චීන තානාපති මහින්ද හමුවෙන්න එයි.. ඉඩම් මංකොල්ලයට විරුද්ද බව මහින්ද කෙලින්ම කියයි..
January 10, 2017 at 3:00 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය නිල නිවසේදී මෙරට චීන තානාපති හමුවිය.
එහිදි හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් ලබා දීම සම්බන්දයෙන් සාකච්චා වූ අතර හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දීමට ජනතාව සුදානම් නොමැති බවයි.
චීනය සමග ඇති තම හිතවත්කම එලෙසම පවතින බවද කී රාජපක්ෂ මහතා එහෙත් තම භූමිය අත්පත් කර ගැනීමට එරෙහිව ජනතා විරෝධය නොනවතිනු ඇතැයිද සදහන් කලේය.