චීන කොරෝනා එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලට ගොස් භාර ගනී.. සදුදා සිට එන්නත දෙයි…
March 31, 2021 at 5:30 pm | lanka C news
චීන රජය ප්රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්රදානය කෙරිණ.
චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ.
එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙ.ව 11.28 ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළගා විය.
ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කෙරේ. අනතුරුව ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇත.
මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත දීම ලබන සඳුදා සිට ආරම්භ කෙරේ. ශ්‍රී ලාංකීය ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එන්නත් ලක්ෂ 06 භාරදීමට අදාළ ලියකියවිලිවලට චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අත්සන් තැබූහ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තාරක බාලසූරිය යන මහත්වරු ද, චීන විශේෂ දූත පිරිස, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ජෙප්පොත් නිකන් ඉන්න එකක් නෑ.
අඩු ගානෙ කේරල ගව මුත්‍ර තොගයක් වත් ගෙන්වයි.
අවුලක් නෑ චිනෙන් ගෙන්නව කියන්නේ දේශීය දෙයක් වගේ තමා.
මොකද දැන් ලංකාව කියනේත් චීනයට විකිනිච්ච රටක්
කුරියර් සේවා නියෝජිතයෙක් වෙන්න ආසාවෙන් ඉදල රටේ නායකයා උනාම ඔහොම දොලදුක් එනව
ඉන්ජෙක්ෂන් ටික ගන්න කීදෙනෙක් එයාර්පොර්ට් ගිහින්ද ? බලන්න කොච්චර වටිනා මිනිස් පැය ප්‍රමාණයක්ද නාස්ති කරලා තියෙනෙ.
ඔන්න විස පොල්තෙල් ගෙන්වපු කොම්පැනිත් පිලිකා එන්නත් තොගයක් ගෙන්වලා ඒකත් හූ-වස් ඇලේ ඉඳලා ඇවිල්ලා ඇමතියා වරාය තොටුපොලට යනවලු එය භාර ගන්න..
සදුදා ඉඳලා ඒ ගිලපු තෙල් පිරිපහදු වෙන්න එන්නත දෙනවලු…😂😂😂😂
apata injection hadanna puluwan unaanam janaadipathita ohoma yanna wenne naha
lokaye injection nathuwa kochchara ratawal hoollanawada ?
cheenayata karana gaurawayak washayen yanna wenawa ohoma hari tikak ewapu ekata
නැතුව නැතුව