චීන කාබනික පොහොර දෙවැනි සාම්පලත් අසමත් වේ…

September 29, 2021 at 10:40 am | lanka C news
චීන කාබනික පොහොර දෙවැනි සාම්පලත් අසමත් වේ…

රසායනික පොහොර අත්හිටුවීමත් සමඟ මෙරට වගාවන්ට යෙදීම සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර නිදර්ශක නැවත වතාවක් මෙරට පරීක්ෂණවලදී අසමත් වී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝදායන ඒකකය මගින් සිදුකරන ද පරීක්ෂණයේදී දෙවැනි වරට ඒවා එසේ අසමත් වී ඇත.

ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ එම්. වික්‍රමාරච්චි මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා කෘෂිකර්ම අමාත්‍යංශයට ඊයේ දිනයේ මේ බව දැනුම් දී තිබේ.

අදාල පොහොර වලට සිදුකරන පරීක්ෂණ අනුව ඒවා ජීවානුහරණය කර නැති බවත් ක්‍ෂද‍්‍ර ජීවින් සිටින බවත් ඒ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව එම පොහොර මෙරටට ආනයනය කිරීමට සුදුසු තත්ත්වයක නැති බවත් වා ආනයනය නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

21,858 views

19 Comments to “චීන කාබනික පොහොර දෙවැනි සාම්පලත් අසමත් වේ…”

  1. Planter says:

    Ladies and Gentlemen…… Here is the next REVERSAL….!!!

  2. Rathnaweera says:

    හොඳ පෝරක් ඉක්මනට ගේන්න ඕන. නැත්තන් ගොවීන් අමාරුවේ. අනිත් එක ජීවානුහරණය ලංකාවේ කරන්නත් පුළුවන්. ඒවගේම බැර ලෝහ සාන්ද්‍රණ ගැනත් සොයා බලන්න ඕන.

    • රටේ ගොවියන් සක්කිලි කරලා says:

      අනේ යකෝ තොට ගානක් හම්බවෙනවා වගේ කතා කියන්නේ. ඕව කර කර ඔය අසූචි ලංකාවට බෙදන්න ලැජ්ජ නැද්ද. මළ පෙරේතයො ඕවට ආසයි කියලා කතාවක් තියෙනවා ඒක ද දැන්නෑ, මේවම ගෙන්නන්න හදන්නේ. ඉදි කට්ටයි ලුණුකැටයයි ඔක්කොම පිටරටින් ලංකාවෙ හදන්න බැහැ. එච්චර ලොකු ජනගහනයක් තියාගෙන චීනට හදලා ම ලෝකෙටම බෙදන්නත් පුළුවන්. ඔය
      කාබනික පොහොර ලේබල් ගහලා රසායනික පොහොර කලවම් කරපු අසූචි තොගේ, උන්ම තියාගත්තා දෙන්. ලංකාවට ඕනේ දේ ලංකාවම හදමු. ඒකයි වෙන්න ඕන. නැතිනම් දැනට හොඳ පොහොරක් ගෙන්වමු.

      • ගෞම් ඊයාරාජ් says:

        ඔය ටික්ටොක් ෆැන්ස්ලා ඔව්වා දන්නෑ බන් , ඔහේ වීලම්බීත ටිකක් කියන්න විතරයි දන්නේ.

      • Rathnaweera says:

