චීන ජනපති හා මහින් තැබූ වරාය නගරයේ මුල්ගල යහපාලනයෙන් ගලවා විසිකරද්දී චීනයෙන් ඉල්ලාගෙන…

November 5, 2019 at 2:10 pm | lanka C news
චීන ජනපති හා මහින් තැබූ වරාය නගරයේ මුල්ගල යහපාලනයෙන් ගලවා විසිකරද්දී චීනයෙන් ඉල්ලාගෙන…

ගාල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

පාස්කූ ප්‍රහාරයෙන් වැඩියෙන්ම වැදුණේ අපේ පොකැට් එකට. හෝටල් කාමර වැහිල ගියා. ආර්ථිකය කඩා වැටුණා. මේ පැත්තේ කුරුදු මිළට පවා වුණ දේ අපි දන්නවා. පිට් පොකැට් කාරයා දුවන්නේ ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් කියල කෑ ගසමින්. රනිල් වික්‍රමසිංහත් අපිට හොරා හොරා කිය කියා මහ බැංකුව ඉවර වෙන්නම හොරා කෑවා. රනිල් වික්‍රමසිංහ අද රගපාමින් ඉන්නේ පිට් පොකට් කාරගේ චරිතය.

අද ඔබ දින ගැන ගැන බලා සිටින්නේ 16 වැනිදා එනතෙක්. අපේ රටේ සියළු දේ රදා පවතින්නේ ජාතික ආරක්ෂාව මත කියන එක මේ වන විට ඔප්පු වෙලා තිබෙනවා. වසර 30 ක යුද්ධය ඉවර කරලා වසර 10 ක් ගතවන විට අපේ රට නැවත බෝම්භ පිපිරෙන රටක් බවට පත් වුණා. අප්‍රේල් 21 පාස්කූ ප්‍රහාරය පිළිබද සියළු තොරතුරු ආණ්ඩුවට ලැබිල තිබෙද්දීත් ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගන්න බැරි වුණා. මුස්ලිම් ඡන්ද නොලැබේවී කියල බයට වෙන දෙයක් බලාගෙන ආණ්ඩුව හිටියා. උතුරට අපි ගියා. නැගෙනහිරට අපි ගියා. අද ඒ පැත්තේ ජනතාවත් මේ ආණ්ඩුව ගැන කල කිරිල.

දෙමල සන්ධානය, ව්‍යවස්ථාවක් ගැන කතාකරමින් දෙමල ජනතාවගේ ප්‍රශ්ණ අමතක කලා කියලයි, උතුරු නැගෙනහිර ජනතාව කියන්නේ. උතුරේ හිටපු මහ ඇමතිවරයා සිංහල අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න එපා කියල ඉල්ලා තිබෙනවා. අද රටේ තිබෙන්නේ අපි හදපු පාලම්, පාරවල්, බෝක්කු, ගොඩනැගිලි විතරයි. මේ ආණ්ඩුව කළේ ඒවා විවෘත කරන එකයි. අපි ආරම්භ කරපු වරාය නගරයේ මුල්ගල ගලවල මූදට දාන්න ගෙනියන විට චීන ජාතිකයෝ ඉල්ලාගෙන තිබෙනවා. අනුන්ගේ වැඩ වලට නම දාගන්න මේ අය බොහොම දක්ෂයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ කතාව ඔබල අහන්න ඇති. ඒ කතාවේ අවලාද, මඩ තිබුනද? තමන් කරන දේ පමණක් ඔහු කිව්වා. ඔහු ඔහුගේ ප්‍රතිපත්තිය රටට කිව්වා. අපේ විපක්ෂ අපේක්ෂකයා කතා කරන්නේ දෙන දේවල් ගැන පමණයි. දීපාවලී වෙනුවෙන් දමිළ ජනතාවට උත්සව අත්තිකාරම පවා ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ වුණාට 1500/- ක් දෙන්න කතා කරනවා. අපි පොලීසියට හමුදාවට මෙන්ම අනෙකුත් රජයේ සේවකයින්ට දෙන දේවල් ගැන පැහැදිලිව කියල තිබෙනවා. මේ වන විට තැපැල් ඡන්දය 80% ක් පොහොට්ටුවට ලැබිල තිබෙන්නේත් ඒකයි. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අකුරටම ක්‍රියාත්මක කරනවා.

– ජයකාන්ත ලියනගේ

61,367 Viewers

5 Comments to “චීන ජනපති හා මහින් තැබූ වරාය නගරයේ මුල්ගල යහපාලනයෙන් ගලවා විසිකරද්දී චීනයෙන් ඉල්ලාගෙන…”

  1. Aurora says:

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ කතාව නියම වෘතිකයෙකුගේ කතාවක්. නිකම් දෙනවා කියා ජනතාව හිඟන්නන්ගේ ගොඩට නොදමා සියලු දුප්පත් පොහොසත් අයකුගේම ආත්ම ගරුත්වය රැකගෙන කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න අවස්ථාවක් දෙන එක එතුමාගේ අරමුනයි. ගෝඨාභය මැතිතුමාගේ හැකියාවන් පළපුරුද්ද ඇත්තටම රටට මෙතෙක් එලිකරලා නැතිබවයි මගේ අදහස. සුර්ය බල ශක්ති ක්ෂේත්‍රයේ එතුමාගේ දැනීම සහ අත්දැකීම මේ රට නියත වශයෙන්ම ගොඩ දමනවා සහතිකයි. මේ එකක් පමණයි. (මගේ වයස 68 යි. දැන් මගේ අරමුණ ඉදිරි වසර 5 තුලදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අනිවාර්යෙන්ම සංවර්ධිත රටක් බවට පත්කරණ ශ්‍රී ලංකාවේ විභූතිය අඩුම වශයෙන් තවත් වසර 5 දකින්න ජීවත්වෙන්නයි)

    • country man says:

      The triple gem will protect you.

    • somapala says:

      ඔබතුමා මට වඩා අවුරුදු අටක් වයසින් අඩුයි. ඔබතුමාට දීර්ගායුශ පතමි

  2. මාතර සුනිල් says:

    මේ ගෝටට කඩේ යන කමෙන්ට් කරන කිසිම කෙනෙක් පෞද්ගලික ලාබ ප්‍රයෝජන, වාසි බලාගෙන ඒ දේ කරනවා කියලා මම නම් හිතන්නේ නැහැ. මේ අයගේ එකම පැතුම සහ අභිලාශය නිදහස්, නිවහල්, දියුණු රටක්. නූගත් පිස්සෙක් රජ වුනොත් මේ රට නැත්තටම නැති වෙනවා.

  3. Nihal Dias says:

    People Republic of China and CPC is an outstanding friend. of our People of all Sri lankan.
    We welcome PRC investment all round way. After 70 years PRC has being second world largest Economy by guide-line of CPC set of wide range of policies and politics vision been implement by interest of PRC as well as people of world

Main News