චීන එන්නත දෙන්න එපා.. ජනතාව අනතුරේ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

March 30, 2021 at 10:26 pm | lanka C news
චීන එන්නත දෙන්න එපා.. ජනතාව අනතුරේ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

චීනයේ නිෂ්පාදන ‘සයිනොෆාම්’ කොරෝනා එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් නොවන බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පෙන්වා දෙන්නේ චීන කොරෝනා එන්නත මේ රටට විශාල වශයෙන් තොග ඇණැවුම් කර තිබෙන බවයි.

නමුත් එය මෙරට ජනතාවට ලබා දුනහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතිත් දැක්වෙයි.

මේ අතර චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන එම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එරට ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාට බාර දී ඇත.

මෙට පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ලැබෙන මෙම තොගය බාර ගැනීම සදහා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා එහි යාමට නියමිතය.

37,076 views

22 Comments to “චීන එන්නත දෙන්න එපා.. ජනතාව අනතුරේ..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…”

  1. dev says:

    dostharalath mara widiayta indian lanu kala neh

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    ෆයිසර් ඇස්ට්‍රසෙනිකා වගේ එන්නත් කීපයක් ඇරුනම අනික්වට WHO අනුමැතිය නෑ.අනුමැතිය ලැබුනු ඇස්ට්‍රසෙනිකා එකට ප්‍රශ්න ඇවිත් යුරෝපෙ කැනඩාවෙ නතර කලා.හැබැයි ඩුබායි වගේ දියුනු රටවල්වල පවා සිනෝෆාම් දෙනව.මිනිස්සු අතරෙ හුඹස් බිය පතුරනව ඇරෙන්න මේ ගැන හරි පරීක්ෂණයක් කරල ප්‍රතිඵල එලියට දාන වෙදැදුරන් මේ බිමේ කවදා බිහිවේද

    • සරත් says:

      ඕකුන්ට මිනිස්සු සුවෙන් ඉන්නවනම් බිස්නස් නෑ න්. ඔයා කාලකණ්ණියා වගේ උන් තමා දොස්තරලා කියන්නේ. හොඳම vaxine එක සිනෝ වැක්ස් කියලා නිව්යෝර්ක් times පත්තරේ aricle එකකුත් තිබ්බ. අපේ බලු දොස්තරලට තමයි ප්‍රශ්නේ

  3. kalana says:

    එහෙනම් අනිත් රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ ජිවිත ඉවරයි. මොන මෝඩ කතාද? මැදපෙරදිග ගහන්නේම China එක.

  4. උපාසක says:

    නොදන්නා කමට අහන්නේ… එතකොට චීන රජය ඒ රටේ ජනතාවට දෙන්නේ මේ නමම තියන වෙනත් එන්නත්ක්ද ආයිබෝවං

  5. Mssilva says:

    Are these the specialists in sri lanka? Those buggers charging whopping 3000rs from poor people for less than 10min consultation and makes decisions without clinical tests. Ask them to come to middle east and talk to doctors on effectiveness of sinopharm.

    • Sweden Doc says:

      Dubai yanne AL kanu 4 porawal ne mahattayo. Wahaganna sinhala forum elaka boru broken English liwwa ta IQ70 bawa penawa.

  6. Chandi Kolla says:

    ඇමරිකාවට හා යුරෝපයට පූපය පුජාකරන අපතයෝ රැලක් ඩොලර් යූරෝ මල්ලකට බයිලා කියනවා. චීනය කියන්නේ කොරෝනා ඉස්සෙල්ලම හැදිච්ච රට.නමුත් මේ වන විට ඉතාම සාර්ථකව එය පාලනය කරගෙන තියෙන රටක්.එහෙව් රටේ කෝටි ගානකට ගහන වැක්සිනේෂන් එක අපේ රටේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නෑයි කියන්නේ මුන්ට ඇත්තටම මොන්ගල්!

  7. Saleem says:

    අර තම්බිලගෙ මිනී අවුරුද්දක්ම පිච්චුවෙ විද්‍යාත්මක පදනමකින්ද.? බම්බුව.

  8. Sam Fernando says:

    These people are bribed by Astrazeneca producing companies.It is done all over the world. Astrazeneca has been suspended in Germany for the second time. The number of blood cotting cases and deaths are hidden.
    Chinese vaccine is much more effective than Astrazeneca. Mainstream media hide this facts. Sputnic is supposed to be the best and European countries are making plans to administer soon. Most of the health workers. are manipulated by drug companies.

  9. Gotaimbara says:

    These specialists should be ashamed of themselves. The Vedamahaththayas in the country at least tried to find a cure. But nothing from the specialists. They are recommending all foreign vaccines and medications. Shame on you.

    Hats off to our Hela Vedamaththayas. Theruwan Saranai

  10. Kishan says:

    are there eny virologists in their cadre to explain the situation.please make an assesment and then comment. dnot becoming the agents of western pharma companies.

Main News