        ලංකාවෙම හදන්න පුලුවන්නම් ඉතා හොඳයි. ඒ උනාට ප්‍රශ්නේ තියෙන්නේ ඉල්ලුම සපුරාලන්න තරම් ලංකාවේ හදාගන්න බැරි එක. ඒකට එකම විසඳුම රටින් ආනයනය කරන එක. එතකොට මොන රටින් හරි කමක් නෑ හොඳ කොම්පොස්ට් පෝරක් අපේ මිනිස්සුන්ට හම්බෙනවා නම්. ඉක්මනට පෝරක් හම්බ උනේ නැත්තං අපේ මිනිස්සු ආපහු රසායනික පෝර ඉල්ලලා අඬන්න ගනීවි. එහෙම වුණොත් දැනට අවුරුද්දකට පන්දාහක් (5000) මැරෙන වකුගඩු රෝගීන් තව තවත් වැඩි වේවි. පිළිකා රෝගීන් තව තවත් වැඩි වේවි. තමන්ගේ එකෙක්ට මෙහෙම ලෙඩක් හැදුණාම තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ. මට උඹලට ඕව තේරුම් කරවන්න බෑ. පොඩ්ඩක් හිතල බලපන්.

        • Sasrasi says:

          චීනේ කුනු දාන්න ත් තැනක් තියෙන්න එපා යැයි

        • රටේ ගොවියන් සක්කිලි කරලා says:

          නිදාගෙන නැගටලා වගේ. හිතන්න මෙච්චර කල් ලංකාවේ කාබනික පොහොර පාවිච්චි කළේ නැහැ කියලාද?. දන්නෝ දනිති ලංකාවේ විවිධ ප්‍රදේශවල කාබනික පොහොර යොදා ඉතාම සාර්ථකව වස විස නැති ආහාර නිශ්පාදනය කරන උතුම් ව්‍යාපාරයකට අත ගසා ඇති බොහෝ දෙනා සිටිනවා. රසායනික පොහොර ඕනෑ කියලා කෑගසමින් ගෙනත් දෙන ඕන ජරාවක් පසට දාන්න පුරුදු වෙලා තියෙන්නේ ඒක ගොඩක් මාකට් කරන නිසයි. අනුලෝම සැපයීමත් ලැබිලා. සමහර විට ඊටත් වඩා. නැතිනම් රසායනික පොහොර අවශ්‍යතාවක් නැහැ දාපු රසායනික පොහොර වර්ග අනුව ඒවා පසෙන් ඉවත් වී යන්න වසර කීපයක් ගත වෙන්න ඉඩ තියෙනවා ආරම්භ කළ පමණින් ඒ වගාවට දාන පොහොර පමණයි ඒත් රසායනික පොහොර බලය නැතිවෙන්න අවුරුදු ගාණක් යනවා. ඔයා ආරම්භයක් පමණයි .

  3. Jayantha says:

    චීනය විතරක් නෙමේ යුරෝපා රටවල් වල සහයත් ගත යුතුයි. ඒ කොයි වෙලාවෙත්, පෝර වල ක්‍ෂුද්‍ර ජීවීන් හා බැර ලෝහ ගැන පරීක්ෂා කරන්නම ඕනේ. නැත්තන් ඔය වැඩෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා.

    • සවාධීන says:

      ලොකයේ කුමන රට ද කොම්පෝස්ට් ආනයනය කර වගා කරන්නේ? තම රටටම ආවේණික හිතකර පනුවන් දිලීර උද්දීපනය වන අන්දමට කොම්පෝස්ට් වෙනත් රසායනික පොහොර සමගයි වගා කරන්නේ.

  4. Byson appu says:

    Ape sirta apahasa karanna mun boru kiyanawa. Sir
    gazette ekanam reverse karanna epa. Goyyo Tikata kelawunath kamak na. Apita pare Bahala Yannna ba.

  5. nimal says:

    ටෙස්ට් එක කරපු සෙට් එක ගෙදර යවලා මවුබිමට ආදරේ කිට්ටියක් දාලා අයෙත් ටෙස්ට් කරපිය

  6. Chamil Ananda says:

    Eka aththa api maha janaya widiyata meka reverse karanna denna hoda naha… Haal seen ekakth ekamai une…
    The government tried to controls it. but farmers did not sell it at a standardized price. Our problem is we are not ready to put any commitment and we are very selfish and our people are very money-oriented…

  7. Silva says:

    අසමත් වෙවී තමා ඉදිරියට යන්න ඕනේ, නවතින්න බැහැ.

