චීනය ඉන්ධන ආධාර දෙන්න අහයි.. ශ‍්‍රී ලංකාව එය නොතකයි…

May 19, 2022 at 2:10 pm | lanka C news
චීනය ඉන්ධන ආධාර දෙන්න අහයි.. ශ‍්‍රී ලංකාව එය නොතකයි…

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඇති ඉන්ධන හිගය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබා දීමේ යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර ඇතත් ශ්‍රී ලංකාව තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වේ.

චීනය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හදිසි ආධාර ලෙස ලබාදීමට වුවද ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැතැයි ද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර ඩීසල් සංචිත යම් ප්‍රමාණයකට ඇති නමුත් පෙට්ට්‍රල් තොග අවසාන වී තිබේ.

බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ පෙට‍්‍රල් සපයන්නේ සීමිතව බැවින් පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

105,683 views

15 Comments to “චීනය ඉන්ධන ආධාර දෙන්න අහයි.. ශ‍්‍රී ලංකාව එය නොතකයි…”

  1. N.Wimaladasa says:

    This setance to be correct as …there is no reasons to rejected the geanerous offer by China and its People of China ,its govt. to the People of all Sri Lankan…..

Main News