චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිර වී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි..

October 28, 2020 at 10:01 pm | lanka C news
චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිර වී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි..

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කියා සිටී.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා පවසයි.

ඊයේ දිවයිනට ළඟා වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමු වූහ. දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පැවසීය. සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා කීය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

“විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව එතුමා කීය. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැතැයි ජනාධිපතිතුමා කියා සිටියේය. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා සඳහන් කළේය.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කීය.

අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

69,166 views

53 Comments to “චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිර වී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි..”

  1. Shehan -M says:

    පොංපියොගෙ මාධ්‍ය හමුවෙදි පොංපියා චිනය ගැන කියපු කතාව 100% ඇත්ත. එනම් චිනු ලංකාව වැනි දුප්පත් රටවලට ගෙවා ගන්න බැරි ණය ගිනි පොළියට දිලා එ හරහා චිනෙට අවශ්‍ය වෙන විදිහට ඵ් ඵ් රටවල (ලංකාව) තින්ඩු තිරන ගැනිමට බලපැම් කරන බව පැවසිය, අපෙ දෙශප්‍රෙමි බායියොටයි උන්ගෙ වහාලුට ඔක තෙරෙන් නැති එක තමා ප්‍රශ්නෙ.

    • C.c Antony says:

      නොතෙරෙන කම නෙමෙයි යාලූ…. කට් එක වැඩිකම…….

    • රටවැසියෝ says:

      දෙගොල්ලන්ම එකයි. චීනය අත ගාලා ටොක්ක දෙන්නේ. යැංකියෝ ටිකක් aggressive approach එකක්. හැබැයි මාද්‍ය අපිට කියන දේ විශ්වාස කරන්න අපි සූදානම් නැහැ. ඔය එක මද්‍ය ප්‍රකාශකයෙක් වත් විශ්වාස කරන්න බැහැ. කතාවෙලා බොරු කියන්නේ. දොස්තරවරු ඒකනේ කියන්නේ කොරෝනා ගැන ඇත්ත තත්වය මහජනයාට කියන්න කියලා.ද්විත්ව පුරවැසියෙකුට / නැදෑයින්ට පොම්පියෝට එරෙහි වෙන්න පුලුවන්ද consequences මුකුත් නැහැ කියලා හිතාගෙන. හිතා ගන්න අමාරුයි.

  2. Appu says:

    Gotabaya says we are not in Chinese debt trap. But it is quite obvious that we are in Chinese hands as They have already acquired one of our economically viable asset, Hambantota port. What more to talk!

  3. මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති says:

    මාගම්පුර වරාය, පෝට් සිටි එක තියෙන්නේ ලංකාවේ නෙවේද?
    මේවා ලොකු පස්න

  4. Janaki says:

    Well done Mr. President. We are a sovereign country and has the right to maintain our impartiality! the repertoire of US is demonstrated in the decimation of the Middle East, South American countries and many other countries in the world. If US is really keen on us they should provide us the investments required for the projects requested by our President. Destructive investments like Coca Cola are not required in Sri Lanka.
    A patriot

  5. Sam Fernando says:

    We are happy to have such a leader in Sri Lanka. You have well tackled the situation.
    Pompey must have understood that all the Sri Lankan leaders not the same.
    God bless you Mr. President.

    • catseye says:

      ane gon bayiyo…………mole uda wenna athi inne…….munta chun mewata…….Pompiyo awe thamange yatath purawesiya balannayi

    • saadin sam says:

      Well tackled the bayyas …. Debts are Paid By Selling Assets to China .. So for sure, we are not in a trapped situation.

      • සුමුදුසුදුමුදු says:

        මේ බයියන්ට,චීනයට බැනවදිමින් ඇමරිකාවට කඩේ යන පොස්ට් දන්නේ එකම එකා මුන්ගේම එවුන් තමයි UNP ආණ්ඩුව සෝෆා ගිවිසුමේ එකඟතාවන් ගැන යෝජනා හොරට අත්සන් තබද්දී අපිට සෝෆා ඕනා අපිට mcc ගිවිසුම ඕනා කියල මහා පාරේ උද්ගෝෂණය කලේ .මුන් පිටුපස්සේ මංගල සමරවීර කියන පොන්නයත් ඉන්නවා

        • රට වෙනුවෙන් says:

          මතක නෑ වගේ බොරු කියන්ඩ එපා නංගි. ඔව්ව මුලිම්ම අස්සං කලේ ස’ ලේකම් කාලේ.
          මන්ගලයත් එක්ක මොකක්ද තියෙන තරහ. ඔයාගේ කොල්ලව අල්ලගත්තද

      • Nimal says:

        we were trapped by 2015-2019 mules.

  6. saman says:

    ha haa hari hinaa

  7. Traps from both sides suppose to come future

  8. Demuni Uduwara says:

    Did you forget independence, integrity etc when you signed ACSA in 2007?

  9. N.Wimaladasa says:

    An Economy Sovereignty is life line of Nation Democracy and its survival of citizens country. .
    But that political of nation Sovereignty is very critical of country like us. We are not belongs to any power-block time of an as Independent country, especially since 1956. We have uphold that credibility in Globe community by show real term of Non-Allied Country.

Main News