චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..

January 10, 2022 at 8:02 am | lanka C news
චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙන් යුතුව කොළඹ වරාය නගරයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා (09) මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහත්වරු මෙහි දී කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මං තීරුව මහජනතාව සඳහා විවෘත කළහ.

මෙම පදික  මංතීරුව වෙත පාගමනින් පැමිණීමට මහජනතාවට අවස්ථාව හිමිවන අතර ගාලු මුවදොර පිටිය කෙළවර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ සඳහා තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර ඇත.

පදික මංතීරුව අවසානයේ ඉදිකර ඇති ආරුක්කු හැඩති ලෝහමය එල්ලෙන පාලම දක්වා මහජනතාවට ගමන් කළ හැකි අතර දිනපතා පෙරවරු 9.00  සිට පස්වරු 6.00 දක්වා එහි රැදී සිටීමට ද අවස්ථාව හිමි වේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් සපිරීම වෙනුවෙන් “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය” ආරම්භ කිරීම ද මෙයට සමඟාමීව සිදුවිය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා එක්ව ඇරඹි මෙම ශූරතාවලියේ ශූරතා කුසලානය චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා විසින් මෙහි දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පිරිනැමුවේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහි දී 65 සළකුණු කළ “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය”ට අදාළ සමරු ටී ෂර්ටයක් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාට තිලිණ කළේය.

කොළඹ වරාය නගරයේ පැවැති මෙම උත්සවයට ක්‍රීඩාශීලීත්වය එක්වීම දෙරටේම නියෝජිතයන්ගේ පැසසුමට ලක්විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

චීන රජයේ විදේශ ඇමැතිතුමාව මම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි එතුමාව පිළිගන්නේ අපේ ඉතාම හිතවත් වගේම සමීප මිත්‍රයෙක් හැටියට. ඒ වාගේම ඉතාම ඓතිහාසික ව ලාංකිකයන් සමඟ සමීපව කටයුතු කරන රාජ්‍යයක නියෝජිතයෙක් හැටියටත් එතුමාව අපි පිළිගන්නවා.

අපිත් චීනයත් අතරේ මේ සම්බන්ධතාවයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. චීන රාජ්‍ය ලෝකය පුරා වෙළඳාම ආරම්භ කළ මුල්ම කාලේ ඉඳන්ම ලංකාවට ඇවිත් ගනුදෙනු කළ බවට වාර්තා තියෙනවා. ඔබගේ රටේ ඉඳන් වන්දනාවේ ආව පාහියන් හාමුදුරුවෝ තබපු වාර්තා අදත් අපේ ඉතිහාසයේ වර්ණවත් කොටසක්. පාහියන් හිමියන් එදා ඉතාම සතුටින් ගෞරවයෙන් අපේ රටට ආවා වාගේම තාමත් චීන ජනතාව ලංකාවට එන්නේ බොහෝම සතුටින්.

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ. ඒ නිසාම අපේ රටවල්වලට ඉතාම හිතකර ගනුදෙනු කරගන්න හැමදාම පුළුවන් වෙලා තියෙනවා. එදා මැතිනියගෙ කාලෙ ඇති කරගත්ත රබර් – සහල් ගිවිසුම තාමත් අපේ ජනතාවට මතකයි. “අපේ රබර් ඔබගෙන් සහල්”. ඒ වාගේම ලංකාවේ ආහාර හිඟයක් ඇති වුණ වෙලාවක එදා හිටපු අගමැති චෞඑන්ලායි ලංකාවට වුවමනා ආහාර එවලා ඉතා වටිනා පණිවුඩයකුත් එව්වා.

‘‘ඔබට අවශ්‍ය ආහාර ඔබගේ රටේ නිපදවා ගන්න. එය ස්වාධීනත්වයට මගකි.’’

අපි ඒ මාර්ගයට අවතීර්ණ වුණා. ඔබගේ රටත් මුළු ලෝකයමත් අද පිළිගන්නා ජෛව ගොවිතැන අපි ආරම්භ කළා. කොරෝනා වසංගතය නිසා එය අඩපණ වුණත් අපි උත්සාහ කළේ ලෝකයට වැදගත් ආදර්ශයක් දෙන්න.

