චීනයේ සිටින සියළු ලාංකිකයන් ගෙන්වන්න ගුවන් යානා කිහිපයක්ම යොදවයි..

January 27, 2020 at 8:02 am | lanka C news
චීනයේ සිටින සියළු ලාංකිකයන් ගෙන්වන්න ගුවන් යානා කිහිපයක්ම යොදවයි..

ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් චීනය වෙසෙන ශී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව කාර්මිත අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව එය ක්‍රියාත්මක කරයි. දැනටමත් වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙන යා හැකි ගුවන් යානා කීපයක් මේ සදහා යොදවා ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

කොරොනා වෛරසය ආරම්භ වුවේ යැයි සැලකෙන චීනයේ වූහාං ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂයාවන් 30 දෙනෙකු පමණ වෙසෙන බවට තොරතුරු ලැබී තිබේ. ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද විදේශ කටයුතු අමාත්‍යංශය චීන බළධාරින් සමග සාකච්ඡා කරමින් සිටි.  අදාල අවසරය ලැබුණු පසු ඒ සදහා විශේෂ ගුවන් යානායක් යෙදවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කළේය.

කටුනායක ගුවන් තොටුපලේ කොරෝනා පරීක්සා කිරීමේ කටයුතු පුළුල් කිරීමට ද පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංහය සම එක්ව මේ සදහා යොදවා ඇති කාර්යය මණ්ඩලය වැඩි කිරිමටද කටයුතු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මේ වන විට කටුනායක ගුවන් තොටුපලේ කොරෝනා රෝගින් හදුනා ගැනීම සදහා තර්මෝ ස්කෑන් යන්ත්‍ර 04ක් ස්ථාපනය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස් අනුව සියලු ආරාක්ෂක විධි විධාන කෙරෙහි සැලකිලිමත් වෙමින් කටුනායක ගුවන් තොටුපල සහ ශ්‍රි ලංකන් ගුවන් සමාගම මේ සදහා කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා අවධාරනය කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

272 views

6 Comments to “චීනයේ සිටින සියළු ලාංකිකයන් ගෙන්වන්න ගුවන් යානා කිහිපයක්ම යොදවයි..”

  1. Banda says:

    ඔන්න දැන් යූ ඇන් පී කාරයොයි ජෙප්පොයි කියයි මෙච්චර දියුනු රටවලිනුත් නොකරන දේවල් මේ හිගන රටේ දුප්පත් මහජනතාවගේ බදු මුදල් වලින් කරල මාද්‍ය සංදර්ශන පවත්වනවා කියල. යකෝ මේවාට යන වියදම් සියල්ලක්ම මැදමුලාන බූදලෙන්.

    • fass says:

      Thopi wage pahara ballanta no therunata e inneth ape minissu, karadarayak una welawata unta pihita wenna ona.

    • Hesh says:

      යූන්පී කාරයොනම් එච්චර කුහක නෑ. ජෙප්පො තමා ඔය කතාව කියන්නෙ. මානසික ලෙඩ්ඩු.

    • Jeewanee Kariyawasam , chilaw says:

      chienen korona hodawei , meheta bowei

  2. උපාධිදාරියා says:

    ෂුවර් එකටම දේශපාලකයන්ගේ දරැවෝ සෙට් එකක් චීනයේ ඇති.
    මේ අයට අපේ මිනිස්සු ගැන ඔච්චර කැක්කුමක් තියෙනවනම් අර මැද පෙරදිග ගුටි කකා දහදුක් විඳ විඳ වහබින්ගේ වැසිකිලි හෝදන අපේ අම්මලා,අක්කලා,නංගිලා ටිකත් වහාම මේ රටට ගෙනෙන්න එපායෑ.

  3. Guangzhou says:

    Coronavirus spreads with no visible symptoms as death toll grows to 80 !!!! from the coronavirus outbreak in China has reached 80 with hundreds of new infections detected. Meanwhile, US public health officials have confirmed new cases of the coronavirus in Los Angeles and Arizona.
    China has also come forward with news that the virus can spread before any symptoms show. The country’s health minister Ma Xiaowei confirmed the bad news on Sunday, which has panicked some US doctors.
    Masks and airport checks for Chinese SARS-like virus are there to keep population calm – no government can stop its spread now