චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිර වී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි..

October 28, 2020 at 10:01 pm | lanka C news
චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිර වී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි..

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කියා සිටී.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා පවසයි.

ඊයේ දිවයිනට ළඟා වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමු වූහ. දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පැවසීය. සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා කීය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

“විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව එතුමා කීය. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැතැයි ජනාධිපතිතුමා කියා සිටියේය. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා සඳහන් කළේය.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කීය.

අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

68,776 views

53 Comments to “චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිර වී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි..”

  1. Jayani Thalwattage says:

    ape rate ekama nayakaya shi jinping …respect Loku Sir

    • Mr Thalwattage says:

      Loku sir ta raspot danna kalin monawa hari uyapan. Badagini. Nodanna reddawal katha nokara nugath gani e widiyata hitiya nam wada hodai. Jing ping thaluwada raspot kiyanne?

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ජයනි තලවත්තගේ,ඕව් කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට?

    • kkuruwita says:

      කුහක නොවී ආඩම්බරවෙයල්ල මෙහෙම කොන්ද කෙලින් තියාගෙන කතා කරන රටට ජාතියට ආදරේ කරන මෙහෙම නායකයෙක් ජනාධිපති ලෙස පත් කර ගත්තට. යහපාලන මංගල මෝඩයා එදා මානව හිමිකම් කවුන්සිලයෙදි රනිල්, සජිත්, අනුර කුමාරයගෙ අවසර ඇතුව අමෙරිකන් කාරයාගේ අපේ රටට, අපේ රණවිරුවන්ට එරෙහි ද්‍රෝහී යෝජනාවට කොන්දක් නැති ගොනෙක් වගේ සහයෝගය දුන්නා මතක නැද්ද?

      • Tt says:

        And gono, lankawa chine wahalek wela iwaray. Den americawatath wahalkam karanawa

        • Swordfish says:

          චීන ණය ලංකාවෙ සමස්ත ණය වලින් 15%ක ප්‍රමාණයක්. වැඩිපුර ණය තියෙන්නෙ බටහිර රටවලට. උන් ණය දුන්නෙ දාහක් කොන්දේසි දාලා.

          උඹල වගේ යහපාලනේ අදෝමුකේ ලවකන උන් දන්නෙ චීන කොලනියක් ගැන රෙකෝඩර් එක වගේ කියවන්න විතරයි.

  2. jana says:

    Ahh pompeo sir ta baya wela ratin giya neda…aneda kiyanne…

    • kkuruwita says:

      Fools do not understand diplomacy. Gota handled the situation very cleverly. Be happy that we are having a leader of this caliber.

  3. SL says:

    So why did they take Hambantota port🤔 with such an unbalanced MOU

    • Ranil says:

      ඒක අහගනින් හම්බන්තොට 99අවුරුද්දකට දීලා දාපු බොගෙ මහ එකා රනිල්ගෙන්.

    • 2015 මීහරකා says:

      අපිට මඩෙන් නැගිටින්න බෑෑෑෑෑෑෑෑෑ.
      🐮

    • kkuruwita says:

      yaha paalana naya kandaraawa, banku mankollae tamayi haethuwa.

      • ඩී says:

        බැංකු මංකොල්ලයේ සුලමුල දන්නේ නැතුවද කතා කරන්නේ? පරම්පරා ගානක් මේ රට කෑවේ අපේ ,රටේ සිංහලයෝ. දැන් වෙනස අවු. 70 පස්සේ ආපහු පිටටම දෙනවා කන්න. කොමිස් වලට. රටේ අයටයි කෑලි කඩලා නිකම් දෙන්නේ නැත්තේ. කොහොමද මොලේ. ලෝකෙම්ම උතුම් ජාතිය.ලෝකෙන්ම උතුම් රට. විජය රජුගේ ජාන පෙන්නුම් කරනවා.

  4. Buuwa says:

    USA surrenders to Sri Lanka….

    • Trump says:

      Lol. Clearly shows your level of education. Typical island mentality. Keep an eye on your wife. Heard she’s surrendering her ass to many people while you are showing your stupidity here.

      How do i know?
      Son im trump. Not plaquanil puthano or punchiammas lapa kumara.

    • kkuruwita says:

      Fools do not understand diplomacy. Gota handled the situation very cleverly. Be happy that we are having a leader of this caliber.

  5. Buwa. says:

    Ko mee. .. Raspot…Sarrr set eka…

    • Buwage Amma says:

      Un raspot balagani unge sir ekka. Uba pandithaya nowi wadak balaganin. Nikama. Matath lajja karanawa tho.

  6. MD says:

    රණවිරු කම රැකගනිමින් අභීත නායකයෙක් ලෙස ඉදිරියට යාමට සියලු දෙවි රැකවරණ ආශිර්වාද ලැබේවායි පතමි!

  7. Kalpa says:

    මුනට කීවද ..නැත්නම් ගියාට පස්සේ පස්ස පැත්තට කීව්වද සෑර් …?

