චීන්නු දස ලක්ෂයක් ශ්‍රී ලංකාවට එකවර ඇතුළුවෙන්න වීසා ඉල්ලති.. හම්බන්තොට වරාය විකුණා ඩොලර් මිලියන ගණනක් කොමිස් ගහලා..
December 22, 2016 at 10:26 pm | lanka C news
හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චරන්ට් සමාගම විසින් මේ වන විටත් චීන ජාතිකයින් දශ ලක්ෂයකට මෙරටට ඇතුළුවීම සදහා චීන රජය මගින් වීසා ඉල්ලූම් කර ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
මෙම ගණුදෙනුවේදී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගණුදෙනුවක් සිදුව ඇති බවට තොරතුරු ඇති බවද ඔහු සදහන් කලේය.