට දැඩි විරෝධය… තමනට ගෙවිය යුතු ණය ඉල්ලයි..”

  1. de silva says:

    Why dont you ask Cardinal, church has money. The country cannot do much at this time

  2. ලපයා says:

    උඹ ඉස්සෙල්ලම පැනමා පෙපර්ස් වල තියෙන හොර සල්ලි දීපන්කො.ආලපාළු හොරා.

    • aniwa says:

      machan do you have any proof of this ? I have been observing all papers and leaks with ICIJ membership for years now. Very interesting to know as I have never found a link for your claim.

      Thank you.

      • මෙඩයා says:

        අනේ පලයන් යන්ඩ ඔය හොරුන්ට කඩේ යන්නේ නැතුව ඔකා තමා දුම්පරික්ෂණයක් කියල ඒකක් ගෙනල්ලා හොදට හොරකම් කරේ.අනික ඔකාට විකුර්ති මනසක් තියන ඒ්කේක් ඒක ගැන තොරතුරු නැද්ද ඔබලග .

  3. Nature Punishments says:

    දැන් මේකේ සිවු-ආගමික මිත්‍යා දෘෂ්ටික කාලකන්නින්ට තම තමන්ගේ මිත්‍යා දෘෂ්ටික විශ්වාස අනුව හිත හදාගෙන බඩ ගින්නේ ඉඳලා මැරිලා වැලලිලා යන එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ.
    රටක සමස්ත ජනතාවක් යථාර්ථවාදී නොවී විඥානවාදයේ එරී අවිද්‍යාත්මක මගක ගමන් කිරීමේ ප්‍රථිපල අද නුඹලාට සහ නුඹලාගේ දරුවන්ට පල දීලා.
    ස්වභාවධර්මයටත් මුන්ව බරක් වදයක් වෙලා මේ මහපොළොවන් නැති කරලා චුත කරලා දාන්නයි යන්නේ

  4. End of Journey says:

    තව අවුරුදු කිපයකට ලංකාවේ ක්‍රියාකාරිත්වය නතර වෙන්නයි යන්නේ.
    නැවතත් පාසැල් විශ්ව විද්‍යාල විවෘත කරගන්න ලැබෙන්නේ නෑ.

  5. Basu says:

    Gal anguru hora baduwak athagagena inne nathuwa arthike gana baila gahanawa. Minissu gahanna ona mun wage ewunta

  6. Gamarala says:

    සාටකය සොරාගත් සියලුම මහජන මුදල් වහාම ලබා යුතුය..

  7. RITIGALA says:

    පාඨලී චම්පික රණවක ekka katha karana China lokka kawuda danne අරගලයේ තරුණයා gana kiwwata uba happala bageta marapu තරුණයා gana hoyapan….

  8. sunimal says:

    චිනේ රෙද්ද අස්සේ දාගත්තේ මයිනා කොමිස්වලට.