    • 2015 මීහරකා says:

      අපිට මඩෙන් නැගිටින්න බෑෑෑෑෑෑෑෑෑ.
      🐮

  8. nimal says:

    Gota has shown he is not afraid to talk straight already by not agreeing to that cunning chap Milliband who came to save murderous Praba.Why these goons who talk here not see that.If Sajith was in the chair he would have crept under Pompeo’s chair in veneration.

    • ADA DA RENA NALIKAWA says:

      so why the hell did gota let him come here in the first place after massive campaign protesting against his visit???? i bet you Gota would have said yes sir yes sir there bags full sir to pompeii

    • Wijebahu says:

      No one is going to stop a battle which was winning. Give credit to SF for that. Gota did not have a clue what SF was doing.

  9. wahala says:

    Oya Katawa kiyapan 69 lakshayak wahalunta.

    Wahallunge Sir uge Sir ta nemila hitiye.

    • Sir says:

      69 lakshe vitharada ballo lankawe purawasiyo. Thope janadipathi plaquanil dynamo raata raata ganunge saaya asse ringana puthano da? Tho nawila kakul palal karala aragena kelin hitaganna baruwa moya katak wage daara hilak passe thiyagena pompeo sir ta arina heena dakinawada?

    • 2015 මීහරකා says:

      අපිට මඩෙන් නැගිටින්න බෑෑෑෑෑෑෑෑෑ.
      🐮

    • kkuruwita says:

      “චීනය අපට උදවු කලා.. අප චීන ණය උගුලක සිර වී නෑ.. මෙරට ස්වාධීනත්වය පාවාදෙන්න මා සූදානම් නෑ..- ජනපති ගෝටාභය, පොම්පියෝගේ මූණටම කියයි..”
      October 28, 2020 at 10:01 pm | lanka C news

    • kkuruwita says:

      කුහක නොවී ආඩම්බරවෙයල්ල මෙහෙම කොන්ද කෙලින් තියාගෙන කතා කරන රටට ජාතියට ආදරේ කරන මෙහෙම නායකයෙක් ජනාධිපති ලෙස පත් කර ගත්තට. යහපාලන මංගල මෝඩයා එදා මානව හිමිකම් කවුන්සිලයෙදි රනිල්, සජිත්, අනුර කුමාරයගෙ අවසර ඇතුව අමෙරිකන් කාරයාගේ අපේ රටට, අපේ රණවිරුවන්ට එරෙහි ද්‍රෝහී යෝජනාවට කොන්දක් නැති ගොනෙක් වගේ සහයෝගය දුන්නා මතක නැද්ද?

  10. Hm says:

    පොම්පියෝ හිතාගෙන ඉන්න ඇති modila වගේ අපේ රටෙත් එවුන් උන්ට බය වෙයි කියලා ,ඒව කොහෙද මේ සිංහලයොන්ගෙ රටේ

    • පොට්ටුවේ පඩි තකා ලියමි says:

      ඔව් ඔව් එක තමා වෙලා තියෙන්නේ. චින්නු හෝ ඇමරිකන් කාරයො හෝ කවුරු වේවා, අනවශ්‍ය ලෙස කොන්දේසි වලට යටවෙලා ණය ගත්තම අන්තිමට ඒ රටවල් ණය ගෙවාගන්න බැරුව අනාථ වෙලා ආර්ථිකය කඩා වැටෙනවා. ලෝකයේ මෙහෙම වෙලා තියන වෙනත් රටවල් ඕන තරම් තියනවා. ඒ හැම රටක්ම නොදියුණු නූගත් මට්ටමේ රටවල්. රටේ දූෂණය සහ උද්දමනය ඉතා අධික රටවල්. පාලකයෝ ලෝකෙට ණය වෙලා තමයි මුදල් සපයාගන්නේ. ගොඩක් වෙලාවට රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් ස්ථාන , ස්වාභාවික සම්පත් දියුණු රටකට විකුණලා නැත්නම් බදු දීලා. රටේ ජනතාව බහුතරයක් නූගත් , ගෝත්‍රික සහ දුරදක්නා නුවනක් නොතිබීම තුළ පාලකයාට වඩාත් පහසුයි.
      අපි උනත් රටක් හැටියට ආයෝජන මිසක් ණය ගන්න එක වහාම නවත්වන්න අවශ්‍යයි. මහින්ද කලින් පාර කලින්ම පැරදුනේ වටේ ඉඳන් සල්ලි කාපු කන්න උපදෙස් දීපු සට්ටැඹි රැල නිසා. ගෝටා ට මිනිස්සු ඡන්දෙ දුන්න මහින්ද නිසා නෙමේ. එක නිසා දැන්වත් ඔය පරණ කූදෙල්ලෝ ටික අයින් කරලා අලුත් ගමනක් යන්න අවංක රට ගැන හිතන වීයත්තු ටිකක් එකතු කරගන්න.

Main News