චීන්නුන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා දීම අත්හිටුවයි..

January 28, 2020 at 10:40 am | lanka C news
චීන්නුන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා දීම අත්හිටුවයි..

කටුනායක ගුවන් තොටුපලේ දී චීන ජාතිකයන් සඳහා වීසා ලබා දීම නතර කිරීමට තීරණය කළ බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

නැවත දැනුම් දෙන තුරු මෙම තීරණය ක්‍රියාත්මක බව ද ඇය සඳහන් කළාය.

ඒ අනුව ඉදිරියේ දී චීන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ඔවුන් චීනයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කර එය ලබාගෙන පැමිණිය යුතුය.

එහිදී වීසා ලබාදීමේදී පැමිණෙන ප්‍රාන්ත සහ අදාළ කාරණා නිරීක්ෂණය කිරීමෙන් පසුව වීසා ලබාදීම හෝ නොදීම තීරණය කරන බව ද ඇමැතිවරිය සඳහන් කළාය.

72 views

4 Comments to “චීන්නුන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා දීම අත්හිටුවයි..”

  1. Foot Massage says:

    පාස්කු ප්‍රහාරයෙන් ඇද වැටිච්ච සංචාරක කර්මාන්තය යන්තම් ඔලුව උස්සන්න පටන් ගත්තා විතරයි.අර ඉරාජ් කියන එකාගේ මුස්පේන්තුව තමා මේ.

    • මේ වෙලාවේවත් ගොන් කථා නොකියා හිටපන් foot massage. තොපි හොදයි වහින කොට එළියට දාන්න කාළකන්නි

    • Ruwan says:

      Mekath Ranilgei Sajithge Plan ekakda danne na pasku booming wage

  2. Gini says:

    Understandable, Srilanka is not efficient enough to control this kind of dangerous viruses. Should take precaution.

Main News