චීන එක්සිම් බැංකුව ලංකාවේ ණයක් අත්හිටුවයි..

August 7, 2022 at 9:20 am | lanka C news
චීන එක්සිම් බැංකුව ලංකාවේ ණයක් අත්හිටුවයි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනයේ එක්සිම් බැංකුවෙන් මුදල් මුදා හැරීම ප්‍රධාන වශයෙන් අත්හිටුවා ඇති අතර මේ හේතුවෙන් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අර්බුදයකට පත්ව ඇත.

ශ‍්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට තීරණය කර තිබීමද චීනයේ මෙම තීරණයට බලපා ඇත.

කඩවත සහ මීරිගම අතර කිලෝමීටර් 37 ක දුරක ව්‍යාපෘතියේ සේවය කළ චීන ජාතිකයන් 500 ක් පමණ පිටත්ව යාමට පටන් ගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශවාසීන්ගේ රැකියා 2000 ක් පමණ අනතුරට ලක්ව ඇත.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද අතර එය 2024 අවසානය වන විට අවසන් කිරීමට ඉලක්ක කර ඇත.

මේ වන විට ව්‍යාපෘතියෙන් සියයට 32 ක් පමණ අවසන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ රුපියල් බිලියන 33 ක පමණ මුදලිනි.

23,238 views

12 Comments to “චීන එක්සිම් බැංකුව ලංකාවේ ණයක් අත්හිටුවයි..”

  1. Lalla says:

    අපි අධිවේගී මාර්ග හැදුව කියල මහින්ද රාජපක්‍ෂ ලොක්ක ඡන්දය දෙන්න කිව්වේ.කාටද ඒ කාලේ තේරුනේ මේ අපේ රීරි මාංශ අනුභවය කරන්නේ කියල උන්ට කොමිස් ගහන්න. අධිවේගී මාර්ගය ජීවිතේට පාවිච්චි කරන්න හිතන්නවත් බැරි අය රැවටිලා උන්ට ඡන්දය දුන්න. මේක අපේ රටේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය විය යුතු කාරණයක්. ඇස්බැන්දුම් ව්‍යාපෘති රටට නොවේ දේශපාලනඥයන්ගේ සාක්කුවට කියල තේරුම්ගන්න ඕන.

    • GU-VP SAKKILI API says:

      අපි රටට, ජනතාව කියන මන්ද බුද්දික බුරුවන්ට කෙලොනවා, ගාස්තුවට අපට ඇතිවෙන්ද $$$$$$$$ කුට්ටි ලැබෙනවා, රටේ එඋන් දුපත් වෙන්ඩ වෙන්ඩ අපට business සරුඉ

    • Sumangala says:

      අනේ මොලේ කචල් මාමේ ලංකාවෙ හදපු අධි වේග වල දැන් වටිනාකම පුලුවන් නම් ගණනය කර බලන්න​. නූගත් ජෙප් පක්‍ෂේ කෙනෙක් නම් ඕක තෙරුම ගන්න බැරි වෙයි. වැදි හත්පත්තුවත් උඹලට හොඳ බැඩියි.

  2. Jana says:

    Are we in a position to ask LK, the commission he has taken. We might be able negotiate with exile bank with money.

  3. Indo-China says:

    ඊනියා අරගලය- කලබල – කැරලි – මර්දනය-ප්‍රචාරය යන සියල්ල එකම බලවේගයක් විසින් ඇතිකර කළමණාකරණය කිරීම සහ මෙහෙයවන බවත් පෙනේ.
    පවතින ආණ්ඩුව, පාර්ලිමේන්තුව, Go අරගලය, ආණ්ඩු විරෝධීන් යන මේ සියල්ලම එකම තැනකින් (Anglo-American axis) නපුරු අරමුණු කීපයක් ඉටුකර ගැනීම සඳහා මෙහෙයවෙන බව තියුණුව පරීක්ෂා කිරීමෙදී පෙනේ. එම අරමුණු නම්..
    *රට අස්ථාවරකර අරාජික කර UN සාමසාධක හමුදාවක මුවාවෙන් NATO හමුදාවක් Asia Pacific කලාපයේ මෙහෙයුම් සඳහා බැස්සවීම.
    *බටහිර අභිබවන මීලඟ ලෝක ආර්ථික බලවතුන් වීමට නියමිත ඉන්දියාවේ සහ චීනයේ ආයෝජන සහ ව්‍යාපෘති ලංකාව තුල කරගෙන යාමට නොහැකි වනසේ බංකොලොත්, අස්ථාවර,කැරලිකෝලහල තත්ත්වයක් රට තුල නිර්මාණය කිරීම.
    *තමන් විසින්ම නිර්මාණය කර මෙහෙයවන බොරු වම, ඊනියා විපක්ෂය, බොරු අරගලකරුවන් ඉදිරියට ගෙන පොදු ජනතාවගේ “සැබෑ දේශපාලන ව්‍යාපාර” බිහිවීම සහ පැතිරීම වලක්වාගෙන සිටීම.

  4. Opa-dupa says:

    ඔය ව්‍යාපෘතිය විතරක් නෙවෙයි . කටුනායක ගුවන් තොටුපළ ව්‍යාපෘතියත් නවත්තන්න හදන්නේ . තව ටික දවසකින් මිනිස්සු කන්න ඉල්ලලා පාරට බහින දිනය ලගයි.

  5. ජිමි බේබි says:

    ජෝනී පපුව පැලිලා මැරෙයි. උගේ කොමිස්….

  6. Kapila says:

    මේකේ ප්‍රමාදයට යහපාලන ආණ්ඩුව (කිරිඇල්ල) වගකිවයුතුයි. මීරිගම – කුරුනෑගල හදනකොටම මේකත් හැදුව නම් දැන් අදායම් ලබනවා.

    • Gune says:

      උන්ට චිනෙන් සල්ලි දුන්නෙ නැ… දැන් දෙන්ඩ පොරොන්දු උන එකත් නැ.

  7. saman says:

    සිංහල ගොත්රිකයනට මොන සන්වරදනේ ද ඔන්න ඔහේ දියවූ දියවූ

  8. Sandun Dhammika says:

    Chinese are Russian friendly Cobra supporters.
    Please handover SL to Pentagon immediately.
    Our new president GIJOE Major Matt Mason can only take the country to the right path.
    God bless United States of Sri Lanka!

  9. damian says:

    අරගල හරක් පට්ටිය දැම්ම නම් ඔතන හාල දෙයි . බොරලු පාරක් දාන්න පුලුවන්.

Main News