චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ටයි.. එතුමාට එරෙහි ආණ්ඩුවේ ක්‍රියා පිළිකුල්.. – සරසවි ඇදුරෝ කියති

November 7, 2016 at 7:04 am | lanka C news
චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ටයි..  එතුමාට එරෙහි ආණ්ඩුවේ ක්‍රියා පිළිකුල්..  – සරසවි ඇදුරෝ කියති

චීනයෙන්  ශ්‍රී ලංකාවට  ලබා දුන් ණය ආධාර පිලිබඳ සමාජයේ පැතිර තිබු මිත්‍යා මත බිද හෙලමින් පසුගිය නොවැම්බර් 2 දින ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා සිදු කල ප්‍රකාශය ඇගයීමට ලක් කරන බවත් එය දෙරටේ මිතුදම තව දුරටත් වඩා වර්ධනයට හේතු වන බවත් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

තවද එම ප්‍රකාශය පදනම් කර ගනිමින් චීන තානාපතිතුමාට එරෙහිව යම් පාර්ශවයක් පියවරක් ගන්නේනම් එය පිළිකුලෙන් යුතුව හෙළ දකින බවද පුවත්පත් නිවේදනයේ දැක්වේ.

මේ එකී නිවේදනයයි.

nuta-press-release-2016

10 views

8 Comments to “චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ටයි.. එතුමාට එරෙහි ආණ්ඩුවේ ක්‍රියා පිළිකුල්.. – සරසවි ඇදුරෝ කියති”

  1. පහන් says:

    චීන තානාපතිගේ මේ ප්‍රකාශය රටේ ස්වාධීනතාවයට බලවත් තර්ජනයක්. මේ චීනයේ මේ මැදිහත්වීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුයි. අනෙක් විශ්ව විද්‍යාල අචාර්ය වරුන් චීනයට ශිෂ්්‍යත්වවෛනුවෙන් / චීන සංචාර වෙනුවෙන්චී නයට කඩේ යත්දී ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් රට වෙනුවෙන් මේ තැබූ පියවර අප අගය කළ යුතුයි.

    • සුමංගල says:

      අනේ පලයන් බන් යන්න අපි නය දුන්නේ සියට දෙකට අපේ ගාන වැඩිනම් ඇයි අපෙන් නය ඉල්ලන්නේ කියල අහන එක කොහොමද බොල රටේ ස්වාදිපත්යට හානියක් වෙන්නේ .එතකොට බෝලාගේ බටහිර තානාපතියෝ දවස ගානේ උතුරට ගිහිල්ලා එහෙ හමුදා කදවුරු ගලවන්න කියල කියන කොට ,මේ රටේ වියවස්තව වෙනස් කරන්න මේ රට ෆෙඩරල් කරන්න කියල කියනකොට බෝ හිටියේ කොහෙද ?ඒවගේ දේවල් රටේ ස්වාදිපතියට කරන ඇඟිලි ගැසීම් නෙවෙයිද ?

      රටේ ජනතාව රටේ දිර්ගකාලින මිතුරා වෙනුවෙන් නැගීසිටීම ඉතාම හොඳ ප්‍රවනතාවක් මෙමගින් ලෝක ප්‍රජාවට රටේ ජනතාව පණිවිඩයක් දෙනවා .ඒවගේම අපි චීන තානාපතිතුමාගේ ප්‍රකාශයට අපේ ප්‍රසාදය පලකරනවා .
      චීනයේ හොඳහිත නිසා රජයට උදවු කරනමුත් මේ අමෙරිකානු රුකඩ පාලකයන් තව දුරටත් රටේ මිනිසුන් චීනය කෙරෙහි බිදවිමට විරුද්දව ප්‍රවුර්ති සාකච්චාවක් පැවැත්වීම කලයුතුම දෙයක් .
      එදා චන්දය කාලයේ ඇමෙරිකානු පච යාන්ත්‍රණ චීනය ගැන මේ රටේ ජනතාවට බොරු කියා රටම මුලා කළා එනිසා අද රට මේ ආගාදයට වැටුනා .එදා මෙලෙස කරුණු නිවැරදි කලානම් අද මේ රට මෙසේ අවාසනාවන්ත තත්වයකට පත්වන්නේ නෑ .මේ පච යාන්ත්‍රණ නිසා මෝඩ වූ ලින් ගෙම්බෙක් තමා ඔය පහන් කියල කොඑම්න්ට් දාල තියෙන්නේ මිනිහා හරියට මේ ලිපිය කියවලාවත් නෑ .හැබැයි මිනිහා ඇමෙරිකානු හඬක් චීන විරෝදියෙක්

