චීන කාබනික පොහොර ආනයනය නැවැත්වුවා.. ඒවා සුදුසු නෑ… නමුත් කාබනික ගොවිතැන දිගටම…

September 29, 2021 at 12:40 pm | lanka C news
චීන කාබනික පොහොර ආනයනය නැවැත්වුවා.. ඒවා සුදුසු නෑ… නමුත් කාබනික ගොවිතැන දිගටම…

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

“අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි චීන සමාගමේ පොහොර නැවැත්වීමට තීරණය කළේ. පසුගිය රජය සමයේ රටට අපේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙනවා. එම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් බැක්ටීරියාවන් තිබෙන බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබීයදී එම රසායනාගාර වාර්තා වෙනස් කර අහිතකර පොහොර ගෙනවිත් ගොවින්ට බෙදා දී තිබෙනවා. එසේ වුවත් අප ජනතාවට වගකියන රජයක් විදියට කිසිදු අහිතකර පොහොර වර්ගයක් මෙරටට ගෙන්වන්නේ නැති බව අප ජනතාවට සහතික වෙනවා. ”

මෙහිදී අදහස් දැක්වු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පෙන්වා දුන්නේ තම දෙපාර්තමේන්තු යටතේ ඇති ශාඛ නිරෝධායන මධ්‍යස්ථානයේ නිර්දේශ නොකරන කිසිදු පොහොර වර්ගයක් හෝ ද්‍රව්‍යක් රට තුළට ගෙන එමට ඉඩ නොදෙන බවයි. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා අපට පූර්ණ බලතල ලබාදී තිබෙනවා ශාඛ නිරෝධායන නීතිරීති අකුරට පිළිපදින්න. ඒ ගැන අප සතුටු වෙනවා. අපේ වගකීම ගොවියාත් ඔහු ගොවිතැන් කරන භූමියන් ආරක්ෂා කර ගැනීමයි. ඊට හානිවන කිසිවක් රට තුළ ගෙන ඒමට පවතින නීතිරීති වලට අනුව ඉඩක් ලැබෙන්නේ නැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේ වුවද මහ කන්නයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නියමිත ප්‍රමිතියෙන් යුතුව ලබා දීමට පියවර ගන්නා බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික විය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

25,215 views

26 Comments to “චීන කාබනික පොහොර ආනයනය නැවැත්වුවා.. ඒවා සුදුසු නෑ… නමුත් කාබනික ගොවිතැන දිගටම…”

  1. baමුනා says:

    මෙහෙම හිතුන හිතුන දෙවල් කියලා කරලා රට දියුනු කරන්න බැ. වැඩ සටනක් හදලා ටාර්ගට් සෙට් කරලා පියවරෙන් පියවර කරන්න ඔනි. බූතානෙ කාබන් පෝර වැඩ සටහන් අවුරුදු 15ක ප්ලැන් එකකින් කරපු වැඩක්.. වැඩ බැරි ෆේල් බූරුවන් මේක අවුරුදු 71ක් කෑවා..

    • Chamil Ananda says:

      Lankawe paln karla dewal karanna minissu ready naha ban….

    • LGBT buster says:

      ඔන්න ඔක තමයි වෙනස .භුතානයෙ පාලනය,කරන්නෙ රජ කෙනෙක් .හෙට,මෙ රටෙ කරුමයකට පුතානොට ගියොත් අනිද්ද ඉන්දලා මිනිහා රසායනික පොර,සහ වල් නාශක ගෙනවා .ඔක්කොම කාබනික සිහිනය දවස් දෙකකින් ඉවරයි .එනිසා තමයි අපි කියන්නෙ ගොටාභය ජනපතිතුමාට මෙ පාර්ලිමෙන්තුව එපා එක පාක්ශික සහ හමුදා රජයකට ගිහිල්ල අවුරුදු 20කින් රට හදන්න කියල .උද්ඩගොශන නති අන්තවාදය ජාතිවාදය වහාබි වාදය ඊලාම් වාදය නති අවුරුදු 20ක්
      අපි අපෙ සහයොගය ලබා දෙනවා

  2. NuwanJ says:

    මේවා රටට පරික්ෂා කර ගැනිම ගැනයි අපි සතුටු වෙන්න ඔන.
    පරික්ෂා වෙදි අසමත් වුනාම ආණ්ඩුවට බැනල වැඩක් නැ හොරෙන් ගෙනාවනම් තමයි ගැටලුව
    මාධය මෙව වවාගෙන මිනිස්සුත් පටලවල එවයි හම්බ කරනව. මෙව හොයල බලල කරන නිසයි විස දෙවල් තියන බව දැනගත්තෙ.
    රටම මාධය මගින් හසුරවන තැනට පත්වෙලා

    • බිංකුණ්ඩා says:

      රටම මාධ්‍ය කාරයො හසුරුවනවලු… එතකොට හාල් මෝල් කාරයොන්ට හසුරුවන්ට රටක් ඉතිරි වෙන්නෙ නෑනෙ කිරිපුතේ. උනුත් ඔය ඉහල ඉඳන් පහළටම හසුරුවන්නෙ.

  3. baමුනා says:

    ගැසට් ගහනවා
    රිවස් කරනවා
    එද එකක් කියනවා
    හෙට තව එකක් කරනවා
    බාර් ඇරෙනවා
    ගොවියා හබක් වෙනවා

  4. purawasi says:

    oya kathakaranne redi adagenadsa

  5. david milibanda says:

    Booru Haraka, don’t you know before importing it???

    Dissolve the parliament & run the country yourself with a think tank.

  6. යකා says:

    කෘෂිකර්ම අධ්‍යක්ෂකට ලගදිම ට්‍රාන්ස්වර් එකක් ලැබෙයිද?