චීන ජනපතිගෙන් ජනපති ගෝටාභයට පණිවුඩයක්..

June 21, 2022 at 12:02 am | lanka C news
චීන ජනපතිගෙන් ජනපති ගෝටාභයට පණිවුඩයක්..

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ.

ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ තානාපතිවරයා ජනාධිපතිතුමා දැනුම්වත් කළේය. චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ. ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා එවූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

53,641 views

5 Comments to “චීන ජනපතිගෙන් ජනපති ගෝටාභයට පණිවුඩයක්..”

  1. D.Nimal says:

    The PRC of CPC led People’s Reapublic of China is largest developing country in world.It was founded by Chairmen Mao Zedong leadeship in 1949 guidance of Communist Party of China in 1949 Octember 1st. China wa/is Independance and Soveregnity State of Rule by People of China.Current China had vast development in overall Politically Economically and Socially by path of Socialism of certain features of apply to conditions of that nation.
    In fact PRC is oustanding Friend of People of Ceylon and Sri Lanakn since 1952.

    • ගු-VP-සක්කිලි $$$$$$$$ NGO PVT LTD says:

      රට අපට දියව් අපි රට ගත්ත දා ඉදල ඩොලර් පොම්පකරනවා නියමෙට අම්මපා හරියට අයර් ලන්තේ ගෙවල් ගත්ත වගේ
      බලේ දෙන්නේ නැතිව අපි ප්‍රොබ්ලම් විසදන විදිය කියන්නේ නෑ
      වැඩිය කගහුවොත් පුටියව ගෙදර යවනවා

  2. D.Nimal says:

    Indepandan China is sovergnity nation has been libertaed from Imperial york ,it has build second Largest World Economy to being Second to USA .Couurnt PRC GDP of US $ 18.4 trillons of US doallr terms. The Growth rate of GDP 2022 comes 5.5% and largest Trading Patner of many countries inculding USA, UK , Japan , Indian Russia, Brizal , Germany, Frnace, and many number of EU countries. PRC become driving force of World Economy been second to USA.

  3. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    බයියෝ කොහේ ගිහින්ද? මේ නිව්ස් එක බයියින්ට පේන්නේ නැද්ද?

  4. David Milli-banda says:

    China has analysed the Western “Koloppang” all this while and now slowly rising to assist Sri Lanka.
    Thank you China.
    Wake up our politicians. Reach up to China.

Main News