චීන පොහොර නැවට ගෙවන්න කෝටි 1300 ක් තබා සත 300ක් වත් නෑ…

December 20, 2021 at 3:27 am | lanka C news
චීන පොහොර නැවට ගෙවන්න කෝටි 1300 ක් තබා සත 300ක් වත් නෑ…

ප‍්‍රතික්‍ෂෙප කරන ලද පොහොර නෞකාව සදහා රුපියල් කෝටි 1300 ක් වන්දි ගෙවීමට තබා සත 300ක් වත් ගෙවිය නොහැකි තත්වයකට රට පත්ව ඇති බව රජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ගෙවනු ලබන වන්දි මුදල් අදාල වරදට වගකිවයුතු පුද්ගලයන්ගෙන් අයකර ගත යුතු බවද පවසන ඇමතිවරයා රටේ ධනයෙන් එවැන් මුදලක් ගෙවීම ජාතික අපරාධයක් බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

31,560 views

7 Comments to “චීන පොහොර නැවට ගෙවන්න කෝටි 1300 ක් තබා සත 300ක් වත් නෑ…”

  1. Sudesh Sanjeewa Hewagamage says:

    මල්ලියේ අපි කොහොමෙයි …. ලියන්නේ හිටන් ?

  2. Nilu says:

    ලංකාවේ මේ වගේ ක්‍රියාකාරකමක් අහනකොට මට හරිම දුකයි. මේ වැඩේ මහ කක්කා ගඳ ගහන දෙයක්.

  3. Monarch says:

    රාජ්‍ය ආයතන වලට පත්වෙන අය management එක වැරදි තීරණයක් අරං පාඩුවක් උනානම්, වන්දියක් ගෙවන්න උනානම් එක අය කරගන්න ඕනේ, ගෙවන්න ඕනේ රාජ්‍ය ආයතනයේ වැරදි තීරණය අරගත්ත අයගේ (management එකේ) පුද්ගලික ධනයෙන්. එහම නැතිව වරද කරපු ඒ රාජ්‍ය ආයතනයේ මුදල් වලින් නොවේ. වරද කරලා පැනල යන්න පුළුවන් ආයතයේ මුදලින් වන්දි ගෙව්වොත්. එක හරියන්නේ නෑ.

    ඒ වැරදි තීරණය නිසා රාජ්‍ය ආයතනයට පාඩුවක් උනානම්, හානියක් උනා නම්, වන්දියක් ගෙවන්න උනානම් ඒ වැරදි තීරණ ගත්ත අය සේවයෙන් ඉවත් කරන්න ඕනේ. නැවත රාජ්‍ය ආයතනයකට බදවා නොගත යුතු ය. තනතුරු ලබා නොදිය යුතුය.

    නැත්නම් වරද නැවත, නැවත කරනවා. එක නවත්තන ඕනේ. මොකත් බෑ, Subject එක ගැන මෙලොදෙයක් දන්නේ නෑ. එය තමා ලොක්කා, Section එකේ, Department එකේ…. එහෙමයි තනතුරු දෙන්නේ. Qualify උනාට වැඩ බැරි Tazanල ඉන්නේ. එහම අය ඉවත් කරන්න ඕනේ. වැඩ කරණ මනුස්සයට තැනක් නෑ. වැරදි තීරණ ගන්න රාජ්‍ය ආයතනවල තියෙන unionනුත් බලපානවා. සමහර කාර්යක්ෂම අය ඒ තනතුරු වලින් අයින් කරන්න බෑ. ඒ තරම් දේශපාලනය බලපාල. මේ අය ඉවත් කරන්න ඕනේ. ආකාරයක්ෂමතවයට මේවා හේතු.

    රාජ්‍ය ආයතන මම නම් ගනං ගන්නෙම නැ. සූප්පුව කටේ ගහන්න ඕනේ.. බබ්බු ඉන්නේ ගොඩක්…. බොරුව තම කරන්නේ…

    අනිත් එක රාජ්‍ය ආයතනවල testing labs international standards වලට පවත්වාගෙන යන්න ඕනේ.

  4. බයිසන් says:

    ඩොලර් මිලියන 6.5 නමි ගෙවන්න බැරිවෙන එකක් නැහැ. තවමත් ඩොලර් සංචිතයේ ඩොලර් මිලියන 700 විතර තියෙනවා. කොටින්ගෙන් එකතු කරගත්ත රත්තරන් කිලෝ ග්‍රෑම් 2000 තියෙන තැන සොයා ගත්තොත් ඒවා විකුණලා ඩොලර් මිලියන 115 ගන්න පුළුවන් වෙයි.

  5. පුරවැසියා says:

    ඔව්වොව්
    එහෙම තමා මෙච්චර දවසක් උනෙත්
    රාජ් සභාව පුරපතිගේ වියදමින් දැන් හදලා ඉවරය්
    විල්පත්තුව බදුර්දීන් ගේ වියදමින් වවලත් ඉවරය් .දැන් ආය මහා කැලයක්
    එතකොට වත්තල පදික මංතීරුව නැවත හැදෙවුවා ..
    ඒ වගේ ඕකත් ඒ ඒ අදාල අයම ගෙවය්
    අපි කලබලවෙන්න හොඳ නෑ නේද ?

  6. සහොදරය says:

    ඉක්මනින් ගෙවන්න කොමිස් ගන්න තියනවා.

  7. Gamarala says:

    ජනාදිපති වරු/ අගමැති වරු /මැති ඇමතිවරු /වසර 73ක් හොරා කාපු මුදල් නැවත ලබා ගැනීමෙන් රට දියුණු ක‍රන්න පුලුවන් වෙනවා.

Main News