    • ගෞම් ඊයාරාජ් says:

      කාබනික පොහොර ගැසට් එක රිවර්ස් කරලා ඉදිරියට යනවා වගේ වැඩක්ද ? ගොඨාභය මහත්තයාට කරන්න තියෙන්නේ ඔය වටේ ඉන්න පකිස්බුරූවො ටික අයින් කරලා , රටේ කෙලින් අවංකවම වැඩ කරන්න පුලුවන් වුර්තිකයන් ටිකක් ආදේශකරගන්න , හැබැයි ඒ වුර්තිකයන්ට අටපාස් ඇමතිලගේ මෝඩ වැඩ , තියරී වලින් ස්වායක්තව කටයුතු කරන්න ඉඩ දෙන්න ඔනේ , ගොඨාභය මහත්තයගේ සෞභාග්‍යයයේ දැක්ම මේ අවුරුදු තුනේ ඉස්සරහට ගෙනියන්න ඔනේ නං ඒ මිනුස්සුත් එක්ක බ්‍රේන් ස්ට්‍රොම් එකක් කරන්නම ඔනේ , එතුමට ඒ දේ කරන්න දෛර්‍ය සහ ශක්තිය ලැබේවා , පි.බී , කබ්‍රාල් , බැසිල් , අටපාස් ඇමතිලා , බොරු දේශප්‍රේමී අයින් කරලා , සබ්ජෙක්ට් එක දන්න වුර්තිකයන්ට තැන දීලා තියන අවුරුදු තුන කලොත් , එතුමා ගොඩ . නැත්තං අපිත් වලපල්ලේ ,එතුමගේ දේශපාලන දිවියත් අපරාදේ. Now or Never , HE.

      • lakshitha says:

        ඒක තමයි වෙන්න ඕන. ඒත් වෙන්නෙ නෑ. මොකද ඔය 8 පාස් සෙට් එකට තමයි ඡන්ද පදනමක් තියෙන්නේ. ආචාර්ය මහාචාර්ය ලාට ලොකු ඡන්ද පදනමක් නෑ. අන්නේකයි.

        • ගෞම් ඊයාරාජ් says:

          ලක්ශ 69 ක් චන්දේ දුන්නේ රාජපක්ෂලාට නෙමේ , දුන්නේ අදේශපාලනීම ගොඨාභය රාජපක්ෂට , වල් වැදුනු දේශපාලනයෙන් තොර , බුද්ධිමතුන් එක්ක ගමනක් යන්න ,මිනිස්සු චන්දේ දුන්නේ එළියට ,වියත්මගට , ඒත් එලියත් ,වියතමගත් ,දේශපාලකයා හයිජැක් කරලා රිංගුවා , දේශපාලකයගේ කුණු කන වෙන්ඩ උගත්තූ ටිකක් ,සැබැ බුද්ධිමතා ගොඨාභයගෙන් ඈත් වුනා පරන හොරු ටික ලං වුනා , දැන් ඉතින් කරන්න දෙයක් නෑ , අපරාදේ 69 ලක්ශේ සහ තුනෙන් දේකේ බලෙ. රට කොහොම ගොඩ දාන්න තිබ්බද ?

  8. baමුනා says:

    මේ බූරුවෝ ලන්කාව කනවා චීන විසබීජ දාල​.. මුන් කොමිස් ගහන්න හොර සහතික දලා ඔනි ජරාවක් හෙනෙයි…. කිසිම වැඩක් හරියට කොරන්න බැ, ගැසට් ගහනවා රිවස් කරනවා… හොරකම විතරයි…

  9. සවි says:

    ලෝකයේ මොන රටේ ද කාබනික පොහොර ආනයනය කර වගා කරන්නේ? දන්න කෙනෙක් කියන්න බලන්න හැබැයි දත්ත සමගයි.

  10. හමුදාවේ බැරිද ඔය පරික්ෂණ කරන්න