  2. kaniya says:

    සහතික ඇත්ත මේ දුර්දාන්ත රජය බලයට ආවේ කප්පරක් බොරු කියලා චීන භීතියක් මවල නමුත් ඇත්තට චීන භීතිය තියෙන්නේ ඇමෙරිකාවට සහ ඉන්දියාවට .එනිසා මේ රටේ මිනිස්සු බලල අත් ලෙස පාවිච්චි කරලා බොරු චීන භීතියක් මවල ඇමෙරිකානු සෙනෙහසක් පෙන්නලා රටේ ගොන්නුන්ව ඇන්දුවා .දැන් ඇමෙරිකාව රෝස් පාන් කෑල්ලක් වත් රටට දෙන්නේ නැති නිසා මේ පාලක ඇමෙරිකානු බැලයෝ බලන්නේ චීනෙන් නය ගන්න ගමන් ඔවුන්ටම අපහස කරලා රටේ මිනිසුන්ගේ අර චීන විරෝදය එහෙමම තියාගන්න .මොකද මුන් දන්නව ඊළඟ චන්දෙන් මුන්ට ඇපත් නැතිවෙන බව කියපු බොරු එකිනෙක අහුවෙනකල.

    රටේ මිනිස්සු බය වෙන්න ඕනා චීනයට නෙවෙයි ඔවුන් කවදාවත් අපිට දේශපාලන බලපෑම් කලේ නෑ රටේ කෑල්ලක් කොටින්ට දෙන්න කිව්වේ නෑ .රටේ මිනිස්සු බය වෙන්න ඕනා මිතුරු වෙසින් ආපු අමෙරිකානුවාට සහ පිළිකුල් සහගත ඉන්දියානුවාට උන්ගේ පාලම හදලා ගිවිසුම් ගහලා ආපුවාම අපේ ගොන් සිංහලයාට වෙන්නේ කන්න නැතිව ඉන්න

    • සුදත් දහනායක says:

      රටට සැබෑවටම ආදරය කරන දේශප්‍රේමින් රජයේ මේ චීන විරෝදයට එරෙහිව විරෝදය පලකල යුතුයි එසේම චීනය සමග වැඩි වැඩියෙන් මිතුදම් ඇතිකරගත යුතුයි .අප සැමගේ පොදු සතුරා බටහිරයන් සහ ඉන්දියාවයි .

  3. jagath says:

    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා රටේ ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාකළ චීන තානාපතිතුමාට අපගේ ප්‍රණාමය

  4. gamini hondaeka says:

    Great Replies .There is no tamil diaspora in china.So how much China gives us there are no conditions to fulfill.No demands from North

    • සිමෙන්ති ගල් says:

      අනිවාර්යෙන්ම දේමල ඩයස්පෝරාවක් නැති එලෙස ඩයස්පෝරා හැදෙන්න ඉඩක් නොදෙන චීනයට අපේ රටේ වියවස්තා වෙනස් කරන්න නීති වෙනස් කරන්න පිස්සුවක් නැත .එවැනි කාරනා ඉල්ලා රජයන් ප්‍රාණ ඇපයට ගන්නේ බටහිර බලවතුන්ය .මේ රජය බටහිරයන් ප්‍රාණ ඇපයට නොගන්නේ මේ රජය බටහිරයන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත රුකඩයන්ගේ රජයක් නිසාය එසේම බටහිරයන් ඉල්ලන්නත් පෙර ඒ දේවල් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඉටුකර දෙන සුවච කීකරු වහලුන් නිසාය .

      එනිසා බටහිරයන් මේ ආණ්ඩුවට හරිම ආදරෙයි විටින් විට ලංකාවට වදින ඔබාමාගේ නියෝජිතයන් අපේ ආප්පයා සහ මිස්ටර් බින් ව ප්‍රශංසා කර යන්නේ අන්න එනිසයි .අපේ ආප්පයාට එවැනි වචන මි පැණි මෙනි .

  5. Champa says:

    I fully agree with the contents of your Press Release, Channa.

    I too condemn any attempt to take action against the Chinese Ambassador based on his media briefing which received endorsement from all sections of the country.

    The Foreign Ministry, which didn’t have the backbone to take any action against the Indian High Commissioner and the US Ambassador for their direct involvement in politics and the “free speech”, trying to take action against the Chinese Ambassador who made a non-political statement is hilarious.

Main News