චෞඑන්ලායි ආරම්භ කල නොබැඳි පිළිවෙත අපි ඉතා සාදරයෙන් පිලිගත්තා.  ඒ පිළිවෙත අපි වාගෙ රට වලට විශාල ශක්තියක් වුණා.

ඒ වාගේම මට මතකයි 2013 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාව. චීන රාජ්‍යය මහා බලවතෙක් විදියට අපි වෙනුවෙන් දැඩි සේ පෙනී සිටියා. ඒක අපේ රටේ වගේම ආසියාතික රටවල ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ විශිෂ්ට කැප කිරීමක් බව මම කියන්න ඕනේ.

ගරු ඇමැතිතුමනි,

කොරෝනා වසංගතයෙන් ඔබේ රට දැඩි පීඩාවකට ලක් වුණ බව මට මතකයි. ඒ මොහොතේ කොරෝනා රෝගය බෝවුණ චීන දියණියක් අපේ රටේ රෝහල් ගත කෙරුණා. ඇය සුවපත්ව යනතුරු අපේ රටේ ජනතාව ඉතාම මිත්‍රත්වයෙන් යුතුව ඇයට සුවය ප්‍රාර්ථනා කළා. අපේ රටේ ජනතාව ඔබගේ රට ගැන තියෙන හැඟීම ඉතාම හොඳට පෙනුණ අවස්ථාවක් ඒක. ඒ වාගේම කොරෝනා වසංගතය ඉතාම හොඳින් පාලනය කරලා ඔබගේ රට ලෝකයට ආදර්ශයක් දුන්නා. ඉතාම ඉක්මනින් එන්නත් නිපදවලා ලෝකයට ධෛර්යයක් දුන්නා. පළමු වටයේදීම අපි ඔබගේ චීන එන්නත ගැන විශ්වාසය තැබුවා.

ඒ මොහොතේ අපේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට සවන්දීලා අපි වෙනුවෙන් කළ පරිත්‍යාගය අපේ ජනතාවට විශාල ශක්තියක් වුණ බව මම කියන්න ඕනෑ.

එබඳු මිත්‍රයකුගේ අනාගත දියුණුව දිහා අපි ඉතා සතුටින් බලා සිටිනවා. චීන රජය අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ රටවල් වල ස්වාධීනත්වයට ගරු කරමින්. කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තිය චීනයට නෑ. අපි වාගෙ රටවල් අපේක්ෂා කරන්නෙ ඒ වාගෙ ප්‍රතිපත්තියක්.

ඒ නිසා චීන කොමියුනිස්ට් පක්ෂයට සිය වසරක් සපිරුණ මොහොතේ  අපි ඉතාම ආඩම්බරයෙන් සුබ පැතුවා. “Belt and road” සංකල්පය අපේ මිත්‍රත්වය තවත් වැඩි දියුණු කරාවි.

එක තීරයක් එක මාවතක් කියන සංකල්පය අපි බාර ගන්නෙ නව සේද මාවත හැටියටයි.  මොකද අපි බොහොම අතීත සේද මාවතේ හිටපු මිත්‍රයො නිසා. එය ආසියාතික රටවල් වලට අප්‍රිකානු රටවල් සමග මිත්‍රත්වයටත්, දියුණුවටත් මාර්ගය විවර කරන බව අපේ විශ්වාසයයි.

විදේශ ඇමතිතුමනි, චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා වලට වසර 65ක් පිරීම නිමිත්තෙන් පසුගියදා අපි සමරු කාසියකුත් නිකුත් කිරීමට කටයුතු කළ බව මා සිහිපත් කරන්න ඕනෑ. එය අපි කළේ අපගේ මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි.

ඒ වගේම, අපි වරාය නගරයක් ඉදි කිරීමට අපේක්ෂා කළේ ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටයි.

