චීන ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරයට ඉන්දියාව කණස්සල්ලෙව්.. ‘වන් බෙල්ට් වන් රෝඩ්’ ශක්තිමත් කිරීම චීනයේ බලාපොරොත්තුවයි..- රොයිටර්
March 20, 2017 at 3:00 pm | lanka C news
ඊයේ දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් මේ වනවිට ශ්‍රීලංකාවේ නිල මට්ටමේ සාකච්ඡා පවත්වමින් සිටි.
ආසියාවේ නූතන සේද මාවත ශ්‍රීලංකාව හරහා වැටි ඇති බැවින් චීන සංකල්පයක් අනුව එකම තීරයක් එකම මාර්ගය “One Belt, One Road” ක්‍රියාත්මක කිරිම චීනයේ බලාපොරොත්තුවයි.
ඒ සඳහා ශ්‍රීලංකාවේ සහයෝගය අත්‍යවශ්‍ය වන අතර හම්බන්තොට වරාය මෙම අරමුණේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයකි. මෙම සතියේදී අමාත්‍ය මණ්ඩලය විසින් හම්බන්තොට වරාය චීනයට 99 වසරක් සඳහා ලබාදීමට අවශ්‍ය කෑබිනට් පත්‍රිකාව අනුමත කිරීමට නියමිතය.
කෙසේ වෙතත් ලෝක රොයිටර් සේවාව වාර්තා කරන අන්දමට ඉන්දියාව මෙම චීන ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රීලංකාවේ සංචාරය සම්බන්ධව කනස්සල්ලෙන් පසුවන බව පවසයි.
මූලාශ්‍රය මෙතනින්