චීන තානාපති ලේක්හවුස් පුවත ප‍්‍රතික්‍ෂෙප කරයි…

November 9, 2020 at 3:54 pm | lanka C news
චීන තානාපති ලේක්හවුස් පුවත ප‍්‍රතික්‍ෂෙප කරයි…

චීන ජනාධිපති වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේ සූම් තාක්‍සණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බවට ලේක්හවුස් පුවත්පතක් පළ කර ඇති පුවත කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්‍ෂය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඒකාබද්ධ සමුළුවක් පසුගිය 4 වැනිදා පැවැත්වූ ද ඒ සඳහා චීන ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා ජනාධිපති වරයා එක් නොවූ බවයි.

කෙසේ වෙතත් දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඉතා සමීප සම්බන්ධතාවක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

77,464 views

One Comment to “චීන තානාපති ලේක්හවුස් පුවත ප‍්‍රතික්‍ෂෙප කරයි…”

  1. jayalath says:

    රෙදි අපුල්ලන්න කලින් අහන සිරිතක් නැද්ද? (වැව ගාව ලොන්ඩරියෙ අයියලට කිව්වෙ)

Main News