චීනය අධිවේගයේ ඉදිකිරීම් නවතා අකුලා ගනිති.. ආණ්ඩුවට සල්ලි නෑ..

July 3, 2019 at 8:40 am | lanka C news
චීනය අධිවේගයේ ඉදිකිරීම් නවතා අකුලා ගනිති.. ආණ්ඩුවට සල්ලි නෑ..

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සහ හම්බන්තොට අතර කොටසේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටී චීන සමාගම එම ඉදිකිරීමේ කටයුතු ඉවත් වීමට තීරණය කර ඇත.

අදාළ ඉදිකිරීම් සඳහා මාස 10ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විසින් චීන සමාගමට ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මාතර සහ බෙලියත්ත කොටසේ දැනට මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර එම සියලු වැඩ කටයුතුවලින් චීන සමාගම ඊයේ දිනයේ සිට ඉවත් වී ඇත.

මෙම මාස 10 තුළ පමණක්ම ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 80ක මුදලක් චීන සමාගමට ගෙවිය යුතු ඇතත් එය ගෙවා නැති බවද වාර්තා වෙයි.

38 views

15 Comments to “චීනය අධිවේගයේ ඉදිකිරීම් නවතා අකුලා ගනිති.. ආණ්ඩුවට සල්ලි නෑ..”

  1. Kadiya says:

    ආණ්ඩුවට කොතරම් හාමතේද කිව්වොත් පොලිසිවල සියළුම නිලධාරීන් පාරට දාල දඩ ලියන්න. ආණ්ඩුවට ගෙවීමක් කලොත් එදාම චෙක් එක බැංකුවට දමනවා. ඉස්සරනම් පසු දිනයේ තමයි චෙක් ඩිපොසිට් කලේ. රනිල්ගේ නරිවාදම් රෙද්දපල්ලෙන් බේරෙනවා. මුන් ආපහු බලය ඉල්ලන්නේ මෙච්චර පහලට දාපු රට වලලන්නයි.

Main News