චීන එන්නත අනුමැතියට බාධා.. සුදු වෑන් කිඹුලෙක් පසුපස.. ඔත්තු සේවයකින් අතහිත.. චීන අප‍්‍රසාදය.. රුසියාවද පුදුමයෙන්..

March 11, 2021 at 10:00 am | lanka C news
චීන එන්නත අනුමැතියට බාධා.. සුදු වෑන් කිඹුලෙක් පසුපස.. ඔත්තු සේවයකින් අතහිත.. චීන අප‍්‍රසාදය.. රුසියාවද පුදුමයෙන්..

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව තුල ලියාපදිංචිය වැලක්වීමට ප්‍රබල බලපෑමක් දියත්ව ඇති බව වාර්තා වේ. අසල්වැසි රටක ඔත්තු සේවාවක් මේ සඳහා ඍජුව මැදිහත්ව ඇති අතර පසුගිය රජයේ අමාත්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මේ ක්‍රියාදාමය දියත්ව ඇත.

ඔහුගේ නිවසේ මීට සති කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් පැවති සාකච්ජාවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රබලයකු, හෙද සංගමයක ප්‍රධානියකු, වෛද්‍ය රසායනාගාර සංගමයක ප්‍රධානියකු ඇතුළු කිහිප දෙනෙක් සහභාගී වී තිබේ.

හෙද නිලධාරියා සහ වෛද්‍ය රසායනාගාර නිලධාරියා චීන එන්නත බාල බවට ප්‍රචාරය කිරීමේ වගකීම බාර ගෙන ඇති අතර ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා තව මාස 3 යනතුරු එන්නතට ලියාපදිංචිය ලබා නොදෙන බව පවසා ඇත.

චීනය, ශ්‍රී ලංකාව කෙරෙහි බිදවීමත්, චීනය අවමානයට පත් කිරීමත් මෙහි අරමුණ බව වාර්තා වේ. රුසියානු එන්නතට ලියාපදිංචිය ලබා දීම ප්‍රමාද කෙරුණේද මේ හා සමාන අරමුණකින් බව අනාවරණය වී ඇත.

රුසියානු එන්නත් නිෂ්පාදකයන් පවසා ඇත්තේ ලෝකයේ කිසිදු රටකින් ලංකාවේ නියාමන නිලධාරීන්ගෙන් තරම් කරදර සිදු නොවූ බවයි.

චීන එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියාමන නිලධාරීන් සිදු කරන කෙනෙහිලිකම් පිළිබඳව මේ වනවිටත් කොළඹ චීන තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට සිය අප්‍රසාදය පළ කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියකු පැවසුවේ එහි ප්‍රධානියකු ප්‍රසිද්ධියේම “ඔය චීන්නුන්ගේ බඩු මගෙන්නම් පාස් වෙන්නේ නැති බව” වහසි බස් පවසන බවයි.

මෙකී ප්‍රධානියා පසුගිය රජයේ අමාත්‍යවරයකු පත් කළ පසුව අභියාචනාධිකරණය තනතුරෙන් නෙරපා නැවත එකී ඇමැතිවරයාම තනතුරේ පිහිටවුවකු බව පැවසේ.

මේ අතර එන්නත් සම්බන්ධව කටයුතු කරන විශේෂඥ කමිටුවේ සාමාජිකයකු, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රබලයකු චීන එන්නතේ අඩුපාඩු පවසමින් එයට ලියා පදිංචිය නොදෙන ලෙස තමාට බලපෑම් කල බවට පැමිණිලි කර ඇත.

80,746 views

22 Comments to “චීන එන්නත අනුමැතියට බාධා.. සුදු වෑන් කිඹුලෙක් පසුපස.. ඔත්තු සේවයකින් අතහිත.. චීන අප‍්‍රසාදය.. රුසියාවද පුදුමයෙන්..”

  1. Chami says:

    Rajitha senarathna
    Saman rathnapriya
    Rumi marshuck
    ??
    ??

  2. Kombuwa says:

    Ravi kumudesh

  3. sputnik V says:

    දැන් sputnik V ගෙන්නන්න හදන එක හොදයි. බටහිර මාධ්‍ය මුලින් දැඩිව විවේචනය කරපු sputnik V දැන් ඒ අයම කියනව පර්යේෂණ වලින් 92% ප්‍රතිඵල දායකයි කියල. ලෝකෙම පිළිගත්ත “The Lancet” මෙඩිකල් ජර්නල් එකෙත් මේක තහවුරු කරල තියෙනව. බටහිර හොදයි කිව්ව ඒවගෙ සයිඩ් ඉෆෙක්ට් නිසා උන තරම් මරණ වාර්තා වෙලත් නෑ efficacy rate එකත් හොදයි. මේ ගැන videoවක්

    https://youtu.be/2Juc71qRPH8

  4. බිල්ල says:

    මේ රටේ විශේෂයෙන් සෞඛ්‍ය අංශවල ඉන්න පර බල්ලෝ පගාවට වෙන රටවල සාර්ථක ප්‍රතිකාර වලට බාධා කරන එක අරුමයක් නොවේ. අපේ දේශීය ප්‍රතිකාර තියනවා කොරෝනා රෝගීන් සුවකරන්න. එපමණක් නොවේ ඕනෑම වෛරස් රෝග සඳහාද ප්‍රතිශක්තිකරණ ඖෂධ තියනවා. නමුත් ඒ දේශීය ප්‍රතිකාර සහ ප්‍රතිශක්තිජනක පානයන් ජනතාව අතරට යන එක වලක්වන්න මේ සෞඛ්‍ය අංශවල ඉන්න පර බල්ලෝසහ බැල්ලියෝ මැරීගෙන වැඩ. ආණ්ඩුවල ඉන්න කොන්ද පණනැති සහ කුලියට වැඩකරණ නායකයෝ කියා හඳුන්වන අමනයෝ මුන්ට යටත්.

  5. kim says:

    මේක දීපු රටවල කොරෝනා අඩුවක් වෙලා නෑ. මේ ක ගත්තත් කොරොනා හැදෙනවා

  6. saman says:

    මේකටත් වැරදි යහපාලනය තමයි, නැත්නම් අපෙ ජනධිපතිතුමා හැමදේම හොදට කරනවා,එතුමාට ජය වේවා.

  7. feli says:

    මේවා දැන දැන නිකන් ඉන්නෙ.. බලේ නැති හිටපු ඇමතියෙක්වවත් මට්ටු කරගන්න බෑනෙ. ඒ කියන්නෙ සර් පබයා තමා..

  8. මේක රුසියාවෙන්, චීනෙන් කොලිෆෛ වෙලා එන වයිද්‍යවරුන්ට දක්වන විරෝදයම තමා;;;;;

Main News