මේ සඳහා චීන රජයෙන් අපට ලැබුණු සහය මම සිහිපත් කරන අතර චීන රජයත් සමඟ තිබෙන මිත්‍රත්වය තවත් දැඩි කරන සංචාරයක් හැටියට ඔබගේ පැමිණීම අපි භාර ගන්නවා.ඔබ සැමට තෙරුවන් සරණයි!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුවන්වන නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත,හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, චීන වාණිජ කටයුතු උප අමාත්‍ය ක්වාන් කෙමින්, සහකාර විදේශ අමාත්‍ය වු ජින්හොං, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු චීන නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

– රොහාන් වැලිවිට                                                                                                         

18,461 views

19 Comments to “චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..”

  1. Saman says:

    අනේ පව් කවුරුවත් ලියා දුන්න එකක් කොලේ බලාගෙන ඔහේ කියෝනව .දැන් කලයුතු හොදම දේ තමා ජෝකර් කෙනෙක් නොවී කරන්ඩ පුලුවන් කෙනෙකුට ඔය තණතුර බාරදී විශ්‍රාම සුවෙන් පිනක් දහමක් කරගෙන ඉන්න එක

    • Sky says:

      එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..” මොකද්ද ඒ කතාවේ තේරුම ? ඉන්දියාවට ලංකාව සම්බන්ධකර පාලම් දමා චිනේ සේද මාවත හැදිමටද මේ උත්සාහය ..රටේ ඉඩම් චීනුන්ට සින්නක්කර විකුනනවා හරියට මේ රට රාජපක්ෂලාගේ පුද්ගලික බුදලය වගේ …මේ රට අයිති රටේ සිංහල මහා ජාතියට මිසක් වසර 5 පත්වන දේශපාලුවන්ට නොවේ ..දේශපාලුවෝ බලේට එන්නේ වසර 5 ට රටේ සම්පත් බදුදෙන්නේ වසර 50,99, 198..මොනතරම් දරුණු ජාතික අපරාදයක් මේ දේශපාලුවෝ කරන්නේ ..සිංහල මිනිසුනේ අවදිවෙයව් ,,නිවටයින් ලෙස බලා සිටින්නේ මන්ද ?

      • LOL says:

        වික්කමසින්හ අමෙරිකාවට mcc ගිවිසුම දෙන්න යනකොට දෙශප්‍රේමී ඒකට විරුද්ද්ස් වෙනකොට බොරෙල්ලේදී mcc ගිවිසුම ඔනා කියල පාගමන් ගිය රස්තියාදු මෝඩ එජාප/ස්ජබ /ජවිපෙ එකෙක් නේද උබ?

        • Sky says:

          @ LOL —MCC කළු තරුවට සහය දෙන්න තරම් මෝඩයෙක් නොවේ මම ..උබ නම් දේශපාලකයින්ට කඩේ යන බුරුවෙක් බව පැහැදිලිව පෙනේ.” මහරජානෝ” කියමින් රටේ පත් වෙන පාලකයින්ට වැදපන් ..රටම විදේශිකයින්ට විකුණන තුරු කඩේ පලයව්

  2. Kalu Albot says:

    Owu, ithin Raajapaksalaata Gathamant eka hondata labenawa athine. Eth Cheene kiyanne ape nam mithrayek noveyi!! Lajja nathuwa Cheena warchas walatath ape salli gewuwane!!

  3. Tissa attanayakage hora gaeni baduwa ann sepalika says:

    Thogey kalyana mithrayek wenna athi commis kaapu nisa. Ape nam parama hathurek mynoh🤮😳😳😳🥺🥺🧐🧐🤥🤥🤥😡😡😡😡

  4. Sydney baduwa ann sepalika says:

    Mey rata thogen beraganna welathiyenne apita😡😡😡😡🤮🤮🤮🤮😴😴😴😴😴🥸🥸🥸

  5. Lasantha deSilva says:

    JaraawaOsthaar

    • Spirit says:

