චීන නියෝජිතයන් 26ක් පැමිණේ.. බලවත් පිරිසක් කියා නිරෝධායනය නොකරන බව සෞඛ්‍ය ඇමති කියයි..

October 8, 2020 at 10:29 pm | lanka C news
චීන නියෝජිතයන් 26ක් පැමිණේ.. බලවත් පිරිසක් කියා නිරෝධායනය නොකරන බව සෞඛ්‍ය ඇමති කියයි..

අද රාත්‍රී දිවයිනට පැමිණ ඇති චීන චීන රජයේ රාජතාන්ත‍්‍රික නියෝජිතයන් නිරෝධායනයට ලක් නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කළ ප්‍රශ්න කිරීමක දී ඇය මේ බව කියා සිටියාය.

ඔවුන් චීනයේදි කොරෝනා පරීක්ෂණ සිදුකර පැමිණෙන බවක් මෙරටද නැවත වතාවක් එම පරීක්‍ෂණ සිදුකරන බවත් සෞඛ්‍ය ඇමැතිවරිය පැවැසීය.

අද පස්වරුවේ චීන ගුවන් යානාවකින් 26 දෙනෙකුගෙන් සමන්විත චීන රාජතාන්ත්‍රික දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන රජයේ උසස් තනතුරු දරන පිරිස් සිටී.

එම නියෝජිතයන් හෙට දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීවටද නියමිතව ඇත.

එම හමු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස අනුගමනය කරමින් සිදුවන බවද සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

එම පිරිස දෙදින සංචාරය නිමා කර හෙට දිනයේම මෙරටින් පිටව යාමට නියමිතය.

69,803 views

35 Comments to “චීන නියෝජිතයන් 26ක් පැමිණේ.. බලවත් පිරිසක් කියා නිරෝධායනය නොකරන බව සෞඛ්‍ය ඇමති කියයි..”

  1. ක්‍රිමිනල් says:

    තැරිදාර පුන්නක්කු බෛයන්ට දැන් ශැපද ? ලෙසටම ඇන්දිච්ච් මෝඩ බෛයො දැන් ඇදං යට , පව් නේද බන් බෛයො ? 😂😂😂

  2. felix says:

    Wahal Baawaye Uparimayata Giya Ratak… Rajayak.

  3. RED BULL says:

    මේකෙ උදේ ඉඳන් රෑ වෙනකන් කොටන කොටළු සෙට් එක රටක රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ගැන දන්නෙ නැහැ.ලෝකයෙන් හුදකලා වෙලා ඉන්න ලිං මැඩි සෙට් එකක්.

    • Spirit says:

      චීන චීන රජයේ රාජතාන්ත‍්‍රික නියෝජිතයන් නිරෝධායනයට ලක් නොකරන්නේ මන්ද ? ඔවුන් මිනිස්සු නොවේද ?චීනයේ තමයි covid 19 ආරම්භය . අපේ රටේ ජාතික සම්පත් වැඩි හරියක් චීනෙට වසර 99 බදු දීලා තියන නිසාද ? මහින්ද තවත් රටේ කොටසක් චීනෙට බදු දෙන්න යනවද ? තව වසර 99කින් චීන බසත් ලංකාවේ රාජ්‍ය බසක් වේවි …දෙමල බස රජයේ බස වූ ලෙසම ..අපේ රටේ දේශපාලකයෝ අවස්ථාවාදීන් ..ඔවුන්ට අවශ්‍ය මුදල් සහ බලය පමණයි රටට හෙන ගැහැව්වත් කමක් නැහැ …චීන සේද මාවතට පාරකැපිමටද මේ නියෝජිතයෝ එන්නේ …හම්බන්තොට වරාය චීනෙට දුන්නේ ඒ නිසා නේද ?

    • Bai Bull says:

      Menna ekek… mona kalath hondai kiyana Bull baiyek

    • aniwa says:

      අනිව මචෝ
      අප්පච්චිටයි අපේ සර්ටයි ඕන විදියට රට දුව්න්න්නේ දැන් බැරිනම් රට පලයල්ලා
      රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කොහෙද වයිරස් හැදෙන්නේ
      චීන්නු හරිම අවංකයි අපේ සිංහල බෞද්ධ රට එක්සේසත් කරන්නමයි හැමදාම මේ වෙහෙසෙන්නේ
      මෝඩ ගුඑන් පී උන්ටයි ජෙප්පොන්ටයි ජෙල ඉතින්
      ජය වේවා සර්

    • ara soyza says:

      uba pal buruwek. ela harakek.

  4. Buwa says:

    අහ් අවුලක් නෑ..අපි නිරෝදානය වෙනවනේ…එයාලා ලොකු ලොක්කොනේ අමුතු මෙව්වා එකක් ඇති🤣🤣🤣🇱🇰

  5. Corona says:

    Even the most powerful President in the world had infected with the Corona Virus, are these felloew powerful than Trump or what is the assurance that they have not infected?
    Nonsense!

  6. Roshan perera says:

    @redbull nikan hari enne Kuwait hari Bahrain hari rajathantikayan nam balaganna tibba bayonge rajathantrika buddimattama

  7. Samyo says:

    චීන ‘ක්‍රමය’..

    චීන දූත පිරිසක් මේ වෙලාවේ කඩාගෙන බිඳගෙන ලංකාවට පැමිණීමත්, එහි නායකත්වය හිටපු විදේශ ඇමති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරක දරණ අයෙක් දැරීමත් විශේෂයකි. ඒ කොරෝනා වසංගතයෙන් පසු චීන දූත පිරිසක් දකුණු ආසියානු රටකට එන පළමු වතාව වීම නිසා පමනක්ම නොව, මේ පැමිනෙන මොහොත වෙද්දී, ඇමරිකාවෙදි ඉන්දියන් සාගරය සහ චීන බලපැම ගැන ලෝකයේ ප්‍රධාන රටවල් 4 ක විදෙස් ඇමතිවරුන්ගේ සැසියක් පැවතීමත් නිසාය. එනිසා චීනය මේ කරන්නේ, ‘ලංකාව අපේ’ කියන සංඥාව ඇමරිකාවට ලබා දීමත්, අපිට ‘ඉල්ලන් කන්නට’ සැලැස්වීමත්ය.

  8. මහසෝනා says:

    අපි දන්නෙ මෙච්චරයි අප්පොච්චා බාප්පොච්චලා එකතු වෙලා එක පැත්තකින් රට කනව…….රනිල සැර් මෛත්‍රී ග්‍රාමසේවක අනිත් පැත්තෙන් කැව .දැන් අපි පස් කමු

Main News