      මුළු රටම චීනෙට උගස් කරපල්ලා ..චිනේ මිත්‍රත්වය රදා පවතින්නේ රාජපක්ෂලා ලබා ගන්නා කොමිස් මුදල් මතද ? රටේ ජාතක සම්පත් චීනෙට වසර 99, 198 බදු දුන්නා තවත් දෙන්නද කල්පනාව …PRIVAT ජෙට් අරන් පවුල් පිටින් තිරුපති වැදපල්ලා ,කෝවිල් වලට දුන්නු මුදල් නැවත රටේ බදු මුදල් වලින් සොරා ගනියව් ..කරුණාකර මහින්ද අස්වී ගෙදර යන්න .. සිංහල අපිට ජිවත් වීමට ඇත්තේ මේ මව්බිම පමණයි ..එය චීනෙට .විදේශීය රටවලට උගස් කිරීම හෝ විකිනීමට ඉඩ දිය නොහැක ….කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න අපේ ජනතාව තවත් අසරණ කරන්න එපා

  6. Silva says:

    චීනුන්ගෙන් මිලියන් ගනන් පගාව අරගෙන රට පාවල දුන්න මූසලයා.

    • ජන්දදායකයා says:

      රටේ ජනතා බදු මුදල් වලින් ඔබේ චිචි පුතා චීනෙට ගිහින් රොකට් එකේ හදට යන්න හැදුවා වගේ වැඩක්ද මේ …රටේ ජනතාව අඬන්නේ නැතුව අස්වී ගෙදර යන්න .දැන් පරම්පරා ගණනාවකට මුදල් සොයා ගත්තා නේද ? තණ්හාව ඉවර නැද්ද ? අපේ රට විනාශ කරන්න එපා …ඔබ තමයි චීන්නු යාලු කරගෙන මුළු රටේ ජාතික සම්පත් චීන්නුන්ට ලබා දුන්නේ ..දැන්වත් චීනෙන් කොමිස් ගහන එක නතර කරන්න ..මේ රට ඔබේ පුද්ගලික බුදලය නොවේ

      • Kumudika says:

        බටහිර ඩොලර් ගිලින ඩොලර් කාක්කෙක් .බටහිරයො අපිට කටු ගහනවා උන් අපේ ත්‍රස්තවාදය පෝශනය කලා.චීනය අපේ කල්‍යාණමිත්‍රයා කිසිම දවසක අපේ අභ්‍යන්ත්‍ර කටයුතු වලට අතපෙව්වෙ නේ ත්‍රස්තවාදයට උදව් කලේ නේ

        • ජන්දදායකයා says:

          චීනය අපේ කල්‍යාණමිත්‍රයා කිසිම දවසක අපේ අභ්‍යන්ත්‍ර කටයුතු වලට අතපෙව්වෙ නැහැ ..ඒ චීනෙන් ණය මුදල් ලබා ගැනීමට ප්‍රථමයෙන් ,චීනෙන් ණය අරන් රටේ ජාතික සම්පත් ඔවුන්ට බදු දුන්නේ අපේ රටේ දේශපාලුවෝ ,,වරද රටේ පාලකයින්ගේ …එත් මේ නිවට දේශපාලුවන් පලවා හැර අපේ ජාතික සම්පත් නැවත ලබා ගැනීම රටේ ජනතාවගේ වගකීමක් …මුළු රටම සම්පත් චීනෙට අයත් වුවිට කල්‍යාණමිත්‍රයා ඉබේම පොදු සතුරෙක් බවට පත් වේවි

  7. Turn of The Tide says:

    දරුණු ආර්තික අර්බූදයක ගිලී මිලියන ගණනක් ලාංකික පුරවැසියන්ගේ ජිවිත අවදානමක පවතින මොහොතක ලංකාවේ මිනිස් ජීවිත වල උදව්වට කලන මිතුරන් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටී.ඒ ඉන්දියාව සහ චීනයයි.මේ රටවල් දෙක මේ මොහොතේ ලාංකිකයන්ගේ පිහිටට නොඑන්න ලංකාව දැනටමත් විසාලාවකි.මේ භූමියේ මිනිසුන් එක එකා මැරී වැටෙනකම් අධිරාජ්‍යවාදී ගිජුලිහිණීන් බලා සිටී.එය චිත්‍රයකට නගන්නේ නම් පුලිට්සර් සම්මානලාභී Kevin Carterගේ “The Vulture And The Little Girl” ඡායාරූපය මනසේ සිතුවමට නගයි.තම කුරිරු අරමුණු වලට ලංකාවේ සැබෑ මිතුරන් දෙදෙනෙකු වන ඉන්දියාව හා චීනය බාදාවක් බව දන්නා බටහිර තම බලල් අඬු යොදවාගෙව එම රටවල් දෙකට එරෙහිව පාර්ලිමේන්තුව තුල පහත් තුන්වන පංතියේ ප්‍රොපර්ගැන්ඩාවක් අරඹා ඇත.ගරු පාර්ලිමේන්තුව තුල “ඉන්දියන් හුජ්ජ සහ චීන ගූ” හැන්සාඩ් ගතව ඇත.බටහිර විසින් ඒ සඳහා යොදවාගෙන ඇති ප්‍රධාන බළල් අණ්ඩ ජවිපෙ ය.මීලඟ ණය වාරිකය අය කරගෙන ලාංකිකයන් එකාපිට එකා මැරී වැටෙන්නට සලස්වා ලංකාව අමුසොහොනක් බවට පත් කිරීමට බලන් ඉන්න බටහිර අධිරාජ්‍යවාදීන්ට එයට ඇති එකම බාධාව අපගේ කල්‍යාණ මිතුරන්ය – 20 Dec 2021.

  8. Janka says:

    මෙතෙන චීනයට විරුද්දව ලියන්නෙ එන්ජිඕ කලු සුද්දෝ හෙවත් Banana community එකයි.මේ රටෙ භූමිපුත්‍රයො චීනය සමගයි .
    ජයවේවා

    • Sky says:

      දැනට අප්‍රිකාවේ රටවල් චීනෙන් ණය මුදල් අරන් සිදු වී ඇති විනාශය ගැන සොයා බලව්
      EX …Tanzania, ,more than 30,000 Chinese people living in Tanzania.Chinese people in Madagascar ,Africa’s third largest overseas Chinese population with a population estimated at between 70,000 to 100,000 in 2011..400,000 Chinese live in South Africa, 100,000 in Madagascar, 100,000 in Zambia, 74,000 in Sudan, 60,000 in Ethiopia, 50,000 in Angola, 50,000 in Kenya, 50,000 in Nigeria, 50,000 in Uganda, 40,000 in Algeria, 40,000 in Chad, 130,000 in Namibia, 35,000 in Mauritius

  9. Kalu Albot says:

    Janka Booruwo, Cheena ape rajakenekuwa allaagana gihin, unta ona ekekuwa apita raja karaala ewuwaa – 14 siyawasa. In passe un apen dasaka gananaawak kappan gaththaa. E yaalu kamata wennathi neda? Kiyopan Huththo Ithihaasaya!

    • ජනක says:

      අන්න මොලකාරයා එදා එහෙම කරපු XiJinping ම තමා අද බයිලාවක් කියාගෙන එන්නෙ නේද එතකොට ඔය සුද්දො තමා අපිට සන්ස්කෘතිය දීලා අපිට කන්න බොන්න දීලා අපේ ආගම ජාතිය ආරක්ශා කරලා පසු කාලීනවත් සියලු ත්‍රස්ත්වාඩින්ගෙන් අපිව ආරක්ශා කොලා

      • CAT says:

        මෙහෙම ගියොත් චීන්නු භුමිපුත්‍රයෝ වී ලංකාවේ ජනතාව ඔවුන්ගේ වහලුන් වීම වැඩි ඈතක නැහැ ..තවත් චීනෙන් ණය අරන් රටේ සම්පත් බදු දීපල්ලා ..දේශපාලකයෝ පත් වෙන්නේ වසර පහකට රටේ සම්පත් බදු දෙන්නේ වසර 198,99,50 මුළු රටම විනාශයි ..මේ ගැන නොසිතන උබලා වගේ මෝඩයෝ මේ රටේ සිටීම ජාතියේ අවාසනාවක්

Main News